• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනේ යැව්වා ගෝඨාව…! ට්‍රම්ප් යවයිද අනුරව? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

March 14, 2026
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
චීනේ යැව්වා ගෝඨාව…! ට්‍රම්ප් යවයිද අනුරව? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෝඨා ජනාධිපති වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති වුණාට පසුවය.Sri Lanka Latest News

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරට ජනාධිපති වුණේ අනුර කුමාර ජනාධිපති වුණාට පසුවය.

ඩොනල්ඩ් ට්‍රම්ප් හරිම අවාසනාවන්ත නායකයෙකි. ඔහුගේ පළමු නිල කාලයේ ඔහුට කිසිම වැඩක් පෙන්වන්න ලැබුණේ නැත. හේතුව 2020දී කොරෝනා වසංගතය ආ නිසාය. ඔහු හරියට කොරෝනා වසංගතය පාලනය කළේ නැත. කොරෝනා කාලයේදී ඇමෙරිකාව ආර්ථික අර්බුදයකට ලක්විය. 2021දී ට්‍රම්ප් ට්‍රම්ප්ටත් අදහාගත නොහැකි ලෙස පරාජයට පත්වන්නේ කොරෝනාවෙන් රට හෙම්බත් වී ඇමෙරිකානුවන්ට ට්‍රම්ප්ව අසාර්ථක පාලකයෙක් ලෙස පෙනුණු නිසාය.

දැන් ට්‍රම්ප්ගේ දෙවැනි නිල කාලයේ ඉරාන යුද්ධයක් ඇඟේ දමාගෙන ට්‍රම්ප් ඇමෙරිකාවේ පමණක් නොව ලෝක ආර්ථිකයත් අර්බුදයකට තල්ලු කරමින් සිටී. කොරෝනාවෙන් ලෝක නායකයන් තැති ගත්තා සේ ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධයෙන් ලෝක නායකයන් තැතිගෙන තිබේ. හේතුව ඉරාන යුද්ධයෙන් ඒ ඒ රටවල ආර්ථිකය කඩාවැටී ලෝක නායකයන්ට ඊළඟ ඡන්දයෙන් ගෙදර යන්න සිදුවනු ඇතිය කියන බියය. ට්‍රම්ප් කයිවාරු ගැහුවාට ට්‍රම්ප්ටත් දැන් ඒ බිය දැනෙමින් තිබෙනවාට සැකයක් නැත.

ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් නොහොත් 69%ක් ලබාගෙන ජනාධිපති වූ ගෝඨාභයට ජනාධිපති පුටුවෙන් පමණක් නොව රටින්ද පලායන්න සිදුවූයේ කොරෝනා නිසාය. කොරෝනා නිසා ලංකාවට විදේශ සංචාරකයන් නැතිවිය. විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලර් නැතිවිය. අපනයනයෙන් ලැබෙන ඩොලර් නැතිවිය. මේ නිසාම ලංකාව ගෙවිය යුතු වාර්ෂික ණය වාරිකය ගෙවන්න ලංකාවට විදේශ සංචිත නැති විය. තෙල් ගේන්න ගෑස් ගේන්න ඩොලර් නැතිවිය. ගෝඨාට ලංකාව බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට සිදුවිය. ගෝඨා ගෙදර ගියේ 69%ක් ගත් පොදුජන පෙරමුණ 3%ටත් අඩු කරලාය.

ගෝඨා 2019 ජනාධිපති වුණේ මහා රැල්ලකිනි. ඒ මහා රැල්ලට ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක වූ යූ.ඇන්.පී.යත් ශ්‍රීලනිපයත් හේදීගෙන ගියේය. ගෝඨා දිනපු දිනිල්ලට මිනිස්සු හිතුවේ රාජපක්ෂවරු තව අවුරුදු 25ක්වත් රට පාලනය කරයි කියාය. ගෝඨාට මිනිස්සු 69%ක් දුන්නත් ගෝඨාට රටක් පාලනය කරන්න අත්දැකීම් නැති බව ජනතාව තේරුම් ගෙන සිටියේ නැත. කොරෝනා නොවන්නට ගෝඨා අදටත් ජනාධිපතිය. මන්ද සාමාන්‍ය තත්ත්වයක් යටතේ රට දුවන සිස්ටම් එකට දිව්වා නම් ගෝඨාට කරන්න ලොකු වැඩක් නැත. සංචාරක ව්‍යාපාරයෙන්, විදේශ ශ්‍රමිකයන්ගෙන්, අපනයන ආදායමෙන් ලංකාවට ල ැබෙන ඩොලර් ටික ලැබුණා නම් ගෝඨාට රට ගැටගහගෙන යන එක මහා ලොකු කජ්ජක් නොවේ. ඒත් කරුමෙට කොරෝනා ආවේය. රට අසාමාන්‍ය විය. අසාමාන්‍ය තත්ත්වයක් යටතේ රට පාලනය කරන්න ගෝඨාට අත්දැකීම් තිබුණේ නැත. ගෝඨා ඔක්කොම අනාගත්තේය. අවසානයේ රට කඩාගෙන වැටෙනවා ගෝඨා දන්නේත් නැත.

අනුරත් ජනාධිපති වුණේ ගෝඨා ජනාධිපති වුණා වගේය. ගෝඨාට රැල්ල හැදුණේ පාස්කු බෝම්බය නිසාය. අනුරට රැල්ල හැදුණේ අරගලය නිසාය. ගෝඨා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ වූ යූ.ඇන්.පී.යත් ශ්‍රීලනිපයත් දියකරගෙන ජනාධිපති විය. අනුර ඒ වනවිට ලංකාවේ තිබූ බලවත්ම පක්ෂය වූ පොදුජන පෙරමුණත් එහි දේශපාලනඥයන්වත් දියකරගෙන ජනාධිපති විය. ගෝඨා දිය කළේ දිය කරන්න බැරි වූ ප්‍රධාන පක්ෂයය. අනුර දිය කළේ දිය කළ නොහැකි යැයි හිතපු රාජපක්ෂලාය.

ගෝඨා 2019 අග ජනාධිපති වී 2021 වනතෙක් කොරෝනා මැද්දේත් රට යන ක්‍රමයට රට පාලනය කළේය. ඒ කියන්නේ අවුරුදු දෙකකි. එහි කොරෝනාව ආ පළමු වසරේ ඔහු කොරෝනාවෙන් බේරෙන්න නොමිලේ එන්නත් ලබාදෙමින් දුප්පත් මිනිස්සුන්ට රු. 5000ක් දෙමින් ලොකු විරෝධයක් නැතිව රට පාලනය කළේය. ඔහුටත් මුලින්ම ආ ප්‍රශ්නය තෙල් ප්‍රශ්නයය. තෙල් මිල වැඩි නොකර තෙල් හිඟයකින් තොරව බෙදන්න බැරි බව ඇමැති මණ්ඩලයේ සතිපතා සාකච්ඡා විය. සලාක ක්‍රමයට තෙල් දෙන්න යෝජනා විය. එකල තෙල් ඇමැති වූයේ උදය ගම්මන්පිලය. ඔහු ණයට තෙල් ගන්න ලෝකය පුරා දිව්වේය. තෙල් අර්බුදයක් එන බව දැන දැන ගෝඨා තීරණ ගත්තේ නැත. එක්කෝ තෙල් මිල වැඩිකළ යුතු විය. නැත්නම් සලාක ක්‍රමයට තෙල් බෙදාහැරිය යුතු විය. ගෝඨා බයේ මේ දෙකම කළේ නැත. ටික දිනකින් තෙල් පෝලිම් පටන් ගත්තේය. ඉන් පසු ගෑස් පෝලිම් පටන් ගත්තේය.

අනුර ජනාධිපති වී දැන් හරියටම අවුරුද්දකුත් මාස 6කට ආසන්නය. අනුරත් රාජ්‍ය පාලනයට අත්දැකීම් නැති නායකයෙකි. ඒත් ජනතාව ඒක හිතුවේ නැත. අනුරත් ගෝඨා වගේ පළමු වසර රට යන ක්‍රමයට ගැටගහගෙන ගියේය. දැන් යළිත් අසාමාන්‍ය තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ, ඉරාන යුද්ධයෙන්ය. අනුරටත් පළමුවෙන්ම මුහුණ දීමට සිදුව ඇත්තේ තෙල් ප්‍රශ්නයකටය.

ලංකාවේ ආර්ථිකය අද තියෙන්නේ ගෝඨා 2019 භාරගත් තැන නොවේ. ගෝඨා 2022 පැන ගියේ රට බංකොලොත් කරලාය. බාහිර ආර්ථික බලපෑමකින් ලංකාවේ ආර්ථිකය යළි කඩාගෙන වැටෙන්න පුළුවන් යැයි අයි.එම්.එෆ්. ප්‍රධානීන් ලංකාවට එන සැරයක් ගානේ මන්තරය වගේ ජප කරයි.

ඉරාන යුද්ධය දිගට ඇදුණොත් අනුරටත් ගෝඨා මුහුණ දුන් අර්බුදයටම මුහුණ දීමට සිදුවේ. ඉරාන යුද්ධය දිගට ඇදුණොත් එය තෙල් සහ ගෑස්වලට කෙළින්ම බලපෑම් කරනු ලබයි. එහි ප්‍රතිඵලය බඩු මිල වැඩිවීමය. ඊළඟට මැදපෙරදිග විදෙස් ශ්‍රමිකයන්ට රැකියා අහිමි වීම් අනතුරක් ඇත. ඉරාන යුද්ධය දිගට ගියොත් එය සංචාරකයන්ට කෙළින්ම බලපායි.

‘අනුරටත් ගෝඨාට වුණු වැඩේ වෙයිද…?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි ඉරාන යුද්ධය අතරමගදී නතර වුණොත් අනුරට දැනට ප්‍රශ්නයක් නැත. ඒත් ඉරාන යුද්ධය විසින් නිර්මාණය කළ ලෝක ආර්ථික අර්බුදය හමුවේ අනුරගේ පළමුවැනි අවුරුද්ද තරම් දෙවැනි තුන්වැනි අවුරුදු ලෙහෙසි නැත. රනිල් ගහපු බදුවලින් අනුර භාණ්ඩාගාරය පුරවලා සල්ලි ඉතිරි කළේ ඡන්දයක් ළඟදී වියදම් කරන්නටය. ඉරාන යුද්ධය ඇදි ඇදී ගියත් නතර වුණත් යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස එන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න ලංකාව වගේ බංකොලොත් වුණු රටකට භාණ්ඩාගාරයේ ඉතුරු කරපු සල්ලි ප්‍රමාණවත් නැත.

හැබැයි මොන අර්බුද ආවත් ගෝඨා වගේ අනුර පැනලා යයි කියලා හිතන්න බැරිය. හේතුව ගෝඨා මෙන් නොව අනුර දේශපාලනඥයෙකි. එක්කෝ අනුර කරගන්නම බැරි නම් හිත හදාගෙන හදිසි ඡන්දයකට යනු ඇත. නැත්නම් නිල කාලය ඉවර වන තෙක් වැටි වැටී යනු ඇත. මේ නිසා විපක්ෂය කරන්න ඕනා රට භාරගන්න සූදානම් කිය කියා කොළඹට වෙලා පුවත්පත් සාකච්ඡා තියන එක නොව, ඊළඟ ඡන්දය දිනන්න ජනතාව සූදානම් කරන එකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත් සතියකට කලින් පාර්ලිමේන්තුවේදී කිව්වා හෝමුස් සමුද්‍ර සන්ධිය වහනවා ඉන්දියාවට රුසියාවට කතා කරලා තෙල් ගන්න සාකච්ඡා කරන්න කියලා! සජිත් එහෙම කියද්දි ආණ්ඩුව හිනාවුණා! විදේශ ඇමැති විජිත කිව්වා හෝමුස් වහන්නේ නෑ කියලා! අන්න දැන් විජිත ගිහින් රුසියා තානාපති හමුවෙලා තෙල් ඉල්ලලා! මේ විදිහට සජිත් දුරදිග දැකලා කියපු දේවල් කලින් කළා නම් කොච්චර දේවල් බේරගන්න තිබ්බද? VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ බය ඇමෙරිකාව වාසියට අරන්ද?Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.