• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිගටම මෙහෙම යනවද? වැඩක් ඇති දෙයක් කතා කරනවද? Sri Lanka Latest News

December 30, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
දිගටම මෙහෙම යනවද? වැඩක් ඇති දෙයක් කතා කරනවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ මේ වනවිට දින දෙක තුනක් පාර්ලිමේන්තුව පවත්වා ඇත. මේ දින දෙක තුන ඇතුළත පාර්ලිමේන්තු විවාදවලදී වැඩිපුරම කතා කළ ජාතික ප්‍රශ්නය හෝ ප්‍රශ්න කුමක්ද කියා පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන්ම විමසුවොත් ඔවුන්ගේ හෘද සාක්ෂියට අනුව ලබාගත හැකි පිළිතුර කුමක්ද? (Sri Lanka Latest News)

ඒ, ආචාර්ය උපාධි, අධිනීතිඥ තනතුරු සහ සපුමල් රංවල ප්‍රශ්නයයි. මීට අමතරව ජාතික වටිනාකමකින් යුත් ප්‍රශ්න විපක්ෂයෙන් මතු කළාද? ජාතික වටිනාකමකින් යුත් ප්‍රශ්නවලට ලබාදුන් විසඳුම් හෝ ලබාදෙන විසඳුම් ආණ්ඩු පක්ෂයෙන් පෙන්වා දුන්නාද?

හිටපු කතානායක අශෝක සපුමල් රංවල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් රංවල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්විය.

ඉන් පසුවද පාර්ලිමේන්තුවේදී විරුද්ධ පක්ෂයෙන් වාගේම ආණ්ඩු පක්ෂයෙන්ද කතා කළේ උපාධි පට්ටම් ගැනයි.
කතානායක ධුරය නොව පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයකු වීමට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවේ. අට පාස් නොව දෙක පාස් නම් ඕනෑම කෙනකුට වුවද ජනතා ඡන්දයෙන් පාරලිමේන්තුවට පැමිණීමට කිසිදු බාධාවක් නොමැත.

අශෝක සපුමල් රංවල මහතාගේ ආචාර්ය උපාධි ගැටලුව ගැන යම් සාධාරණ වේලාවක් මැතිසබය තුළ කතාකර ඉන් පසුව රටේ අනෙකුත් ගැටලු සාකච්ඡා කිරීමට හැකියාව තිබියදී ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් බොහෝ දෙනකු කළේ මැක්කාගේ කතාව වාගේ රංවල කතන්දරය දිගින් දිගටම මතු කිරීමය.
තමාට ආචාර්ය උපාධියක් නොමැති බවට රංවල මහතා ප්‍රකාශ නොකළ අතර, ඔහු කියා සිටියේ ඊට අදාළ ලියකියවිලි මේ අවස්ථාවේදී තමාට ඉදිරිපත් කළ නොහැකි බවයි. එම ලිඛිත ලියකියවිලි තමා අදාළ විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා ඇති බවත්, ඒවා ලැබුණු පසුව තමා එම ලියකියවිලි ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව රංවල මහතා එම ලියකියවිලි ඉදිරිපත් කරන තුරු ඔහුට අවස්ථාවක් ලබාදී මැතිසබය තුළ කළ යුතු වන්නේ ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්න දෙසට අවධානය යොමුකිරීමයි. නමුත් තවමත් මැතිසබයේ සැලකිය යුතු පිරිසක් කරගසාගෙන යන්නේ රංවලගේ ආචාර්ය උපාධි ප්‍රශ්නයයි.
අලි මදිවාට කොටි කියමින් අචාර්ය උපාධියට අමතරව වෛද්‍ය සහතික, අධිනීතිඥ සහතිකද ප්‍රශ්න කිරීමට පටන්ගෙන තිබේ.

කාවින්ද ජයවර්ධන වෛද්‍යවරයකු නොවන බවට ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් කෑකෝ ගහද්දී කාවින්ද ජයවර්ධන තම වෛද්‍ය සහතිකය සභාවට ඉදිරිපත් කළේය.

තමා අධිනීතිඥයකු නොවන බවත් ඒ නිසා තමාට අධිනීතිඥ යනුවෙන් ආමන්ත්‍රණය නොකරන ලෙසට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර දිගින් දිගටම ප්‍රකාශ කළද සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා දිගින් දිගටම හර්ෂණ ඇමැතුවේ අධිනීතිඥ හර්ෂණ නානායක්කාර කියමිනි.

මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවල අධිනීතිඥ හර්ෂණ නානායක්කාර යනුවෙන් සඳහන් කර ඇති නිසා එසේ අමතන බව අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළේය.
තමා රජයේ අධිනීතිඥවරයකු ලෙස කාලයක් රැකියාව කළ නිසා එසේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවේ සඳහන් කළ බවත්, එම තනතුර සහ අධිනීතිඥ වෘත්තිය පටලවා නොගත යුතු බවත් හර්ෂණ කියා සිටියේය. එසේ ප්‍රකාශ කළ හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා අජිත් පී. පෙර්රා මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ අජිත් පී. පෙරේරාගේ අධිනීතිඥ සහතිකය ඉදිරිපත් කරන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ව්‍යවස්ථාවේ කරුණු කිහිපයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තමා අධිනීතිඥවරයකු වන බවයි.
අධිනීතිඥ ධුරය ගැන නීතිඥවරුන් වන හර්ෂණ සහ අජිත් පී. පෙරේරා අතර ඇතිවූ සංවාදය සාමාන්‍ය ජනතාවට කෙසේ වෙතත් නීති ක්ෂේත්‍රයේ පිරිස්වලටද තේරුම් ගැනීම තරමක් අපහසු වී තිබිණි.

මේ අතර ආචාර්ය උපාධි තනතුරක් සහ රංවල මහතාගෙන් පසු කතාබහට ලක්වී ඇති නම වන්නේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාය.
ඔහුගේ නමට ඉදිරියෙන් ආචාර්ය උපාධියක් එක්කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයෙන් බවට චෝදනා එල්ල වුවද සන්නිවේදන අංශය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය මගින් එවන ලද ලේඛනයකට අනුව එම ආචාර්ය උපාධිය සඳහන් කළ බවයි.

ඒ නිසා හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා එය විමසිය යුත්තේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයෙනි.
මේ අතර සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සිය අධ්‍යාපන ලියකියවිලිවල පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු කියා සිටියේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන සහතිකවල පිටපත් නිසි ආකාරයෙන් සහතික කර තිබේද කියා සොයාබැලිය යුතු බවයි.

ඔය කියන ආකාරයට අධ්‍යාපන සහතිකවල ඔරිජිනල් පිටපත්ද කියා 225 දෙනාගේම සොයාබැලීමට ගියහොත් පාර්ලිමේන්තුවට වෙනත් රාජකාරියක් සිදුකිරීමට අවස්ථාවක් හිමි නොවේ.

එසේනම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ශාඛාවක් පාර්ලිමේන්තුවේ පිහිටුවිය යුතුය.
ආචාර්ය උපාධි, වෛද්‍ය උපාධි, අධිනීතිඥ තනතුරු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ඉදිරිපත් කරනු ලබන මෙම කෙස් පැළෙන තර්ක ජාතික ප්‍රශ්නවලදී රටේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවලදී ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු ජනතා නියෝජිතයන් කටයුතු කරනවා නම් කෙතරම් අගනේද?
පාසල් දරුවන්ට පොත්පත්, ලිපිද්‍රව්‍ය ලබාගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 6,500ක් ලබාදීමට ආණ්ඩුව ගත් තීරණය ගැන පාර්ලිමේන්තු ඡන්දය පැවැති දිනයේදී මාතෘකාවට අදාළව කතා කළේ ඉතාම සීමිත පිරිසකි.

දරුවන්ගේ අධ්‍යාපනය, පාසල් දිවා ආහාරය, නිල ඇඳුම්, දරුවන්ගේ පෝෂණය ඇතුළු දරුවන්ට ඉතා වැදගත් වන කරුණු රැසක් තිබියදී එම වැදගත් කරුණු පිළිබඳ 225 දෙනාගෙන්ම කතා කළේ කීයෙන් කීදෙනාද?

පාසල් දරුවන්ගේ අනාගතයට ඉතා වැදගත් වන යෝජනාවක් ආණ්ඩුවෙන් ඉදිරිපත් කර තිබියදී ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ගෙන්වත් මෙම මාතෘකාවට සාධාරණයක් ඉටු කළේ කීයෙන් කීදෙනාද?

ඔවුන් එදින බොහෝදුරට කතා කළේ දරුවන්ගේ අධ්‍යාපනයට වඩා 225 දෙනාගේ එක එක පට්ටම ගැනය.
මීට අමතරව අයි.එම්.එෆ් ඉදිරි කටයුතු, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, සහල් අර්බුදය, පොල් මිල, වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි ඇතුළු කරුණු රැසක් තිබියදී ආචාර්ය, අධිනීතිඥ පට්ටම් ගැනම කතාකිරීමෙන් පාර්ලිමේන්තු විවාදවලින් අපේක්ෂා කරන කරුණු ඉටුවේද යන්න ගැන සැකයක් ඇතිවීම සාධාරණය.
යළි ජනතා නියෝජිතයකුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන සැකයක් මතුවී තිබෙනවා නම් එය ඉතා කෙටියෙන් විසඳාගත යුතුය. පාර්ලිමේන්තුවේදී වුවද
විනාඩියෙන් දෙකෙන් ඊට අදාළ පිළිතුර ලබාදී අවසන් කළ යුතුය.

එසේ නොකර ජනතා නියෝජිතයන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන දීර්ඝ වශයෙන් සොයා බලනවා නම් එය කළ යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙරය.

නාමයෝජනා ලබාදීමේදී ඒ ඒ දේශපාලන පක්ෂවලින් නාමයෝජනා කමිටු නම්කරන අතර එහිදී මෙම අධ්‍යාපන සුදුසුකම් ගැන ඕනෑවටත් වඩා සොයාබැලිය හැකිය. එහිදී වැඩි වගකීමක් ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමිවේ.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාතෘකාවට අදාළව කතාකිරීම වාගේම කතාවට සූදානම් වන ආකාරය ගැනද දැඩි අවධානයක් යොමුකළ යුතුය.
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, අනුර බණ්ඩාරනායක, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, සරත් මුත්තෙට්ටුවේගම වැනි දේශපාලනඥයන්ගේ පැරැණි හැන්සාඩ් වාර්තා අධ්‍යයනය කරමින් ඔවුන් කතාවලට සූදානම් වූ ආකාරය සොයාබැලීම ඉතා වටින්නේය.
නව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව ගැම්මකින් කටයුතු කරන බව පෙනේ. මුල් දින දෙක තුළින් තමන් සාර්ථක ගමනක් යන බව ජගත් වික්‍රමරත්න මහතා පෙන්වා දී ඇති නමුත් ඉදිරියේදී ඔහු කටයුතු කරන ආකාරය අනුව ඔහුගේ අනාගතය තීරණය වනු ඇත.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

රනිල් කරපු දේ අනුරත් කරනවා! ඉතින් අපි හරි සතුටුයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දියාවත් චීනයත් හොල්මන් කරපු අනුරගේ ආණ්ඩුව! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.