• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවත් චීනයත් හොල්මන් කරපු අනුරගේ ආණ්ඩුව! Sri Lanka Latest News

December 29, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දියාවත් චීනයත් හොල්මන් කරපු අනුරගේ ආණ්ඩුව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Qin Boyong උප සභාපති Chinese People’s Political Consultative Conference ලංකාවට ආවේ අනුර කුමාර ඉන්දියාවේ සංචාරය කරද්දීය. ඇය අනුර ඉන්දියාවේ සිටි කාලයේ ආණ්ඩුවේ ඇමැතිවරු හමුවෙමින් ඇස ගසාගෙන සිටින්නට ඇත්තේ අනුරගේ ඉන්දියානු සංචාරය දෙසය. අනුර ඉන්දියාවේ සිටියදීම අනුරගේ උපන් ගම වන අනුරාධපුර තඹුත්තේගම චීන ආධාර ව්‍යාපෘතියක උත්සවයකදී වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ කීවේ ශ්‍රී ලංකාව සහ අනෙක් රටවල් අතර සබඳතා රාජ්‍ය දෙකක් අතර සබඳතාවක් වුවත් ජවිපෙත් චීනයත් අතර සබඳතා පක්ෂ දෙකක් අතර සබඳතා බවය. ජවිපෙත් චීනයත් අතර සබඳතාව ජවිපෙ වෙන කිසිදු රටක් සමග නැති බවත් එය ඓතිහාසික සබඳතාවක් බවත් ඔහු කීවේය. අනුර ඉන්දියාවේ සිටියදී අනුරගේ වෙළෙඳ ඇමැති අනුර ඉපදුණු ගමේ චීන නියෝජිතයන් ඉදිරිපිට මේ කතාව කීම අසාමාන්‍ය සිද්ධියකි. අනුර ඉන්දියාවේ සිට ආ විගස Qin Boyong අනුර හමුවිය. එම හමුවෙන් පසු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලංකාවේ තහනම් කොට තිබූ මැරිටයිම් පර්යේෂණ යළි ආරම්භ කිරීමට චීනය බලාපොරොත්තුවෙන් සිටිනා බවය. මෙම නිවේදනයට පසු කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කීවේ චීන පර්යේෂණවලට පනවා තිබූ තහනම රිලැක්ස් කරන බවය. නලින්දගේ එම ප්‍රකාශයට පසු ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහජන ආරක්ෂක ඇමැති හමුවිය. ඒ හමුව සිදුවූයේ Qin Boyong ගේ නිවේදනයට පසුවය. ඉන් පසු විදේශ ඇමැති විජිත හේරත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කීවේ පර්යේෂණ නැව් තහනම ඉවත් කර නැති බවය. ස්ටෑන්ඩර්ඩ් ඔපරේටින් ප්‍රොසීඩියර් එකක් හැදීමෙන් පසු එය ඉවත් කරන බව ඔහු කීවේය. ආරක්ෂක ලේකම්වරයාද කීවේ තවම විදේශ පර්යේෂණ නැව්වලට අවසර දීමට ආණ්ඩුව තීරණය කර නැති බවය. (Sri Lanka Latest News)

මෙයින් පැහැදිලි වන්නේ ආණ්ඩුව මුලින් චීන පර්යේෂණ නැව්වලට අවසර දී පසුව එය වෙනස් කරන බවය. සමහර විට අනුරගේ චීන සංචාරයට පෙර තහනම ඉවත් කරවා ගැනීමට චීනයට ඕනෑකම තිබෙන්න ඇත. දැන් චීනය දැඩි අපහසුතාවකට පත්ව සිටී. ඉන්දියාව චීනයට ලද පළමු අවස්ථාවේම තම ශක්තිය පෙන්වමින් සිටී.

නමුත් චීනයට මෙන්ම ඉන්දියාවටද මේ ආණ්ඩුව කියන්නේ කුමක්ද, කරන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් ගැනීම ලෙහෙසි නැත. මේ ආණ්ඩුව බලයට ඒමට පෙර කී දේ සහ දැන් කරන දේ අතර ලොකු පරස්පරයක් ඇත. ඔවුන් කී දේවල් ඔවුන්ම දැන් ප්‍රතික්ෂේප කරයි. චීනය හෝ ඉන්දියාවට මෙවැනි ආණ්ඩුවක් විශ්වාස කර තීරණ ගැනීම ලෙහෙසි නැත.

ඉන්දීය සංචාරයෙන් පසු ආණ්ඩුවේ ඇමැතිවරු ඉන්දියාව සමග ඒකාබද්ධ නිවේදනයේ සඳහන් බොහෝ දේට එකඟ නොවූ බවට ඇමැතිවරු විවිධ ප්‍රකාශ කරයි. රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් නැති ආණ්ඩුවක් සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන්න මෙය ඉන්දියාවට මෙන්ම චීනයටත් හොඳ පුහුණුවකි.

SendShareShare
Previous Post

දිගටම මෙහෙම යනවද? වැඩක් ඇති දෙයක් කතා කරනවද? Sri Lanka Latest News

Next Post

අයියා විදේශ රැකියා ඇමැතිකමේ සිටිද්දී රට යවනවා කියලා ලක්ෂ ගණන් වංචා කරපු මනූෂගේ මල්ලි අලුත් අවුරුද්ද ලබද්දීත් රිමාන්ඩ්! I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.