2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (05) පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.Sri Lanka Latest News
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුලු 5කට ලකුණු 326ක් ලබා ගත්තේය.
එහිදී විරාත් කෝලි සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තාවක් සම කරමින් සිය 49 වැනි ශතකය අද දින වාර්තා කිරීමට සමත් විය.
නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 83ක් පමණි.
අවසන් වරට ඉන්දියාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලටද ලබා ගත හැකි වූයේ ලකුණු 55ක් පමණි.










