රාජ්‍ය අමාත්‍යවරුන්ට විශේෂ පහසුකම් සලසමින් රජය නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කරන නිවේදනයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 02 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
ඒ, ඊට අදාළ නඩුව එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (21) කැඳවූ අවස්ථාවේදීයි.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
අදාළ ගැසට් නිවේදනයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකුට මසකට ලීටර 1500ක ඉන්ධන ලබාදීම, දුරකතන සබඳතා හතරක් ලබාදීම, පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා 11 දෙනෙකු ලබාදීම, කාර්යමණ්ඩල වියදම් වශයෙන් රුපියල් 40,000ක් ඇතුළු පහසුකම් සහ වරප්‍රසාද සලසා ඇති බව පෙත්සමෙන් සඳහන් කර ඇත.
lankasara