• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ 16%ක්! ආණ්ඩුවලින් තෑගි දීලා! ලක්ෂ 4ක් ගෙදර යවයි! රාජ්‍ය සේවය පරාජය වෙයිද? Sri Lanka Latest News

December 21, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාවේ 16%ක්! ආණ්ඩුවලින් තෑගි දීලා! ලක්ෂ 4ක් ගෙදර යවයි! රාජ්‍ය සේවය පරාජය වෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය සේවකයෝ කිව්ව ගමන් දැනෙන්නේ හරි අභිමානයක්. රාජ්‍ය කිව්වම නිකන් රජවෙච්ච ගතියක් තමයි දැනෙන්නේ. රාජ්‍ය සේවකයන්ට ලංකාවේ පැවරිච්ච රාජකාරි ගොඩක් තියෙනවා. ගුරුවරයාගේ ඉඳන් බොහෝ රාජ්‍ය සේවකයෝ. වෛද්‍යවරුනුත් රාජ්‍ය සේවකයෝ විදියට කටයුතු කරනවා. රාජ්‍ය සේවකයන්ට රජයෙන් පඩි ගෙවනවා. භාණ්ඩාගාරයෙන් ඒගොල්ලන්ගේ වැටුප සඳහා කොටසක් වෙන් වෙනවා. රාජ්‍ය සේවකයන්ව නඩත්තු කරන්නේ මහජනතාව කියලා තමයි සාමාන්‍යයෙන් අපේ මහජනතාව අතර මතයක් තියෙන්නේ. ජනතාව ගෙවන බදු මුදලින් තමයි රාජ්‍ය සේවකයෝ නඩත්තු වෙන්නේ. සමහර රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම් ආයිත්තම් පවා රජය මගින් ලබාදෙනවා. නිල ඇඳුමක් අඳින රාජ්‍ය සේවකයෝ ගැනයි මේ කිව්වේ. සමහර රාජ්‍ය සේවකයන්ට රජය සලකනවා මදි කියලා ප්‍රශ්නයක් තියෙනවා. සමහර රාජ්‍ය සේවකයන්ට රජය හොඳටම සලකනවා. අපේ රටේ රාජ්‍ය සේවකයෝ ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට ගත්තම 16%ක් කියලා තමයි ඇතැම් තැන්වල සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වගේ රටවල මේ අගය ඉතාම අඩුයි. ඉන්දියාවේ 9%ක් වෙනකොට, බංග්ලාදේශයේ සහ පාකිස්තානයේ 5%-6% වගේ ප්‍රතිශතවල තියෙන බව තමයි නිල නොවන ආරංචි මාර්ගවලින් අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ විදියට ඉතාම අඩු ප්‍රතිශයන් ගන්නා රටවල් තියෙද්දී ලංකාවේ 16%ක් බවට පත්වෙන්නේ ඇයි කියන එක මේ වෙලාවේ කතාබහට ලක්වෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මේ කතාබහට ලක්වෙන්නේ රාජ්‍ය සේවකයන් මගින් හදපු ආණ්ඩුවක් තියෙන නිසා ඒක මොන විදියට වෙයිද කියලා අපි දන්නේ නෑ. ඇයි මේ රාජ්‍ය සේවකයෝ මේ ආණ්ඩුව හැදුවා කියලා කියන්නේ? (Sri Lanka Latest News)

අපි දැක්කා තැපැල් ඡන්දය තියෙන රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රතිශතයන් ගත්තාම 80% ඉක්මවා ගිය ප්‍රතිශත අගයක් මේගොල්ලන්ට ලැබුණා තිබුණා. වෙනත් පක්ෂ සියල්ලටම 20%කටත් අඩු ප්‍රතිශතයක් ලැබෙනකොට 80%කට වැඩි ප්‍රතිශතයක් ලබාගන්න මෙවර බලය හිමිකර ගත්ත මේ මාලිමාවේ ආණ්ඩුවට පුළුවන් වුණා. ඒත් දැන් කතාබහ තියෙන්නේ ඊට වඩා වෙනස් විදියකට. රාජ්‍ය සේවකයන් ලක්ෂ හතරහමාරක්, පහක් විතර ඉවත් කළ යුතුයි කියන කතාබහ විවිධ තැන්වලදී මතුවෙමින් ඇවිල්ලා තියෙනවා. කවුරුහරි කෙනෙක් ඇහුවොත් එහෙම ඒක විශ්වාසයිද, ඇත්තටම එහෙම වෙයිද වගේ දෙයක් අපිටත් ඒක එහෙමමයි කියලා කියන්න බෑ. ඒකට හේතුව තමයි අපේ රටේ සමහර තීන්දු ගන්නේ අවසාන මොහොතේ හදවතින්. බුද්ධියෙන් තීරණ අරගෙන ඒක අවසානය දක්වාම රැගෙන යෑමේ අවස්ථා ඉතා කලාතුරකින් දකින්න ලැබෙන හින්දා මේ වගේ තත්ත්වයකදීත් මේ හදවතින් තීරණයක් අරගෙන සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ අපේ කට්ටියනේ, ඒගොල්ලන්ව අයින් කරන්න ඕනේ නෑ වගේ එකක්. ඒ වුණාට මේ රාජ්‍ය සේවකයන් ඉවත් කරනවා කියන එකට අත උස්සන්න කතා කළොත් බොහෝ දෙනෙක් අත උස්සන්න කැමැතියි. ඒකට හේතුව අපි දන්නවා රාජ්‍ය සේවකයෝ බොහෝ දෙනෙක් කරන්නේ රාජ්‍ය සේවයට එහා ගියපු තමන්ගේ පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන ඉන්න එක. රාජ්‍ය සේවය ඉතාම අකාර්ෂක්ෂමයි ලංකාවේ. ඒක සාමාන්‍ය දෙයක්. බොහෝ ආයතනවල රාජ්‍ය සේවය අකාර්යක්ෂම නිසා ඊට අතරමැදියන් මැදිහත් වෙලා මේ දේවල් වෙනස් කරමින් ඉන්නවා. ඒ වගේම රජයේ ආයතනයකට ගියාට පස්සේ යම් කිසි දෙයක් කරගන්න, ඒක කරගන්න එක තරම් අමාරු දෙයක් මේ ලෝකේ තවත් නෑ කියන එක අපි කවුරුත් දන්නවා. රාජ්‍ය සේවකයන් ප්‍රියමනාප නැති බව, රාජ්‍ය සේවකයන් උදව් නොකරන බව, රාජ්‍ය සේවකයන් තමන්ගේ රාජකාරිය ඉටු නොකරන බව, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉඳලා සියලු ආයතනවලට යන එන අයට දැකගන්න දැනගන්න අහගන්න ලැබෙන දෙයක්. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට තවත් චෝදනා තියෙනවා.

මේ විදියට රාජ්‍ය සේවකයන් ගැන කතාකරද්දී අපි දැක්කා වරක් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා රාජ්‍ය සේවකයෝ ගෙදර තියලා, ඒගොල්ලන්ට පඩි දුන්නත් ලංකාවේ යම් යම් ආයතනවලට ලාභයි කියලා. දැන් ලක්ෂ හතරහමාරක් කප්පාදු වෙන්න යන්නේ. රාජ්‍ය සේවකයෝ පත්කළේ කවුද? රාජ්‍ය සේවකයන්ට මේ රස්සාවල් දුන්නේ කවුද? අනව්‍ය විදියට රාජ්‍ය සේවකයෝ පිරිසක් මේ වෙලාවේ රස්සාවට දාලා මේ විදියට තියාගත්තේ කවුද කියන එක ගැන ප්‍රශ්න කළ යුතු තැනකට අපි ඇවිල්ලා තියෙනවා. ඇත්තටම රජයක් පත්වුණාට පස්සේ ඒ රටේ ඇමැතිවරු, මන්ත්‍රීවරු තමන්ගේ පෝස්ටර් ගහපු කෙනාගේ ඉඳලා උදව් කරපු හැමෝටම සුළු සේවකයාගේ සිට අධ්‍යක්ෂවරයා දක්වා තනතුරු පිරිනමනවා තෑගි විදියට. අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, වරාය. මේ වගේ ආයතන මේකෙදී විශේෂයි.

බොහෝ වෙලාවට අපි දන්නවා පාසල්වල, රෝහල්වල කිසි දවසක රස්සාවට නෑවිත් පඩි ගන්න අය ඉන්නවා. ඒ අයට කම්කරු රැකියා වගේ දේවල් තෑගි විදියට දීලා තියෙනවා. රජ්‍ය සේවකයෙක් විදියට රජයෙන් පඩියක් ලැබෙනවා. ඒ අයට විශ්‍රාම වැටුපක් තියෙනවා. මේ ඔක්කොම දීලා කරලා මේ තෑගි දුන්නේ තමන්ට උදව් කරපු නිසාවෙන් කියලා ඒගොල්ලොත් දන්නවා, මේගොල්ලොත් දන්නවා, කොයිගොල්ලොත් දන්නවා. නමුත් මේ ආණ්ඩුව එහෙම නොකරයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ඉතින් අපිට එහෙම කිසිම ආණ්ඩුවක් ගැන කිසිම දේශපාලකයෙක් ගැන විශ්වාස තියන්න පුළුවන් විදියට ලංකාවේ දේශපාලකයෝ එතෙක් මෙතෙක් හැසිරිලා නැහැ. අපි දන්නවා ඒ හැමෝම කරන්නේ තමන්ට අවශ්‍ය විදියට තමන්ගේ බඩ වඩාගන්න, තමන්ගේ කණ්ඩායමට සලකන්න, පවුලේ අයට උදව් කරන්න, උදව් කරපු අයට තවත් උදව් කරන්න කරන විවිධාකාරයේ උපක්‍රම. මේ වෙලාවෙත් එහෙම දේවල් ඕනේ තරම් ලංකාවේ සිද්ධ වෙනවා. අපි දකිනවා ලෝකේ රටවලත් එහෙම තමයි. හැබැයි මේ වෙලාවේ රාජ්‍ය සේවකයෝ ඉවත් කිරීම ගැන කතාබහට ලක්වුණාට මේක සිද්ධ වේවිද කියන එක සැක සහිතයි. රාජ්‍ය සේවකයන් ඉවත් කරන්න බැරි නම් අඩුම තරමේ සාධාරණ නියාමන ක්‍රමවේදයකටවත් යායුතු බව අපි ඔබට කලිනුත් කිව්වා. ඒ වගේම මේ රාජ්‍ය සේවකයන්ට දැන් වගකීමක් සහ යුතුකමක් තියෙනවා.

තමන් විසින් ආණ්ඩුවක් පත්කළා. තමන් ඡන්දෙ දුන්නා. තමන් රටේ වෙනසක් බලාපොරොත්තුවෙන් මේ බලය පෙරළීම සිද්ධ කළා නම්, ඒ වෙනස කරන්න පුළුවන් දේශපාලකයාට කියලා ඔබ හිත හිතා ඉන්නේ නැතුව තමන්ටත් ඒ වෙනස කරන්න පුළුවන් බව අපි කලිනුත් ලිපියකින් ලිව්වා. ඒ කියන්නේ ‘එයා අද නැහැ. එයා නිවාඩු. ඒ නිසා වැඩේ අද කරගන්න වෙන්නේ නෑ..’ කියලා ආපහු හරවලා යවන සිරිත අතහැරලා දාන්න. ඒ වගේම ‘අද මේ මහත්තයා නෑ, එයා එද්දී පරක්කු වෙනවා’ කියලා කිලිනොච්චියේ ඉඳන් කොළඹ ආවත් වැඩේ කරලා දෙන්නේ නැතුව තමන්ගේ කතාබහ එහෙමම කරගෙන යන රාජ්‍ය සේවකයෝ අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා. අවශ්‍ය නම් කොයි ආයතවලද, කොයි මොහෙතෙද, කවදාද කියන එකත් අපිට කියන්න පුළුවන්. එහෙම නෑ කියලා කෙනකුට තර්ක කරන්න පුළුවන් නම් කියන්න අපේ ආයතනය නම් මෙහෙම නෑ කියලා. එහෙම නැත්නම් ඇත්තටම හොඳයි. හැබැයි එහෙම තියෙන ආයතන ගොඩක් තියෙනවා. මේ කිලිනොච්චි කතාව සාක්ෂියක්. ඉතින් මේ විදියට රාජ්‍ය සේවකයෝ තමන්ගේ වැඩ පැහැරහරිනකොට සහ ඒ සේවකයෝ වෙනුවට ඉන්න ආදේශකයෝ තමන්ගේ වැඩ පැහැරහරිනකොට රාජ්‍ය සේවකයෝ විවිධ වංචාවල් දූෂණ හොරමැරකම් කරනකොට මේ රාජ්‍ය සේවකයන් ඉවත් කිරීම ගැන රටට හිතන්න වෙනවා. ඒකට හේතුව රාජ්‍ය සේවකයා කියලා කියන්නේ තවදුරටත් අත්‍යාවශ්‍ය කෙනෙක් නෙවෙයි. ඔහු රාජ්‍ය සේවය කියන වරප්‍රසාදය භුක්ති විඳිමින් තමන්ගේ එදිනෙදා කටයුතු ටික සාමාන්‍ය පරිදි කරගෙන යන, රාජ්‍ය සේවයට හෝ මහජන සේවයට අවශ්‍ය උදව් නොකරන කෙනෙක් වග සමාජයේ යම් කතාබහක් නිර්මාණය වෙලා තියෙන නිසා.

මේ ලිපිය ඇතුළේ කතා කරන්නේ නැති ඉතාම ගුණයහපත් රාජ්‍ය සේවකයන් යම් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඔවුන් තමන්ගේ සේවයට වගේම තමන්ගේ රටටත් අවංකව වැඩකරන මිනිස්සු බව අපි කවුරුත් දන්නවා. හැබැයි ඒ පිරිසට වඩා වැඩියි එහෙම නොකරන පිරිස. ඒ තියාගෙන එහෙම නොකරන පිරිස ඉවත් කරන්න හෝ ඒ පිරිස තියාගෙන එහෙම නොකරන පිරිස හඳුනාගැනීමට වැඩපිළිවෙළක් වහාම රටට අවශ්‍ය බව අපි ආයෙත් ඔබට කියනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජනාධිපති මාධ්‍ය අංශයට හොරු පැනලා? ලක්ෂ 1420ක කැමරා-ලැප්ටොප් ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් අතුරුදන්! I Sri Lanka Latest News

Next Post

“අම්බලන්ගොඩ අම්බලන්ගොඩ අම්බලන්ගොඩ….” අම්මයි තාත්තයි ජීවත් කරවන්න යකඩ මිනිස්සු එක්ක පොරබදන අවුරුදු 21 යකඩ කොන්දොස්තරවරිය! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.