කම්මුල් පහර ගැන විල් ස්මිත් සමාව ඉල්ලයි. ඔස්කාර් සම්මානයත් අහිමි වන ලකුණුඔස්කාර් සම්මාන උළෙලේදී නිවේදක ක්‍රිස් රොක්ට පහරදීමේ පසු විල් ස්මිත් තමන්ගේ හැසිරීම “පිළිගත නොහැකි සහ සමාව දිය නොහැකි” ක්‍රියාවක් බව පවසමින් ඔහුගෙන් සමාව අයැද තිබේ.
“මම ඔබෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න කැමතියි, ක්‍රිස්,” ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. “මම සීමාව ඉක්මවා ගිය අතර මම වැරදියි.” ක්‍රිස් ක්‍රියා සිටිනවා.ස්මිත් විසින් සමාව ඉල්ලීම සිදුකර තිබෙන්ලේ ඔස්කාර් චිත්‍රපට ඇකඩමිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්මිත්ගේ කියාව හෙළා දැක විධිමත් සමාලෝචනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.
විකට නළුවාගේ බිරිඳ වන ජාඩා පින්කට් ස්මිත් ගැන විහිළුවක් කිරීමෙන් පසු ස්මිත් වේදිකාවේදී රොක්ගේ මුහුණට පහර දුන්නේය. හිසකෙස් ගැලවී යාමේ රෝගී තත්වයකට මුහුණ දී සිටින ඇයව රොක් විසින් හාස්‍යය ලක් කිරීම මෙම ප්‍රහාරයට හේතු උනා.
“ප්‍රචණ්ඩත්වය සෑම ආකාරයකින්ම විෂ සහිත සහ විනාශකාරී ය” යනුවෙන් ස්මිත් විසින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අදහසක් පලකර තිබුනා. “ඊයේ රාත්‍රියේ ඇකඩමි සම්මාන උළෙලේදී මගේ හැසිරීම පිළිගත නොහැකි සහ සමාව දිය නොහැකි යි.
විහිළු කිරීම මගේ රැකියාවේ ද කොටසකි, නමුත් ජාඩාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විහිළුවක් මට දරාගත නොහැකි වූ අතර මම හැඟීම්බරව ප්‍රතිචාර දැක්වුවෙමි.” ස්මිත් තවදුරටත් කියා සිටිනවා. ස්මිත් රොක්ගෙන් සෘජුවම සමාව අයැද සිටියේ ඔහු සීමාව ඉක්මවා ගිය බව පවසමිනි. ඔහු ඇකඩමියෙන් සහ විලියම්ස් පවුලෙන්ද සමාව අයැද සිටියේය. ස්මිත්ගේ සමාව අයැදීමට පෙර, ඔස්කාර් සම්මාන උළෙලේ සංවිධායක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් ස්මිත්ගේ ක්‍රියාව හෙළා දකින බවයි.
“අපි සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සමාලෝචනයක් නිල වශයෙන් ආරම්භ කර ඇති අතර අපගේ අතුරු ව්‍යවස්ථා, චර්යා ප්‍රමිතීන් සහ කැලිෆෝනියා නීතියට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග සහ ප්‍රතිවිපාක ගවේෂණය කරන්නෙමු,” ඔවුන් ප්‍රකාශ කරනවා. මේ අතර, ස්මිත්ට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට ඇකඩමියේ පාලක මණ්ඩලය බදාදා රැස්වීමට නියමිත බව වාර්තා වේ.
ස්මිත්ගේ ඔස්කාර් සම්මානය ඉල්ලා අස්කරගත හැකි බවට ඇතැමුන් යෝජනා කර තිබුණත් එය කිසිසේත්ම කළ නොහැක්කකි. ඔහුගේ ඇකඩමි සාමාජිකත්වය අත්හිටුවීම වැනි මෘදු දඩුවමක් ඔහුට තවමත් ලබාදීමට හැකි නමුත්, ඔහුගේ සමාව ඉල්ලීමෙන් පසුව එය දැන් තවත් අඩු දඬුවමක් විය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.











