ජනතා ප්‍රශ්නවලට සැබෑ විසදුම් ලබා නොදී රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හරින ආණ්ඩුවට කිසිසේත්ම එකතු නොවීමටත්, එහි අමාත්‍ය ධූර ලබා නොගැනීමටත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කොට ඇත.
අද දිනයේදී පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.
කෙසේවෙතත් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසදුම් ලබා දීමට පාර්ලිමේන්තු කමිටු ක්‍රමයක් ස්ථාපිත කරන්නේ නම් ඊට සහාය ලබා දීමටද සජබ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීන්දු කොට ඇත.










