2015 ජනාධිපතිවරණය සමයේ රජයේ මුදල් අවභාවිතා කරමින් කැරම් බෝර්ඩ් සහ දාම් බෝර්ඩ් බෙදා දීමේ සිදුවීමක් සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මහින්දානන්ද අළුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණු අතර, 2025 වසරේ ජූනි පළමු වන දා හෝ ඊට ආසන්න දිනයක දී අදාල නඩු තීන්දුව කොළඹ මහාධිකරණය මගින් ප්‍රකාශයට පත් කරන ලදී.Sri Lanka Latest News
ඒ අනුව, මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විසි වසර සිරදඩුවමක් ද නලීන් ප්‍රනාන්දුට එරෙහිව වසර විසි පහක සිරදඩුවමක් ද කොළඹ මහාධිකරණය මගින් ලබා දෙන ලදී.
මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන අය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරන ලදී.
එම අභියාචනය දින තුනක් තිස්සේ විභාග වූ අතර, අද දිනයේ දී එකී අභියාචනය විභාග කිරීම අවසන් විය.
ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ අදාල අභියාචනයේ තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් නොකළ අතර, එය ඉදිරි දිනයක දි ප්‍රකාශ කිරීමට නියමිත ය.










