කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර විසින් උඩවලව ජාතික වනෝද්‍යානයේ සිදු කළ සංචාරයකදී, ඔහුගේ රථයට හැපුණු මුවෙකු මියගොස් තිබෙනවා.
වනෝද්‍යානය තුළ අධික වේගයෙන් රථය ධාවනය කිරීමත්, රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවීමත් නිසා මෙසේ මුවා හැප්පී ඇති අතර, එයින් වාහනයේ ඉදිරිපස වීදුරුවට දැඩි හානි සිදු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් විමසීමේදී එවැනි සිදුවීමක් වූ බව ඇමතිවරයා පිළිගත් බව කියනවා. එහෙත් එය සිදු වූයේ ජාතික වනෝද්‍යාන සීමාවෙන් පිටතදී බව සඳහන් කළ ඇමතිවරයා, වාහනයේ ඉදිරිපස වීදුරුවට හානි සිදු වූ පුවත සත්‍ය බව ද පවසනවා.
උඩවලව ජාතික වනෝද්‍යාන ආරංචි මාර්ගවලට අනුව මුවා හැප්පී ඇත්තේ වනෝද්‍යානය තුළ දී යි. එසේම වනෝද්‍යානය තුළට පස්වරු 6න් පසු ඇතුළු වීම තහනම් ව තිබියදී, මෙම අනතුර සිදු වී ඇත්තේ රාත්‍රී 8ට ආසන්න වේලාවක යි. ඉන්පසු වාහනය වනෝද්‍යානයෙන් පිටට පැමිණ ඇත්තේ රාත්‍රී 11ට පමණ බව එම ආරංචි මාර්ග පවසනවා.










