ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
රේගුවේ අකාර්යක්ෂමතාවය සහ දූෂණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
මේ වසරේ රේගුවෙන් බලාපොරොත්තු වන ආදායම රුපියල් බිලියන 1217ක් වන නමුත් මේ වන විට ලැබී තිබෙන්නේ බිලියන 655 ක් පමණක් බවද මන්ත්‍රීවරයා කීය.
ලංකාව වාහන ආනයනය නතර කර තිබුණත් වෙළෙඳපොළේ අලුත් වාහන තියෙන බවත් 2020 වසරේ නිෂ්පාදිත බී.එම්.ඩබ්ලිව්,මොන්ටෙරෝ ආදී අලුත් වාහන පවා එලෙස විකුණන්න තිබෙන බව කීය.
තහනම් කළාට පසුවත් මේ වාහන රේගුවෙන් එලියට ඇවිත් ඇතැයි කී මන්ත්‍රීවරයා මේ තත්ත්වය යටතේ රේගුව මොකටදැයි ප්‍රශ්නකළේය.










