• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලහත්කාරයෙන් හරි ‌යෞවන සමාජවල බලය අල්ලන්න ටිල්වින්ලා මේ විදිහට පොරකන්නේ ඇයි? ‘මව්රට’ රහස හොයාගත්තා! ‘රාජ්‍ය රහස්’ ටිල්වින්ගේ චීන ගමනේ රහස් මීට මාසයකට කලින් රටට හෙළිකළේ මෙහෙමයි! I Sri Lanka Latest News

August 11, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
බලහත්කාරයෙන් හරි ‌යෞවන සමාජවල බලය අල්ලන්න ටිල්වින්ලා මේ විදිහට පොරකන්නේ ඇයි? ‘මව්රට’ රහස හොයාගත්තා! ‘රාජ්‍ය රහස්’ ටිල්වින්ගේ චීන ගමනේ රහස් මීට මාසයකට කලින් රටට හෙළිකළේ මෙහෙමයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යෞවන සමාජ ඇල්ලීමේ හොරය

1978 ජේ.ආර්. ජයවර්ධන රජය පිහිටුවීමෙන් පසු තරුණ සේවා සභාව ආරම්භ කළේ මෙරට තරුණ තරුණියන්ට දේශපාලනයකින් තොරව සිය දක්ෂතා, කුසලතා ඔප්නංවාගෙන අනාගතය සකස් කරගැනීම අරමුණු කරගෙනය. එහි කෙදිනකවත් දේශපාලනයක් ගැබ්ව තිබුණේ නැත. යෞවන සමාජ නිලවරණයන්ට ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කවදාවත් සහභාගි වූයේ නැත. මැතිඇමැතිවරුන්ගේ පුතුන්, ඥාතීන්, පරාජිත අපේක්ෂකයන් ඒවායේ තනතුරුවලට රිංගවූයේ නැත. නමුත් වත්මන් මාලිමා රජය පිහිටුවීමෙන් පසු පළමු වරට රටේ ජනතාව යෞවන සමාජ නිලවරණයක් ගැන දැනුවත් වූයේ දිස්ත්‍රික්ක රැසකින්ම එම නිලවරණයන්හි බරපතළ අර්බුද මතුවූ බවට වාර්තා වී තිබීම නිසාය. එහිදී එල්ල වූ චෝදනාව වූයේ මෙම යෞවන සමාජවල නිලතලවලට සම්පූර්ණයෙන්ම මාලිමාවේ සහ ජවිපෙ හිතවතුන් දමාගෙන ඒවා දේශපාලනීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි කියාය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙම නිලවරණයන්ට සහභාගි වී කතාකරන ආකාරයත්, තරුණයන් ඔවුන්ට විරුද්ධව හූ තියමින් විරෝධය පළකරන ආකාරයත් මාධ්‍යවලින් ප්‍රචාරය කිරීම නිසා එම චෝදනාවල කිසියම් සත්‍යතාවක් ඇති බව මහජනතාවටද වැටහී ගොස් තිබිණි. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වන්නේ අසාර්ථක තරුණ කැරැලි දෙකකට නායකත්වය දීමෙන් පසු ජවිපෙ රජයක් යටතේම මේ ආකාරයට තරුණයන් සම්බන්ධ වී සිටින ව්‍යාපාරයකට දේශපාලන අතපෙවීම සිදුවීමය.Sri Lanka Latest News

ටිල්වින්ගේ සිහිනය

කෙසේවෙතත් බොහෝ දෙනාගේ විරෝධතා මැද වුවද ජවිපෙ මේ ආකාරයට ජනාධිපති බලය, ආණ්ඩු බලය සහ පළාත් පාලන ආයතනවල බලය පැවැතියදී පවා යෞවන සමාජවල බලයද අත්පත් කරගැනීමට උත්සාහ දරන්නේ ඇයි? කිසිවකුටත් මෙහි පිටුපස ඇති කතාව හඳුනාගත නොහැකිව තිබුණද, ඒ කතාව අප මීට මාස දෙකකට ඉතදී පළමු වරට ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට කටයුතු කළෙමු. ඒ, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චීනයේ කළ සංචාරයක් මුල් කරගෙනය. දවස් 13ක මෙම සංචාරයට ජවිපෙ මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර, එහිදී ඔවුන් චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා සම්මන්ත්‍රණ ගණනාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි.

මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවලදී ජවිපෙ චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් දිගකාලීන ජයග්‍රාහී පක්ෂයක් බවට පත්කරන ආකාරය පිළිබඳවත්, චීනය සහ ලංකාව විවිධ ව්‍යාපෘති හරහා ඒකාබද්ධ කරන ආකාරය පිළිබඳවත්, චීන ජනාධිපතිවරයා හා ලංකා ජනාධිපතිවරයා අතර සමීප හිතවත්කමක් ඇතිකරන ආකාරය පිළිබඳවත්, චීන කොමියුනිස්ට් පක්ෂ කාඩරය සමග ජවිපෙ කාඩරය ඒකාබද්ධ කරන ආකාරය පිළිබඳවත් බොහෝ සාකච්ඡාවන් සිදුව ඇති බව අපි අනාවරණ කර සිටියෙමු. ඒ අනුව අප අද පෙන්වා දෙන්නේ විවිධ චෝදනා මැද වුවද ජවිපෙ මේ ආකාරයට යෞවන සමාජ සිය පාලනයට ගැනීමට උත්සාහ දරන්නේ ටිල්වින්ගේ චීන සංචාරය අතරතුරදී ඇතිකරගත් එකඟතාවන් සහ සැලසුම් ක්‍රියාවට නැංවීමේ උපායමාර්ගයක් ලෙසට යැයි කියාය. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙය එහි ආරම්භක අදියර යැයි කියාය.

මේ අප ඒ සම්බන්ධව ඉකුත් ජුනි 29 වැනිදා රාජ්‍ය රහස් තීරය ඔස්සේ කළ හෙළිදරව්වය.

ටිල්වින්ගේ රහස්

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිදුකළ දින 10ක දීර්ඝ චීන සංචාරය පිළිබඳ විශේෂ තොරතුරු රැසක් වාර්තා කිරීමට අප පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ටිල්වින්ගේ චීන ගමනට පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද 26 වැනිදා හදිසි චීන සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටින බවට නිල නොවන ආකාරයේ තොරතුරු වාර්තා වෙමින් තිබෙන බවකි. කෙසේ වෙතත් මේ වනවිට අපට දැනගන්නට ඇත්තේ අනුරගේ එම හදිසි චීන ගමන අවසන් මොහොතේ අත්හැර දැමීමට තිරණය කොට ඇති බවය. මේ මොහොතේ එම චීන සංචාරය සිදු නොවන නමුත්, පසු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ජනාධිපතිවරයාගේ පැත්තෙන් තීරණය කර ඇති බවක්ද මේ වනවිට ආරංචිය. එම පණිවුඩය දැනටමත් චීන බලධාරීන්ට ලැබී තිබෙන බවක්ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ටිල්වින්ගේ චීන සංචාරය හදිසියේම සිදුවූ නිකන්ම නිකන් එකක් නම් නොවේ. අනුරගේ චීන සංචාරයට පසුව ටිල්වින් චීනය බලා පිටත්ව ගියේ අනුරට චීනයෙන් පොරොන්දු වූ ආධාර සහ සහන මල්ල සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීම සඳහාය. අනුරගේ චීන සංචාරයේදී හම්බන්තොටට පිරිපහදුවක් ඉදිකිරීම, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස ගොඩනැගීම, ඉදිකිරීම් ප්‍රමාද වීම හේතුවෙන් ගෙවීමට තිබූ හානිපූර්ණ මුදල් කපාදැමීම, පෝර්ට් සිටියේ ආයෝජන සිදුකිරීම ආදිය සිදුකිරීමට චීනය පොරොන්දු වුවද, චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු තීරයට ඇතුළු නොවීමට ඉඩ ප්‍රස්ථා ලබාදී නොතිබීම හේතුවෙන් අදාළ සහන පැකේජය ලබාදීම අත්හිටුවීමට චීනය කටයුතු කොට තිබිණ. මන්ද යත් චීනය සිය පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ ලබා නොදීම දැක තිබුණේ ඔවුන්ගේ අභිමානයට එල්ල කළ ප්‍රහාරයක් ලෙසටය. ආණ්ඩුව පැත්තෙන් කියැවෙන්නේ තවමත් ඊට අදාළ නිර්ණායකයන් ඇතුළත් සංශෝධනයන් සිදුකර නොමැති බවය.

කෙසේවෙතත් චීනය සමග ඉදිරි ගමනක් යෑම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ මත දෙකක් පවතින ආකාරයක්ද දැකගන්නට තිබේ. දැඩි චීන හිතවාදී ස්ථාවරයක සිටින ටිල්වින්, බිමල් කණ්ඩායම චීනය සමග ඉදිරියට යායුතු බවට වූ මතයේ සිටිද්දී හරිනි ඇතුළු ලිබරල් කණ්ඩායම සිටින්නේ බටහිර රටවල් සමග ඉදිරියට යායුතු බවට වූ ස්ථාවරයකය. ජනාධිපතිවරයා වශයෙන් අනුර සිටින්නේ මේ මත දෙකටම මැද තැනකය. ආණ්ඩුව ඇතුළේ චීනය සම්බන්ධයෙන් මෙවැනි කඹ ඇදිල්ලක් පවතිද්දී ටිල්වින් හදිසියේම චීනය බලා පිටත්ව ගොස් තිබුණේ ලොකු වැඩකටයුත්තකට බව මේ වනවිට චීනය පැත්තෙන් අපට ලැබෙමින් පවතින ආරංචිවලින් දැනගන්නට තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයන් සමග ටිල්වින් පැවැත්වූ සාකච්ඡාවලදී දැඩි වශයෙන් අවධානයට යොමුකර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඍජු සබඳතාවක් ගොඩනැගීම සම්බන්ධයෙන්ය. ඊට කළ යුතු කාර්යයන්, අනුගමනය කළ යුතු උපක්‍රමයන් සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට තිබේ. එහිදී ආරම්භයක් ලෙසට චීනය විසින් දියත් කොට ඇති ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ හෙවත් ‘එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රතිපත්තියට අනුගතව කටයුතු කිරීමට ටිල්වින්ගේ පැත්තෙන් කොළ එළිය දැල්වී ඇති බවක් දැනගන්නට ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීද දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුණු අතර, එවකදී ඊට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් ටිල්වින්ගේ චීන සංචාරයේදී නැවත වතාවක් මෙම බෙල්ට් ඇන්ඩ් රෝඩ් හෙවත් එක් තීරයක් එක් මාවතක් චීන ප්‍රතිපත්තිය යළි පණගැන්වීමට යෝජනා වී තිබීම විශේෂිතය. ජින්පින් සහ ජනාධිපති අනුර අතර සබඳතාව ගොඩනැගීමේ පළමු පියවර ලෙස ඊට අනුගත වීමට ලංකාව පැත්තෙන් එකඟතාව පළවී ඇති බවක් දැනගන්නට ඇත.

මීට අමතරව චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර හුවමාරු වැඩසටහන් රැසක්ද ආරම්භ කිරීමට මෙහිදී සාකච්ඡා වී ඇති බව පැවැසේ. එහිදී ජවිපෙ සාමාජිකයන් හට චීනයේදී විශේෂ පුහුණුවක් ලබාදීමට අමතරව රාජ්‍ය නිලධාරීන්ටද චීනය හරහා විශේෂ පුහුණුවක් ලබාදීමට යෝජනා වී ඇති බවක් දැනගන්නට ඇත. ඒ අනුව දෙරට අතර කිසියම් සහයෝගිතාවක් ගොඩනැගීම දෙපාර්ශ්වයේ බලාපොරොත්තුව වී තිබේ. එහි අවසන් අරමුණ වී ඇත්තේ ඒකාබද්ධ අරමුණක් වෙනුවෙන් දෙරට අතර ප්‍රජාවක් නිර්මාණය කිරීමේ ඉලක්කයය. ඒ හරහා දෙරටේ නායකයන් අතර සමීප සබඳතාවක් ඇතිකිරීම, චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර සමීප සබඳතාවක් ඇතිකිරීම පමණක් නොව, දෙරටේ රාජ්‍යතන්ත්‍රයන් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද ටිල්වින් සහ චීන බලධාරීන් අතර යම් එකඟතාවක් ඇතිවී ඇති බවද දැනගන්නට තිබේ. මෙම එකඟතාව හරහා ජනාධිපති අනුරගේ හදිසි චීන සංචාරය සැලසුම් වුණත් යම් යම් හේතු මත එය මේ වනවිට කල්ගොස් ඇති බවක් දැනගන්නට ඇත. නමුත් ජනාධිපතිවරයාගේ චීන සංචාරය අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී සිදුවීමට නියමිතව ඇති බවද ආරංචිය. එමෙන්ම ඉදිරි කාලසීමාවේදී ජවිපෙ මන්ත්‍රීවරුන් විශාල වශයෙන් චීන වැඩමුළුවලට සහ චීන සම්මන්ත්‍රණවලට සහභාගි වීමේ වාතාවරණයක්ද මේ වනවිට ගොඩනැගී තිබේ.

බදු වාසියක්

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හදිසියේම චීන සංචාරයක නිරත වීමට සැලසුම් කොට තිබුණද එය හිටිහැටියේම වෙනස් වූයේ ඇයි? ඇතැම් පාර්ශ්වයන් නම් කියන්නේ ලබන 03 වැනි දින ඇමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලබන තීරුබදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති නිසා ඊට පෙර ජනාධිපතිවරයා චීන සංචාරයක නිරත වීම සුදුසු නොවන බවට සලකා එම සංචාරය කල්දමා ඇති බවකි. ට්‍රම්ප් ඉරානයට පහරදීම, ලොව සියලු රටවලට ඉහළ තීරුබදු පැනවීම ආදිය සිදුකළේ චීනය ආර්ථිකමය වශයෙන් බිඳහෙළීමේ මෙහෙයුමේ කොටසක් ලෙස බව බොහෝ දෙනාගේ ස්ථාවරය වී තිබේ. එම නිසා යම් හෙයකින් ජනාධිපතිවරයා හිටිහැටියේම චීනය දෙසට හැරුණහොත් ඇමෙරිකානු තීරුබදුවලට එය අහිතකර ලෙස බලපානු ඇති බවක් අනුමාන කොට එම චීන සංචාරය කල්දමා ඇති බවක්ද දැනගන්නට තිබේ. ඒ කොයිහැටි වෙතත් ලබන සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත ට්‍රම්ප්ගේ ලංකාව සම්බන්ධ තීරුබදු ප්‍රතිශතයන් බොහෝ දුරට ලංකාවට වාසිසහගත අයුරින් සංශෝධනය වනු ඇති බව අපට ඇති ආරංචිවලින් වාර්තා වී තිබේ.

නැවට කොළ එළියක්

මේ ආකාරයට චීනය හා ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා අතර විවිධ එකඟතාවන් ඇතිවෙද්දී චීන පර්යේෂණ නෞකා සම්බන්ධයෙන්ද කිසියම් එකඟතාවක් මතුව ඇති බවක් බොහෝ දෙනාගේ අදහස වී ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කළ පුවත් තවමත් කිසිදු පාර්ශ්වයකින් අප වෙත ලැබී නැත. චීනයෙන් ලැබුණු ඉල්ලීම්වලට අනුව තවමත් ආණ්ඩුව සඳහන් කොට ඇත්තේ එම නෞකා ලංකා මුහුදු සීමාවට ඇතුළු කිරීම සම්බන්ධයෙන් වූ නිර්ණායකයන් සහ ගිවිසුම් සංශෝධනය කරමින් ඇති බවකි. ඊට අදාළ ගිවිසුම ප්‍රකාශයට පත්කිරීම තවත් කල් යනු ඇති බවක්ද එහිදී කියැවිණි.

රාජ්‍ය රහස් ජුනි 29

ඒ බව තහවුරු වන්නේ ටිල්වින් පසුගිය සතියේ සමාජ මාධ්‍ය සමග පැවැත්වූ සාකච්ඡාවක් හරහාය. එහිදී ටිල්වින් කියා සිටියේ සිය චීන සංචාරයේදී චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රබලයන් සමග සාකච්ඡා පැවැත්වූ බවත්, චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් ශක්තිමත් වීමට නම් ජවිපෙ තවත් මැතිවරණ තුන හතරක් ජයග්‍රහණය කළ යුතු බවත්, අවුරුදු 20ක්වත් රට පාලනය කළ යුතු බවත් ඔවුන් තමන්ට දැනුම් දුන් බවය. ඒ අනුව ටිල්වින්ගේ මේ වචනවලින්ද අප කළ අනාවරණය 100%ක් නිවැරැදි බව තහවුරු වේ. ඒ අනුව අපට දැන් බලා සිටීමට සිදුව ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය සියලු ක්ෂේත්‍රවල පාලන බලය සියතට ගැනීමට කටයුතු කළාක් මෙන් ජවිපෙද සියලු ක්ෂේත්‍රවල බලය අත්පත් කරගැනීම ආරම්භ කර ඇතැයිද යන්න කියාය. මෙම තොරතුර අප මෙවර වාර්තා කළේ මෙම සිදුවීම් දාමයේ මුල සිටම අප විසින් රටට තොරතුරු හෙළිදරව් කර සිටීම නිසාය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

සජිත් රස්සා දුන්නු නිසා රට වැටුණා කියපු මාලිමා මන්ත්‍රීගේ මුහුණටම ගණන් හදලා සජබෙ ප්‍රසාද් මාර උත්තරයක් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ක්‍රීඩා ඇමැති පත නයෙක් අරී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.