එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් සිදු වූ පරිසර හා ආර්තික හානිය සම්බන්ධයෙන් වූ නඩුව, සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර වෙළද අධිකරණයකට රැගෙන යාම අතාර්කික තීරණයක් බවට තීන්දු කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. Sri Lanka Latest News
එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය සම්බන්ධයෙන් නඩු පැවරීම සිංගප්පූරුව තුළ කළ යුතු යැයි දැඩිව අවධාරණය කර සිටියේ එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජේදාස රාජපක්ෂ යි.
මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සදහා පත් කළ විශේෂඥ කමිටුව, සිංගප්පූරුව තුළ නඩු පැවරීම සිදු කළ යුතු යැයි තමන්ට අවධාරණය කළ බව විජේදාස රාජපක්ෂ පැවසූවද, එය සත්‍යයක් නොවන බව, එවකට මන්ත්‍රීවරයෙකු වූ, වත්මන් ජනපති අනුර කුමාර දිසානායක, 2023 මැයි මාසයේ පැවති පාර්ලිමේන්තු විවාදය අතර ප්‍රකාශ කර සිටියේ ය.
එමෙන්ම, එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදය කඩා කප්පල් කිරීමට විජේදාස රාජපක්ෂ කටයුතු කළ බවටද අනුර කුමාර දිසානායක චෝදනා කළේ ය










