සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් අද දිනයේදී පාම් ගාඩ්න් හෝටලයට කැදවීමට එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
ඒ ඉදිරියේදී කළ යුතු වැඩ කටයුතු සම්බන්ධයෙන් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට වැඩමුලුවක් පැවැත්වීම සදහාය.
මෙහිදී දැනට රට තුළ මතුව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සහ ඒව කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම වැඩමුලුවෙහි දේශන පැවැත්වීම සදහා ආචාර්ය, මහාචාර්යවරුන් රැසක්ම එක්ව සිටින බවද දැනගන්නට ඇත.




















