රාජපක්ෂවරුන්ට ජනතාගෙන් එල්ල වී තිබූ දැඩි විරෝධය සමනය කරගැනීම සඳහා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරගත් රනිල් වික්‍රමසිංහ මහතාට ලොව කිසිදු රටක රාජ්‍ය නායකයකු මේ වනතෙක් සුබපැතුම් එක්කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා ඊයේ පැවැති ජන හමුවකදී පෙන්වා දුන්නේ ජනතා ඡන්දයෙන් තේරීපත් නොවූ වත්මන් අගමැතිවරයාට ජාත්‍යන්තරය තුළ ඇත්තේ අප්‍රසාදයක් බවයි.
ලාල් කාන්ත මහතාගේ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.










