ගංවතුරෙන් විපතට පත් ජනතාවගේ දුක සැප සොයා බැලීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේදී කුරුණෑගල පොල්ගහවෙල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී විනාශ වී ගිය නිවාස 2ක් යළි ඉදිකිරීම සදහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ලබා දීමට විපක්ෂනායකවරයා පොරොන්දු විය.
කෙසේවෙතත් ඊයේ දිනයේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ කබීර් හෂීම් මහතාගේ කතාව ඇසීමට විපක්ෂනායකවරයා පවා පාර්ලිමේන්තුවේ නොමැති බවකි.















