ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැතිකම රනිල්ට ලබා දුන්නේ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඩලස් අලහප්පෙරුම, නිමල් සිරිපාල සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ඊට කියවුණද ඔවුන්ට කිසිසේත්ම රාජපක්ෂවරුන් අගමැතිකම නොදෙන බවකි.










