කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) දාහක පද්ධතිය ජාත්‍යන්තර මට්ටමට අවශ්‍ය පිරිවිතරයන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බව සහතික කිරීමට මැදිහත් වන ලෙස පරිසරවේදීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.
ඊයේ (2) ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක ඔවුන් කියා සිටියේ හිටපු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන Taisei සමාගමට හිතවත් කොන්ත්‍රාත්කරුවන්ට එම කොන්ත්‍රාත්තුව ලබා දෙන ලෙසට අනිසි බලපෑම් කළ බවයි.
“ව්‍යාපෘතියේ විවිධ කොටස් සඳහා ගනුදෙනු කිරීමට ලැබුණු සෑම අවස්ථාවකදීම හිටපු ඇමැති චානකගේ මැදිහත්වීම හේතුවෙන් ව්‍යාපෘතිය මන්දගාමී ප්‍රගතියක් සහිතව විකාශනය වූ ආකාරය තවදුරටත් රහසක් නොවේ. Taisei සමාගම ප්‍රමාණවත් තාක්ෂණික දත්ත ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති අතර ටෙන්ඩර් ලේඛනයේ දක්වා ඇති පිරිවිතරයන්ට අනුකූල නොවන බාල දාහකයක් යෝජනා කර ඇති අතර එය බරපතල පාරිසරික ගැටළු ඇති කරන බව අපට විශ්වාසදායක ලෙස අවබෝධ කර දී ඇත.’ යනුවෙන් එම ලිපියේ සදහන්ය.










