ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් ඊයේ (07) සවස කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේදී පවත්වා ඇත.
එම පක්ෂයේ හිටපු සභාපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊට සහභාගි වී තිබේ.
වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දායකත්වය ලබාදිය යුතු ආකාරය සහ පළාත් පාලන මැතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී ඇතැයි වාර්තා වේ.










