• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවම අවුරුදු 36යි! කුඩු නඩු-ඝාතන නඩු-ගිනි අවි නඩු වැළයි! කැරොකෙ වසන්තටත් ගැහුවා! නාකොටික් රංගජීවටත් ගැහුවා! වැඩිම වියදමක් දරා බෙලරූස් ගිහින් ලංකාවට අරන් ආපු කවුද මේ ලොකු පැටී! I Sri Lanka Latest News

May 5, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ලොකු පැටී ලංකාවට ගොඩබහී! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා වෙඩි තබා ඝාතනය කිරීමට සැළසුම් කිරීම, අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයකදී කැරොකේ වසන්ත ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාලයේ ප්‍රබලයෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ‘ලොකු පැටී’ බෙලරූස් රාජ්‍යයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙරටට ඊයේ (04) රැගෙන ආවේය.Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් දින කිහිපයකට පෙර බෙලරූස් රාජ්‍ය බලා ගොස් ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත ඔහුව භාරගෙන මෙරටට රැගෙන ආ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

බෙලරුස්හි ආරක්ෂක අංශ වෙත ලොකු පැටී හසුවී ඇත්තේ පසුගිය ජූලි මාසයේ අග දීය. දේශසීමා පැන එරටට ඇතුළු වීමට උත්සහ ගැනීමකදී ඔහුව අත්අඩංගුවට ගන්නා විට තිබී ඇත්තේ වෙනත් පුද්ගලයකුගේ නමින් සකස් කර ඇති විදෙස් ගමන් බලපත්‍රයකි. එම විදෙස් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාවේ එකක් වූ බැවින් බෙලරුස් ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් මෙරට සමඟ කළ සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ මෙම අත්අඩංගුවේ සිටින පුද්ගලයා ශ්‍රී ලංකාවට අවශ්‍ය අපරාධකරුවෙක් බවය. ජාත්‍යන්තර පොලීසිය මඟින් ඒ වන විටත් ඔහුට එරෙහිව රතු නිවේදනයක් පවා නිකුත් කර තිබී ඇත.

ලොකු පැටී අත්අඩංගුවට ගැනීම බෙලරූස් පොලීසිය මඟින් ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා මෙරට දැනුම් දෙන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීය. මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධව ඇති ජාත්‍යන්තර පොලිස් ශාඛාවට ඔහු ගැන ලබාදුන් තොරතුරු ඔස්සේ සැබෑ ලෙසම අත්අඩංගුවේ සිටින්නේ ලොකු පැටීම දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ කිහිපයක්ම සිදුකර ඇත. ජායාරූප හඳුනාගැනීමක් මෙන්ම ඇඟිලි සලකුණු හඳුනාගැනීමක් ද ඒ අතර තිබී ඇත. අත්අඩංගුවේ සිටින්නේ ලොකු පැටීම බව තහවුරු වී ඇත්තේ ඇඟිලි සලකුණු පරීක්ෂාවකදීය. අපරාධ ලේඛනාගාරයේ ඇඟිලි සලකුණු අංශයේ ලේඛනගතව තිබුණු ලොකු පැටීගේ ඇඟිලි සලකුණු හා බෙලරූස්වලදී අත්අඩංගුවට ගත් සැකකරුගේ ඇඟිලි සලකුණු සැසදීමෙන් එම හඳුනාගැනීම සිදුව ඇත.

අනතුරුව ලොකු පැටී සම්බන්ධයෙන් ඇති අපරාධ වාර්තා සහ අධිකරණ වාර්තා බෙලරූස් රාජ්‍යයට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යොමු කරමින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සංවිධානය වී තිබේ.

ඒ අතර ලොකු පැටී බෙලරූස් රාජ්‍යයේ සරණාගතභාවය ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කර ඇත. එම අභියාචනය විභාග කර අවසන් වන තුරු ඔහුව මෙරටට භාරදීම දිගින් දිගටම කල්ගොස් තිබේ. මෑතකදී එම අභියාචනය ප්‍රතික්ෂේප විමත් සමඟ ලොකු පැටී භාරගන්නා ලෙස බෙලරූස් රාජ්‍යයෙන් නිල දැනුම්දීම මෙරටට ලැබී ඇති බවත් ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායම එරට බලා ගොස් ඔහුව මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

වෙනත් අපරාධකරුවෙක් මෙරටට රැගෙන ඒමට වැය වන මුදලට වඩා විශාල මුදලක් ලොකු පැටී රැගෙන ඒම වෙනුවෙන් මෙරටට වියදම් වී ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය. ඊට හේතුවී ඇත්තේ බෙලරූස් දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා පියාසර නොකරන බැවින් සැකකරු රැගෙන ඒමේ කටයුත්ත වෙනත් රටක ගුවන් සේවයක ගුවන් යානයකින් සිදුකිරීමට වී ඇති බැවිනි. ජාත්‍යන්තර ගුවන් නීති අනුව මෙවැනි සැකකරුවෙක් ගුවන් යානයකින් රැගෙන ඒමේදී අවධානම් ගාස්තුව විශාල වශයෙන් අයකරගෙන ඇති බව සඳහන්ය. බෙලරූස්වල සිට සැකකරු රැගෙන ඒමේදී මෙරටට ඍජු ගුවන් ගමනක් නොමැති වූ බැවින් විශාල අවධානමක්ද ඔහුව රැගෙන ඒමට ගිය පොලිස් කණ්ඩායම දරා ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය. එහිදී අදළ ගුවන් සමාගම් සහ ගුවන්තොටුපොළවලින් ලොකු සහයක්ද ලැබී ඇති බව සඳහන්ය.

මෙම ගමනේදී මෙරටින් ගිය පොලිස් කණ්ඩායම එරට රැදී සිට ඇත්තේ එක් දිනක් පමණක් බවත් ගුවන් තොටුපොළ ආසන්නයේ හෝටලයක නවාතැන්ගත් ඔවුන් පසුදින ලොකු පැටීව භාරගෙන ගුවන් යානයට නංවාගෙන මෙරටට ගෙන ඒමේ මෙහෙයුම දියත්කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. හරක් කටා සහ පානදුරේ කුඩු සළිඳු මැඩගස්කරයේ සිට රැගෙන ඒමේදී තරම් ලොකු පැටීව රැගෙන ඒමේදී නිලධාරීන්ට දුෂ්කර වී නැති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය. ලොකු පැටී කළබලයකින් තොරව මෙරටට එනතුරු නිහඬව සිට ඇති බවද තතුදත් තොරතුරු අනාවරණය කළේය.

බෙලරූස් රාජ්‍යයේ සිට ඩුබායි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ වෙත ලොකු පැටී රැගෙන විත්, එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් උදෑසන 07.48ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ඔහුව රැගෙනවිත් තිබුණි.

ලොකු පැටී රැගෙන ආ ගුවන්යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ගොඩබැස්සවූ පසු ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්ෂාවෙන් අනතුරුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගුවන්තොටුපොළේදීම ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර අත්අඩංගුවට ගත්තේය. අනතුරුව ලොකු පැටී විමර්ශන කටයුතු සඳහා භාර කෙරෙන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙතය. ඒ ඔහු සිදුකළ ප්‍රධාන අපරාධ කිහිපයක්ම බස්නාහිර පළාත් දකුණු දිසාව තුළ සිදුව ඇති බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටි ලොකු පැටී ගුවන්තොටුපොළේදී භාරගත් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දැඩි ආරක්ෂාවක් සහිතව නුගේගොඩට රැගෙන ඒමට පියවර ගත්තේය.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ 07 වැනි රෙජිමේන්තුවේ සේවයේ නිරතව සිටියෙක් වන ලොකු පැටී , අහුන්ගල්ලේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන්නෙකි.

කුලී ඝාතකයෙක් ද වන ලොකු පැටීට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩු රැසක් විභාග වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඒ අතර 2016 වසරේ මැයි 21 වැනිදා වැලිපැන්නේදී හෙරොයින් ග්‍රෑම් 23ක් සන්තකයේ තබාගැනීම, ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාගවන බවත්, 2017 වසරේ මැයි 09 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ප්‍රධානී ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට පිළියන්දලදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, එහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක් සහ අසළ වෙළෙඳසලක සිටි කුඩා දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ලොකු පැටීට එරෙහිව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවත් විභාග වේ.

ගිනි අවි සන්තකයේ තබා ගැනීම

මේ හැරුණු කොට 2017 වසරේ ජුනි 15 වැනිදා හෙරොයින් ග්‍රෑම් 299ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් ද කළුතර මහාධිකරණයේ ද 2021 වසරේ ඔක්තෝබර් 08 වැනිදා වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ රිවෝල්වරයක් සමඟ පතොරොම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩු දෙකක් ඔහුට එරෙහිව විභාගවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

නඩු විභාගවන මෙම අපරාධ සියල්ලක්ම ඔහු මෙරට රැඳී සිටි කාලය තුළ සිදුව ඇති අතර තවත් අපරාධ රැසක් ඔහු රටින් පලාගොස් විදේශයක රැඳී සිටිමින් මෙහෙයවා ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම අපරාධ අතර 2022 වසරේ අගෝස්තු 24 දා අහුංගල්ලේදී පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදුකිරීමක්, 2022 වසරේ සැප්තැම්බර් 23 වෙනිදා අහුංගල්ලේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමක්, 2022 වසරේ ඔක්තෝබර් 12 වෙනිදා අහුංගල්ලේදී ටී 56 අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම, 2024 වසරේ ජනවාරි 18 වෙනිදා අම්බලන්ගොඩදී මාළු ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීමට තැත් කිරීම, සහ අතුරුගිරියේ ටැටූ මධස්ථානයකදී 2024 වසරේ ජූලි 08 වෙනිදා ටී 56 අවි දෙකකින් වෙඩි තබා කැරොකේ වසන්ත ඇතුළු දෙදෙනෙක් ඝාතනය කිරීම සහ සිව් දෙනෙකුට තුවාල සිදුකිරීම ඇතුළු අපරාධ රැසක් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම අපරාධ සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන පවත්වා ලොකු පැටීට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ වන විට තවත් පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වන රොටඹ අමිල රුසියානු පොලිස් අත්අඩංගුවේ සිටියි. පසුගිය මාර්තු මාසයේදී රුසියානු පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර පොලීසිය මඟින් මෙරටට ඔහු ගැන දැනුම්දී තිබිණි. ඔහුව මෙරටට ගෙන ඒමට අවශ්‍ය සියලු කටයුතු ලබන 26 වැනිදා වන විට අවසන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබේ. 26 වැනිදායින් පසු ඔහුව මෙරටට ගෙන ඒමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

වසර 07ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට බලපිටිය අධිකරණයෙන් පසුගිය වසරේ දෙසැම්බර් 09 වැනිදා ඇප ලැබීමෙන් අනතුරුව බෝට්ටුවක නැගී නීති විරෝධී ලෙස මෙරටින් පලාගොස් ඉන්දියාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන සිටින පොඩි ලැසී මෙරටට පිටුවහල් කර ගැනීමට අවශ්‍ය කටයුතුද මේ වන විට සිදුවෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. පොඩි ලැසී බේරා ගැනීමට මෙරටින් නීතිඥයන් කිහිප දෙනෙක් ඉන්දියාවටද ගොස් තිබුණු අතර අද (05) දින ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ඉන්දියාවේදී සිදුවන බව එරටින් ලැබෙන තොරතුරු සඳහන් කළේය. එම නඩුවේදී ලැබෙන තීන්දුව අනුව පොඩි ලැසී මෙරටට පිටුවහල් කිරීම තීරණය වනු ඇත.

SendShareShare
Previous Post

ලක්ෂ 3ක් ආවා මාලිමා මැයි රැළියට! ඒ වුණාට මම දන්නෙ නෑ හරියටම ආපු ගණන! ආවා.. ආවා.. තව එකක් එළියට ආවා..! VIDEO I Sri Lanka Latest News

Next Post

කිසිවකට සමකළ නොහැකි පූජනීය බෞද්ධ ධාතු කොටස් 300ක් වෙන්ද්සි කරන්න සියල්ල ලෑස්තියි! සොයාගෙන තියෙන්නේ බුදුන් වහන්සේගේ ධාතූන් තැන්පත් කිරීමට ශාක්‍ය වංශිකයන් ඉදිකළ ස්තූපයකින්! Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.