• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරෙන්තු පිට ඩුබායි හැංගිලා හිටපු එතනෝල් ජාවාරම්කරුව ලංකාවට අරන් ආ ඇමැතියි-මන්ත්‍රීයි කවුද?

January 25, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
වරෙන්තු පිට ඩුබායි හැංගිලා හිටපු එතනෝල් ජාවාරම්කරුව ලංකාවට අරන් ආ ඇමැතියි-මන්ත්‍රීයි කවුද?
Share on WhatsAppShare on Facebook

අනවසරයෙන් එතනෝල් ආනයනය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා පලාගොස් සිටි ජයලත් ක්‍රිෂාන් පිරීස් නැමැත්තා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණීම මේ වන විට බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් පුවතක් බවට පත්ව ඇත. ඒ අධිකරණ වරෙන්තු මත සිටින සැකකරුවෙකු වන ක්‍රිෂාන් පීරිස්ට ගුවන් තොටුපොළින් පිටතට පැමිණීමට රජයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු උදව් කළ බවට ආරංචි පැතිර යාමත් සමඟිනි.

කවුරුත් දන්නා පරිදි ජයලත් ක්‍රිෂාන් පීරිස් යනු ශ්‍රී ලංකාවට අනවසර එතනෝ ල් ගෙන්වීම සම්බන්ධයෙන් නම ගිය පුද්ගලයෙකි. බොහෝ දෙනා ඔහු හඳුන්වන්නේ කුප්‍රකට එතනෝල් ජාවාරම්කරුවෙකු ලෙසිනි. ඒ සියලු කටයුතු ඔහු සිදු කළේ දේශපාලන හිතවත්කම් යොදා ගනිමින් වන බවද ප්‍රසිද්ධ රහසකි. එම ජාවාරම් හේතුවෙන් ක්‍රිෂාන් පීරිස් කිහිප වරක්ම අත්අඩංගුවට පත් වී ඇති අතර ඔහුට එරෙහි නඩු කිහිපයක්ද තවමත් අවසන් වී නැත.

2015ට පෙර පැවැති මහින්ද රාජපක්ෂ පාලන යුගයේ සිටම මෙම ජාවාරම් ජයට පවත්වා ගෙන ගිය ඔහු ආණ්ඩු මාරුවෙන් පසුවද, එම ජාවාරම් ඒ ආකාරයෙන්ම සිදුකර ගෙන යෑමට සමත් විය. ඒ යුගයේ සිටම ක්‍රිෂාන් පීරිස් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටය. අරුන්දික ප්‍රනාන්දු මහතාව යහපාලන රජයට සම්බන්ධ කරවීමේ කපුකම සිදු කළේද ක්‍රිෂාන් පීරිස් බවට ඒ දිනවල තොරතුරු වාර්තා විය.

තම දේශපාලන හිතවත්කම් භාවිතා කරමින් එතනෝල් ජාවාරම ජයටම සිදුකර ගෙන ගිය ක්‍රිෂාන් වර්තමාන රජය පත්වීමෙන් පසු නැවත ආරම්භ වූ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයටද තේරී පත් වීම විශේෂත්වයක් විය. ඒ පිළිබඳව රජය පත් කිරීමට පෙනී සිටි භික්ෂූන් වහන්සේ පවා තම විරෝධය ප්‍රසිද්ධියේ දක්වන්නට විය.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රේගු අධ්‍යක්ෂ ධුරය ඇතුළු බොහෝ උසස් තනතුරු සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් පත්කිරීම හේතුවෙන් ක්‍රිෂාන් පිරීස් ඇතුළු කණ්ඩායමටද තම ජාවාරම් ඒ ආකාරයෙන් පවත්වා ගෙන යෑම අසීරු විය. මේ අතර ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් සමාගමට අයත් සීදූව අංගණයේ තැන්පත් කර තිබූ මත්පැන් බෝතල් තොගයක් අතුරුදන් වීම සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු බවටද ක්‍රිෂාන් පීරිස් නම් කර තිබිණි.

කොයි ආකාරයෙන් හෝ ඩුබායි රාජ්‍ය වෙත පලායෑමට ක්‍රිෂාන් පීරිස් කටයුතු කළේ මේ අතරතුරේදීය. ඩුබායි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන තිප්පොළ ලෙසටය. එතනෝල් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ක්‍රිෂාන් පීරිස් පලාගියේද ඒ ඩුබායි වෙතටය.

ඩුබායි වෙත පලාගිය ක්‍රිෂාන් පීරිස් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 10 වැනිදාය. දැන් රජයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ඒ ආකාරයෙන් ක්‍රිෂාන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට උදව් කළා යැයි කියාය.

ක්‍රිෂාන් පීරිස් ඩුබායි සිට මෙරටට පැමිණ ඇත්තේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති මධුර විතානගේ මහතාද එම ගුවන් යානයේම ඩුබායි සිට මෙරටට පැමිණ ඇත. දැන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකු චෝදනා කරන්නේ විතානගේ මහතා ඩුබායි වෙත ගොස් ක්‍රිෂාන් පීරිස් රැගෙන ආ බවටය. එමෙන්ම ගුවන් තොටුපොළින් පිටතට පැමිණිමේදී ක්‍රිෂාන් පීරිස් පිළිගැනීම සඳහා ඔහුගේ දේශපාලන හිතවතා වන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැමිණි බවටද චෝදනා එල්ල වෙමින් ඇත.

අප දන්නා පරිදි රටේ සාමාන්‍ය නීතිය අනුව සිදුවන්නේ වරෙන්තු මත රටින් පලාගොස් සිටි සැකකරුවෙකු නැවත පැමිණීමේදී ගුවන් තොටුපොළේදීම අත්අඩංගුවට ගැනීමය. නමුත් ක්‍රිෂාන් පීරිස් සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වී නොතිබීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කළ යුතුය. විශේෂ නියෝගයක් ලබා ගනිමින් ක්‍රිෂාන් පීරිස් පොලිස් භාරයට පත් නොවී ගුවන් තොටුපොළෙන් එළියට ගැනීමට ඔහුගේ නීතිඥයන් සමත් වී තිබීමද පුදුමයට කරුණකි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් මධුර විතානගේ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි. එහිදී ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් එම ගුවන් යානයේ පැමිණි බව සත්‍ය නමුත් ක්‍රිෂාන් පීරිස් ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා වන බවය. එහෙත් තමන් ගුවන් යානයේ ක්‍රිෂාන් පීරිස් සිටිනු දුටු බවද විතානගේ මහතා සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සම්බන්ධ කර ගැනීමට අප බොහෝ උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. අරුන්දික ප්‍රනාන්දු මහතාට අයත් දුරකතන අංක තුනම ක්‍රියා විරහිත කර තිබූ අතර විතානගේ මහතාගේ දුරකතනය නාද වුවද, ඊට කිසිවකු ප්‍රතිචාර දැක්වූයේ නැත.

රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් වංචා කළා යැයි චෝදනා එල්ල වී ඇති මෙවැනි ජාවාරම්කරුවෙකුට උදව් කළා යැයි රජයේ ප්‍රධානීන් දෙදෙනකුට මේ ආකාරයෙන් චෝදනා එල්ල වීම බරපතළ කාරණාවකි. දැන් රජය කළ යුත්තේ මෙම චෝදනා සම්බන්ධයෙන් වහා පරීක්ෂණ පැවැත්වීමය. එම ප්‍රධානීන් පවසන ආකාරයට ඔවුන් නිවැරැදි නම් එය රටට ඔප්පු කර පෙන්වීම රජයේ වගකීමය.

ගුවන් යානයෙන් මෙරටට පැමිණි අවස්ථාවේ සිට ගුවන් තොටුපොළින් පිටවන අවස්ථාව දක්වාම සියලුම දර්ශන සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමෙන් ලබාගත හැක. ඒ හේතුවෙන් මේ චෝදනාවල සත්‍ය අසත්‍යතාව විමසා බැලීම එතරම් අපහසු කාරණාවක් වන්නේද නැත. කෙසේ නමුත් නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වන්නේ ගුවන් තොටුපොළ තුළ මන්ත්‍රීවරයා සහ ක්‍රිෂාන් පීරිස් එකට සිටින ආකාරය සී.සී.ටී.වී කැමරා තුළ සටහන්ව ඇති බවය. එසේ නොවන්නේ නම් එම දර්ශන මාධ්‍ය වෙත නිකුත් කිරීමද බලධාරීන්ගේ වගකීමය.

මීට පෙර ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබලයෙකු ඉන්දීය යෝගී කතුන් පිරිසක් ඇරලීම සඳහා අවි ආයුධ රැගත් ආරක්ෂකයන් පිරිසක් සමඟ ගුවන් තොටුපොළ තුළට ගමන් කළ බවත්, ඊට අදාළ සී.සී.ටී.වී දර්ශන සමඟ ගුවන් තොටුපොළ ප්‍රධානියා රජයේ ඉහළම බලධාරියෙකුට කළ පැමිණිල්ලක් අනුව අදාළ සිදුවීමට සම්බන්ධ ප්‍රබලයාට ඒ අවස්ථාවේදීම දුරකතනය ඔස්සේ බැණ වැදුණු බව වාර්තා විය. එබැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන්ද නිසි පියවර ගැනීමට රජයේ ප්‍රධානීන් කටයුතු කරනු ඇතැයි යන්න ජනතාවගේ විශ්වාසයය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

වන්දි වී ගොවීන්ට විතරයි! බඩ ඉරිඟු – එළවලු ගොවීන්ට හුළං! (VIDEO)

Next Post

අපිට වෙච්ච දේම අල්ලපු රටවල්වලටත් වෙලාද? නැත්නම් මේක අපේ උන්ම කරගත්ත විනාශයක්ද? මේ කියන කතා ඇත්තද?

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.