• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චැනල් ෆෝ වීඩියෝවේ ලංකාවට එරෙහිව සාක්ෂි දෙන මුහුණ වසාගත් හිටපු CID නිලධාරියා කව්ද? ඒ දේශද්‍රෝහි නිලධාරියාට මේ ආණ්ඩුවෙන් රටේ ඉහළ තනතුරක් දීලා තිබෙනවා! ඒ පුද්ගලයා මේ රටේ ප්‍රබල තනතුරක් දරනවා නම් වහාම තනතුරින් ඉවත්කර දඬුවම් කරන එක ආණ්ඩුවේ වගකීම! VIDEO I Sri Lanka Latest News

October 29, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන ඔස්සේ මෙරට බුද්ධි අංශවලට පදනම් විරහිත චෝදනා නැගීමට වත්මන් රජයේ ප්‍රබල තනතුරක් දරන නිලධාරියෙකු සහාය වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.Sri Lanka Latest News

අදාළ වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු පිළිබඳ සොයාබැලීමට පත්කළ විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් සහ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් කමිටු වාර්තා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඔක්තෝබර් 14 වනදා ප්‍රකාශ කළේය.

ඒ අනුව එහි පළමු පියවර ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව ගම්මන්පිල මහතා ඉකුත් 21 වනදා ප්‍රසිද්ධියට පත්කළේය.

අනතුරුව එහි දෙවන පියවර ලෙස පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව චැනල් ෆෝ නාලිකාව සැකසූ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් කමිටු වාර්තාව ප්‍රසිද්ධ කිරීම අද පෙරවරුවේ සිදුකළේය. 

“2023 සැප්තැම්බර් 05 වනදා චැනල් 04 නාලිකාව විකාශනය කරපු Sri Lanka’s Easter Bombings වැඩසටහනේ මේ චැනල් 04 නාලිකාව නැගූ චෝදනාව තමයි බෞද්ධ නායකයෙක් ජනපති කරන්න ඉස්ලාම් තරුණයින් මරාගෙන මැරෙණ ප්‍රහාරයක් කතෝලික පල්ලිවලට එල්ල කළා කියන කාරණය. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමේ යටි අරමුණින් පාස්කු ප්‍රහාරය කළේ අපේ හමුදා බුද්ධි අංශය යැයි කියලා ඉතාම බරපතළ චෝදනා නගනවා.

මේ කරුණුවල ඇත්ත නැත්ත සොයන්න කමිටුවක් දාන්න කියලා වැඩියෙන්ම හඬනැඟුවේ කාදිනල්තුමයි. නගපු චෝදනාවල ඇත්ත නැත්ත සොයාබලන්න විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. මේ පත්කළ කමිටුවට කාදිනල්තුමන් හෝ  මාලිමාවේ නායකයන් හෝ වෙනත් පාර්ශවයක් විසින් කිසිම විරෝධයක් මතුකළේ නැහැ. 
මෙන්න මේ වාර්තාව අද අපි ජනගත කරන්න බලාපොරාත්තු වෙන්නේ. වැඩසටහන විකාශනය වුණාට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශය මේ වැඩසටහනේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. සුරේෂ් සලේ මහතා චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් නොනැවතී මේ චෝදනා නිවැරදි නොකළොත් නීතිමය පියවර ගන්නවා කියලා තර්ජනය කරනවා. මොකද වෙන්නේ ? චැනල් ෆෝ නාලිකාව තමන් ඉදිරිපත් කළ  වැඩසටහනේ නිරවද්‍යතාවය වෙනුවෙන් පෙනීසිටිනවා වෙනුවට හෙමින් සීරුවේ අන්තර්ජාලයෙන් මේ වැඩසටහන ඉවත් කරගන්නවා. 

මෙම වැඩසටහනේ මුහුණ බොඳ කරලා කට හඬ වෙනස් කරගෙන කථා කරන රජයේ නිලධාරියෙක් කියලා පෙනී සිටින පුද්ගලයෙක් ඉන්නවා. ඔහු පොලිස් නිලධාරියෙක් වැඩසටහන බලපු අය අහවලා යැයි විශ්වාස කරනවා. එයා CID හිටපු නිලධාරියෙක්. ඒ දේශද්‍රෝහි නිලධාරියාට මේ ආණ්ඩුවෙන් රටේ ඉහළ තනතුරක් දීලා තිබෙනවා. 

රටත්, රට බේරාගත් රණවිරුවත් අපකීර්තියට පත්කරන්න පදනම් විරහිත චෝදනා නගන්න චැනල් ෆෝ කියන කොටි හිතවාදී නාලිකාවට මුදලට විකිණිලා හෝ වෙනත් යම් කාරණයක් නිසා හෝ  සහාය දැක්වූ මේ පුද්ගලයා කවුදැයි ආණ්ඩුව සොයා බලන්න ඕනේ. ඒ පුද්ගලයා මේ රටේ ප්‍රබල තනතුරක් දරනවා නම් වහාම තනතුරින් ඉවත්කර දඬුවම් කරන එක ආණ්ඩුවේ වගකීම. අපි ආණ්ඩුවට අභියෝග කරනවා. පුළුවන්නම් මේ මුහුණ සඟවාගෙන ඉන්න නිලධාරියා ගැන සොයන්න කමිටුවක් දාන්න.”

මාධ්‍යවේදියා – දැන් ඔබතුමා ගියපාරනම් නම් වශයෙන් හෙළිකළා. ඇයි මේ පාර නම් වශයෙන් හෙළිකරන්න බිය ?

“පුද්ගලයා පිළිබඳ තහවුරු කිරීමක් නැහැ. අනුමානයක් පමණයි තියෙන්නේ වාර්තාවේ ඒ පිළිබඳ සඳහනක් නැහැ. සමාජයේ පුද්ගලයා පිළිබඳ අනුමානයක් තියෙනවා. තහවුරු කරගැනීමක් නැති නිසා නම කිව්වොත් පුද්ගලයාට කරන අසාධාරණයක්.”

SendShareShare
Previous Post

අනුර ජාතික ප්‍රසම්පාදන කොමිසමේ සාමාජිකයන්ට එන්න කියයි! ටෙන්ඩර් දාද්දී වංචාව-දූෂණය මුලිනුපුටා දැමීම ගැන සාකච්ඡා කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

වැටුණු පොහොට්ටුව ඇල්පිටියෙන් නැගිටින්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.