• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොඩිය අමෙරිකන් වුණත් බොඩිය ශ්‍රී ලන්කන්! යුගදනවි ගෙඩි පිටින් ගන්න යන කව්ද මේ ලංකාවේ ජටිල රණසිංහ? කට්ටිය එහෙමෙහෙ අරන් ගිය නිමල්කා මොරහෙල ගිවිසුමේ සාක්ෂිකාරියක් වුණේ කොහොමද?

December 29, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
කොඩිය අමෙරිකන් වුණත් බොඩිය ශ්‍රී ලන්කන්! යුගදනවි ගෙඩි පිටින් ගන්න යන කව්ද මේ ලංකාවේ ජටිල රණසිංහ? කට්ටිය එහෙමෙහෙ අරන් ගිය නිමල්කා මොරහෙල ගිවිසුමේ සාක්ෂිකාරියක් වුණේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

එදා දිනය හරියටම 2021 සැප්තැම්බර් 16 වැනිදාය. එනම් සැප්තැම්බර් 17 වැනිදා ගෙවී හරියටම මිනිත්තු 08ක් ගතවී 18 වැනිදා උදාවූවා පමණි. තවත් ආකාරයකින් කියනවා නම් සැප්තැම්බර් 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ 12.08 වන විට මෙම අපූරු කතාන්දරය සිදුවුණේය. අපගේ රටට ඒරොප්පයෙන් පැමිණි පිරිසක් විසින් ‘යුගදනවි’ යන ජාතික සම්පත බිලිගත් ශෝකීය කතාන්දරය එය විය. අද රටේ සෑම තැනකම කතා කරන ‘යුගදනවි’ විදුලි බලාගාරය ඇමෙරිකාවට හිමිකර දීමේ සිදුවීම මෙසේ ලක් ඉතිහාසයට එක්විය. එනම් ‘හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට’ යැයි කිව්වා සේ, මෙයට හරියටම මාස 03කට පෙර එම නාට්‍යයේ ප්‍රධානතම ජවනිකාව නිමා විය. මෙම වටිනා රාජ්‍ය සම්පත විදේශයකට විකිණීමේ ඛේදනීය ක්‍රියාව එසේ නිමා වූයේය. උලමන්, බස්සන් හා වවුලන් පමණක් නැඟිටගෙන සිටින යක්කු ගස් නඟින රාත්‍රියේ අපේ දේශපාලනික නායකයෝ සුද්දන් සමග එක්ව එම ක්‍රියාව සිදුකළේය. එහෙත් මේ නාටකය තවද නිමක් වී නැති අතර, දැන් එහි අලුත්ම ජවනිකා එළිදැක්වෙමින් ඇත.
කුමක්ද මේ උද්ගතවී ඇති අලුත්ම තත්ත්වය..?

අපගේ සුවිශාලතම ජාතික විදුලි බලාගාරයක් වූ කෙරවලපිටියේ පිහිටි ‘යුගදනවි’ බලාගාරයේ අයිතියෙන් 40%ක කොටස් ඇමෙරිකානු ‘නිව් ෆෝට්ට්‍රස් එනර්ජි’ නැමැති සමාගමට ලබා දී දැන් අවසානය. මේ සඳහා එදා මහ රාත්‍රියේදී හොර, රහසේ අස්සන් කරන ලද ගිවිසුම ගැන දැන් අනේක විදියේ අලුත් කතාන්දර එළි දැක්වෙමින් ඇත. එනම් පසුගියදා මෙම වගතුග මුලින්ම පාර්ලිමේන්තුව තුළදී හෙළිකර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාය. එලෙස අනුර කුමාර දිසානායක විසින් දින කිහිපයක්ම එම වගතුග පාර්ලිමේන්තුවේදී හෙළිකර සිටියේය. මේ තත්ත්වය යටතේ මෙම අස්සන් කරන ලද ගිවිසුම බොහෝ රහසිගත වටාපිටාවක් යටතේ, විවිධ සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙකුගේ රහසිගත මැදිහත්වීමද යටතේ සිදුවුණු එකක් බවට කරුණු හෙළිවෙමින් ඇත.

දැනට පෙනෙන්නට තිබෙන කරුණුවලට අනුව මෙය එක්තරා ආකාරයකින් සංකීර්ණ අර්බුදයකි. එනම් පසුගිය මාස 03ක් පමණ යන තෙක්ම මෙම ‘යුගදනවි’ ගිවිසුමේ වගතුග බොහෝ රහසක් ලෙසින් පැවැතීමය. එහෙත් දැනට මෙම ගිවිසුම ගැන හෙළි වෙමින් තිබෙන කරුණු ඉතා පුදුමසහගත ඒවාය. එනම් මෙයට දින කිහිපයකට පෙරදී එක්තරා ඉංග්‍රීසි පුවත්පත් වාර්තාවක් කරුණු හෙළි කරමින් කියා සිටියේ, මෙම ගනුදෙනුව මූලිකව ආරම්භ කිරීම සඳහා මූලික වී ඇත්තේද ශ්‍රී ලාංකිකයකු බැව්ය. ඔහු ඇමෙරිකානු ‘නිව් ෆෝට්ට්‍රස් එනර්ජි’ සමාගමට සම්බන්ධ ඉහළ තනතුරු දරන පුද්ගලයකු බැව්ද හෙළිවී ඇත. එනම් ඔහු එම ඇමෙරිකානු සමාගමේ බලශක්ති අංශයේ ප්‍රධානියා වන ජටිල රණසිංහ නම් ශ්‍රී ලාංකිකයෙකි.

මෙය එක්තරා ආකාරයකින් පුදුම වගතුගක් හෙළිවන කතාන්දරයකි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ මූලස්ථානය තිබෙන ‘නිව් ෆෝට්ට්‍රස් එනර්ජි’ නැමැති බලශක්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා මෙන්ම, එම බලශක්ති අංශයේ ප්‍රධානියාද වන්නේ මෙම ජටිල රණසිංහ නැමැත්තාය. මොහු බලශක්ති අංශයේ විශේෂඥවරයකු වශයෙන් සැලකෙන අතර, දර්ශනවේදී උපාධියද (ආචාර්ය) හිමිකරගෙන ඇති පුද්ගලයෙකි. ඔහු කොළඹ රාජකීය විiාලයෙන් අධ්‍යාපනය හදාරා මොරටුව විශ්වවිiාලයෙන් විiාවේදී ගෞරව උපාධිය හිමිකර ගෙන ඇත. ඉන්පසුව ඇමෙරිකාවේ ඔරෙගන් විශ්වවිiාලයෙන් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත. ඔහු එම විශ්වවිiාලයෙහි පසුව වසර 05ක් පුරා පර්යේෂක සහායකයකු ලෙසද සේවය කර ඇත. මොහු ඉන්පසුව ලෝක ප්‍රකට ‘ජෙනරල් ඉලෙක්ටි්‍රක්’ සමාගමේ වසර 23ක් පමණ සේවය කර ඇත. ඉන්පසුව 2018 වසරේදී ජටිල රණසිංහට ‘New Fortress’ සමාගමේ ඉහළම තනතුරු හිමිවෙයි.

අද රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙන මෙම ‘යුගදනවි’ ගනුදෙනුව මුලින්ම ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කිරීමේ පෙරගමන්කරුවා වන්නේ, ආචාර්ය ජටිල රණසිංහ යැයි ඉහත ඉංග්‍රීසි පුවත්පත් වාර්තාව ඉතාමත්ව විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කර සිටියි. මොහු දැනට ඇමෙරිකානු පුරවැසියකු ලෙස ඇමෙරිකාවේ ජීවත්වන අතර, ‘යුගදනවි’ බලාගාර ගනුදෙනුව ගැන මුලින්ම වත්මන් ශ්‍රී ලංකා රජයට යෝජනා කර ඇත්තේ ඔහු විසින් යැයි කරුණු ප්‍රකාශ වෙයි. ඔහු එලෙස කටයුතු කරන විටදී එම ගනුදෙනුව සම්බන්ධීකරණය කිරීම සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුද ඉදිරිපත් වී ඇත. ඔවුන් නම් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන් දෙදෙනකු වන අතර, ඉන් එක් අයකු වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා වන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝය. අනෙක් පුද්ගලයා ලෙස සඳහන් වන්නේ, හිටපු පළාත් සභා මන්ත්‍රිවරයකු වන දැනට ශ්‍රී ලංකාවේ සුවිශාල සමාගමක අධ්‍යක්‍ෂවරයකු වන තැනැත්කෙකි. මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ වාසය කරන පුද්ගලයන්ය.

ඉහත පුවත්පත් වාර්තාව ප්‍රකාශයට පත්කරන ලද ඉංග්‍රීසි පුවත්පත විසින් මේ තත්ත්වය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩොගෙන් කරුණු විමසා ඇත. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, සම්බන්ධීකරණය සඳහා ඉදිරිපත් වූ අනෙක් පුද්ගලයා ගැන තමන් කරුණු කිසිවක් නොදන්නා බැව්ය. ඡායාරූපවලදී දෙදෙනා කරට, කර සිටින සේයාරූ අන්තර්ජාලයේ පළවුවද, තමන් යටකී පුද්ගලයාගේ කිසිදු පුද්ගලික හෝ වෘත්තීය මට්ටමක තොරතුරු නොදන්නා බවයි.
‘මේ පුද්ගලයා කවුද කියලා මම දන්නේ නැහැ, මම ඒ නම කලින් අහලාවත් නැහැ. ‘යුගදනවි’ ගනුදෙනුවේ උපදේශකයෙක් විදියට විතරයි මම වැඩ කළේ. ඇත්තටම ‘යුගදනවි’ බලාගාරයේ තාක්‍ෂණික අංශයට සම්බන්ධ වුණු පුද්ගලයා ලෙසට මම ජටිල රණසිංහ නම් හඳුනාගෙන තිබුණා. ඒ වගේම අසා තිබුණා. එම ගනුදෙනුවේ පිරිවැය කටයුතු ගැනද ඔහු සම්බන්ධ වී සිටිය බැව් දැනගත්තා. එහෙත් ඒ හැරෙන්නට ජටිල රණසිංහ ගැන මම තවත් තොරතුරු දන්නේ නැහැ.’

කෙසේ හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානියා එසේ ප්‍රකාශ කර ඇත. මෙම ගනුදෙනුවේ අනෙක් සම්බන්ධීකාරකයා ලෙස පැවසෙන පුද්ගලයා ඇමැතීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඇත. මෙම තත්ත්වය ගැන හිටපු ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර ඇත්තේ, මෙවැනි සුවිශාල ජාතික ගනුදෙනුවක් සඳහා අපගේ ශ්‍රී ලාංකිකයෙකුම පෙරමුණ ගැන කටයුතු කිරීම මහත් අර්බුදකාරී තත්ත්වයක් බැව්ය. එසේම මෙම ගනුදෙනුවේදී එවැනි ශ්‍රී ලාංකිකයකුගේ නමක් සඳහන් නොවීමද පුදුමයට හේතුවක් යැයි ඔහු පවසා ඇත.

‘මෙම ගනුදෙනුව ගැන බොහෝ කරුණු අප පසුගිය කාලයක් පුරා හෙළි කළා. ‘නිව් ෆෝට්ට්‍රස් එන්ර්ජි’ සමාගමේ බලශක්ති අංශයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයකු වන ජටිල රණසිංහ නැමැත්තකු කටයුතු කරන බැව් මම මාගේ ‘මුහුණු පොතේ’ පිටුවකත් සඳහන් කර තිබුණා. එහෙත් ‘යුගදනවි’ ගනුදෙනුවේදී ඔහුගේ නම ගැන කිසිම සඳහනක් වුණේ නැහැ. ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේත් නැහැ. අනෙක් පුදුමයට කරුණ නම් ඔහු ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කිරීමට මාර්ගය සකසා ගත්තේ කෙසේද යන්නයි. එසේම මෙම ගනුදෙනුවේ මූල්‍යමය අංශයෙන් ඔහු සම්බන්ධීකරණය කර තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ මේ ගැන සොයා බැලීම අත්‍යාවශ්‍ය දෙයක් වෙනවා’ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර ඇත.

මේ අතර සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර ඇති තවත් කරුණක් නම්,‘යුගදනවි’ ගිවිසුමේ ශ්‍රී ලංකා සාක්‍ෂිකරුවා ලෙස නිමල්කා මොරහෙල නැමැති කාන්තාවක් අස්සන් කර ඇති බැව්ය. කෙසේ හෝ ඉහත ඉංග්‍රීසි පුවත්පත මෙම නිමල්කා මොරහෙල නැමැති එම කාන්තාව දුරකතනයෙන් ඇමැතූ විට ඇය ප්‍රකාශ කර ඇත්තේ, මෙම ගිවිසුමේ කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවත්, තමන්ට සාක්‍ෂිකරුවකු ලෙස අස්සන් කිරීමට පැවැසූ හෙයින් එසේ සිදුකළ බවත්ය. ඇය මේ ගැන පවසා ඇත්තේ මෙවැනි කතාවකි.
මම සිදුකළේ මෙම ගිවිසුමට අදාළව සංචාරක සම්බන්ධීකරණයක් පමණයි. එනම් මෙම ගිවිසුම අස්සන් කිරීම සඳහා ඇමෙරිකාවේ සිට පැමිණි ‘නිව් ෆෝට්ට්‍රස් එනර්ජි’ සමාගම නියෝජනය කළ ඩැනියෙල් නයිට් මහතාගේ සංචාරය බාරවයි මම කටයුතු කළේ. එනම් එම මහතා ගුවන් තොටුපොළේ සිට ගිවිසුම අස්සන් කරන ස්ථානයට රැගෙන යෑම සහ නැවැත රැගෙන ඒම බාරව මම කටයු කළා. ඒ අතරේ ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව එම ගිවිසුමේ සාක්‍ෂිකරුවකු ලෙස අස්සන් කිරීමට ඔවුන් මට ප්‍රකාශ කළා. ඒ අනුවයි මම එහිදී අස්සන් කළේ’ යැයි මෙම කාන්තාව ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකානු නියෝජිතයා වූ ඩැනියෙල් නයිට් නැමැත්තා මෙයට පෙර තමන් විසින් හඳුනන්නේ දැයි නිමල්කා මොරහෙලගෙන් මාධ්‍ය ප්‍රශ්න කර ඇත. එවිට ඇය ප්‍රකාශ කර ඇත්තේ, එයට පෙර ඔහුගේ තොරතුරු කිසිවක් තමන් නොදැන සිටි බවයි. ඩැනියෙල් නයිට් මෙම ගිවිසුම අස්සන් කිරීමේදී එය සිදුකර ඇත්තේ, ‘ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස්’ නැමැති සමාගමෙහි කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙසිනි. එම සමාගම ‘නිව් ෆෝට්ට්‍රස් එනර්ජි’ සමාගමට අනුබද්ධිත එකක් බැව් කරුණු ප්‍රකාශ වෙයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩෝ විසින් මෙම ‘යුගදනවි’ ගිවිසුම අස්සන් කළ ආකාරය ගැන තවත් වැදගත් කරුණු කිහිපයක් හෙළිකර ඇත.

‘මෙම ගිවිසුම අස්සන් කිරීමට කටයුතු යෙදුණේ සැප්තැම්බර් 17 වැනිදා රාත්‍රී 11.57ට පමණ මුදල් අමාත්‍යාංශයේදීයි. මේ සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවක් සහභාගි වුණා. අමාත්‍යාංශයේ දෙවැනි තට්ටුවේ පිහිටා තිබෙන අමාත්‍යාංශ ලේකම් ආටිගල මහතාගේ කාර්යාලයේදියි එය සිදුකෙරුණේ. සුහදත්වය සහ විශ්වාසය මත සලකා මෙම ගිවිසුම අස්සන් කරන වේලාවේදී ඡායාරූප ගැනීම් කිසිවක් සිදුකළේ නැහැ. අදාළ ගිවිසුම අස්සන් කිරීමෙන් පසු එදිනම ඩැනියල් නයිට් මහත්මයා රටින් පිටත්වී ගියා.’

මේ අතර ගිවිසුම වෙනුවෙන් සාක්‍ෂිකාරිය ලෙස අස්සන් කළ නිමල්කා මොරහෙල නැමැත්තිය මින් පෙර ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළ බැව්ද හෙළි වී ඇත.

කෙසේ හෝ මෙම ආන්දෝලනාත්මක ගිවිසුම සඳහා ඇමෙරිකාව වෙනුවෙන් අස්සන් තැබූ ‘ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස්’ නැමැති සමාගම ගැන කරුණු සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ, එම සමාගමට අදාළ වූ ඇමෙරිකාවේ ලිපිනය පිහිටා ඇත්තේ ‘ඩෙලවෙයාර්’ නැමැති ස්ථානයක බැව්ය. එනම් මෙම ස්ථානයෙහි පිහිටා තිබෙන වෙළෙඳ ශාලා සංකීර්ණයක් තුළට එය අනුබද්ධ කර ඇත. මෙම ස්ථානයෙහි සමහර සමාගම් විසින් ප්‍රතිනියෝජනයක් ලෙසින් තම ලිපිනයන් භාවිත කරනු ලබන බැව් පැවසෙයි. මේ අනුව දැනට සැක මතුව ඇත්තේ මෙම ක්‍රියාවලිය යම් කූට අදහසකින් සිදුකරන ලද එකක් යන බැව්ය. ‘නිව් ෆෝට්ට්‍රස් එනර්ජි’ නැමැති සමාගමේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වන අතර, එම කිසිදු තොරතුරක් ගිවිසුමෙහි සඳහන්ව නැත.

පසුගිය කාලයේ මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ඉල්ලා සිටියත්, විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ විසින් එය සිදුනොකරන ලදී. එහෙත් පසුගිය දෙසැම්බර් 11 වැනිදා එය සභාගත කරනු ලැබුවේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසිනි.

‘යුගදනවි’ විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමට විකිණීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ අන්තර්ගතය, ගිවිසුම් ගතවූ දින සිට වසර දෙකක් යනතුරු හෙළි නොකිරීමට දෙපාර්ශ්වය විසින් එකඟවී ඇති බැව්ද වාර්තා වෙයි. අදාළ ගිවිසුමේ වගන්තියක මේ බැව් සඳහන්ව ඇති අතර, එනම් 2021/09/17දා සිට 2023/09/17දා දක්වා ගිවිසුමේ අන්තර්ගතය දෙපාර්ශ්වය විසින්ම හෙළි නොකරනු ඇතැයි වාර්තා වෙයි. එසේම මෙම ගනුදෙනුව සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ මුදල් ප්‍රමාණය, කොපමණ ප්‍රමාණයක් දැයි කිසිවෙකුත් දන්නේ නැත. එහෙත් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම ගනුදෙනුව සඳහා රුපියල් බිලියන 01ක පමණ සුවිශාල මුදලක් හිමිවූ බැව්ය. මෙම ඇමෙරිකානු බලශක්ති සමාගම අයත් ඇමෙරිකානු සුපිරි ධනකුවේර වෙස්ලි ඒඩ්න්ස්, මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2021 ජනවාරි මාසයේදීය. කෙසේ හෝ දැන් ‘යන යකා කොරහත් බිඳගෙන ගොස් හමාරය.’

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගම්මන්පිල හදපු අලුත් සමාගමක් එළියට එයි!

Next Post

කබ්රාල් හරිම සතුටින් තියපු ට්විටර් පණිවුඩය!

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.