• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජැක්සන් පොරක්ද? Sri Lanka Latest News

December 28, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!
Share on WhatsAppShare on Facebook

‘ජැක්සන් පොරක්ද?’ මේ ප්‍රශ්නය පහුගිය දවසක කරළියට ආවා. මෙහෙම විවිධ ප්‍රශ්න එක එක කාලවලදී කරළියට එනවා. ඉතින් අපිත් ලෑස්තියි දැන් ජැක්සන් පොරක්ද නැද්ද කියන එකට උත්තර දෙන්න. 1958 ජූලි මාසේ 08 වැනිදා රාගම පොඩිවීකුඹුර කියන ගමේ තමයි ජැක්සන් ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ ජැක්සන් මේ ගමේ පොරක්. ඒ නිසා ජැක්සන්ට කොළඹ පවුල් පසුබිමක් නෑ. රාගම ඉපදිච්ච ගොඩේ බයියෙක් වෙච්ච ජැක්සන් ඒ නිසා පොරක් නෙවෙයි. ජැක්සන් ගිහින් තියෙන්නේ හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයට, බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයට, ගනේමුල්ලේ ගලහිටියාවට. ජැක්සන් කොළඹ ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ පාසලකට, පට්ට ඉස්කෝලෙකට, නමගියපු පාසලකට ගිහිල්ලා නෑ. ඒ නිසා ජැක්සන් පොරක් නෙවෙයි. ජැක්සන් ඉගෙනගෙන තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ. කොළඹ විශ්වවිද්‍යාලයෙත් ඔහු ඉගෙනගෙන තියෙන්නේ සිංහල භාෂාව. ඊළඟට ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිහින් තියෙනවා. ඒකෙදී ශාස්ත්‍රපති විභාගය සම්පූර්ණ කරලත් තියෙනවා. ඒ කියන්නේ ජැක්සන් පොරක් නෙවෙයි. මොකද ලංකාවේ ඉගෙනගෙන තියෙන නිසා. ලන්ඩන්වල හරි, ඔස්ටේ්‍රලියාවේ හරි, බංග්ලාදේශයේ හරි අඩුම තරමේ දකුණු සුඩානයේ හරි විශ්වවිද්‍යාලයක ඉගෙනගත්තා නම් අන්න ජැක්සන් පොරක්. මේ ලංකාවේ ඒලෙවල් කරලා, ලංකාවේ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා, සිංහල භාෂාවට ප්‍රථම උපාධියක් අරගත්තු ජැක්සන්ලා පොරවල් නෙවෙයි. ඔන්න ජැක්සන්ට තිබුණා නම් උස්බෙකිස්තානයේ හරි එල්සැල්වදෝරයේ හරි පිටරටක උපාධියක්, අන්න ජැක්සන් පොරක්. (Sri Lanka Latest News)

ජැක්සන් හැමදාම එයාගේ සාර්ථකත්වය පිටුපස හිටපු චරිත විදියට සැලකුවේ කෝංගනීගේ බෙනඩික්ට් ඇන්තනීව. ඊළඟට පොඩිවීකුඹුරේ රොලින් පෙරේරා. ඒ දෙන්නා ඔහුගේ අම්මයි තාත්තයි. මෙහෙම අම්මයි තාත්තයි පොරවල් කියලා කියපු මිනිස්සු, නැත්නම් තමන්ගේ ජීවිතේ ඉදිරියෙන්ම ඉන්න චරිතය විදියට සලකපු මිනිස්සු පොරවල් නෙවෙයි. මොකද එහෙම පොරක් වෙන්න නම් එයාට තිබුණා එයාගේ රෝල් මොඩ්ල් එක විදියට එංගලන්තයේ ඇමෙරිකාවේ ඔස්ටේ්‍රලියාවේ බටහිර සංගීතය, හොලිවුඩ් බොලිවුඩ්වල නළුවෙක් ගැන කියන්න. ඒ නිසා මෙයා එච්චර පොරක් නෙවෙයි.

එතකොට ජැක්සන් ඇන්තනීගේ පුතා සජිත කියන්නේ කැලණිය කැම්පස් එකේ ඉගෙනගත්ත කෙනෙක්. මම දන්න විදියට ජැක්සන්ගෙ පුතා කැම්පස් එකේ රැග් දෙනවා. කැම්පස් එකේ නාට්‍යවලට කොහොම කතා කළත් එනවා. කාගෙ වුණත් වැඩකට කතා කළොත් සපෝට් එක දෙනවා. ඒ නිසා පොරක් නෙවෙයි. මොකද එහෙම පොරක් වුණා නම් මිනිහට තිබුණා ලොකු බෙන්ස් එකක, ලොකු වාහනේක ගිහින් පාරේ ගහගෙන, පොඩි ආතල් එකක් දාලා, පාටිවලට ගිහින් පොඩි ෆන් ලයිෆ් එකක් ගතකරන්න. එහෙම ෆන් ලයිෆ් එකක් ගතකරන්නේ නැතුව ගමේ තාලෙට, කැලණි කැම්පස් එකට ගිහින්, හොස්ටල් එකට ගිහින්, රැග්වෙලා, කොල්ලො කෙල්ලො ආශ්‍රය කරලා, බත් එක බෙදාගෙන කාලා, යාළුවො කතාකරන නාට්‍යවල රඟපාලා, කොච්චර රඟපාන කෙනෙක් වුණත්, තාත්තා කොච්චර නළුවෙක් වුණත්, සාමාන්‍ය මිනිස්සුන්ව සාමාන්‍ය විදියට ඇසුරු කරන පුතෙක් ඉන්නවා කියන්නේ ඒ තාත්තා පොරක් නෙවෙයි. මොකද පොරක් වෙන්න නම් මර්වින් සිල්වාගෙ පුතා වගේ, අඩුම තරමේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ, මහින්ද මහත්තයගෙ පුතාලා වගේ පොඩි ෆන් එකක් දාන්න ඕනේ. ආතල් ගන්න ඕනේ, කාර් රේස් පදින්න ඕනේ. අන්න එතකොට අපිට පේනවා පොරක් කියලා. ඒ නිසා සජිත ඇන්තනී පොරක් නෙවෙයි.

හෙනම් ජැක්සන් ඇන්තනීත් පොරක් නෙවෙයි. ජැක්සන් ඇන්තනී කළේ මොනවද? ඒ ගැන අපි හොයලා බලමු.
ජැක්සන් මුලින්ම කරන්නේ චිත්‍ර කතා පත්තරවල චිත්‍ර අඳින එක. චිත්‍ර කතා ලියන එක. ජැක්සන්ට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. අපේ රටේ චිත්‍ර අඳින්න පුළුවන් මිනිස්සු පොරවල්ද? ලංකාවේ චිත්‍ර ශිල්පියෙක් පොරක් වෙන්නේ නෑ. චිත්‍ර ශිල්පියෙක් කියලා කියන්නේ ඔහුට අඳින්න පුළුවන්, කතා ලියන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. අපිට ඒවා සල්ලිවලට අරගෙන, ඒ ශිල්පියාට සල්ලි ගෙවලා, ඔහුව අපි ගාව වැඩකරන්න ගත්තු ඇඩ්වර්ටයිසින් ඒජන්සියේ ලොක්කා නම් පොරක්. චිත්‍ර ශිල්පියාගෙන් චිත්‍රය අරගෙන ගෙදර බිත්තියේ ගහගන්න කෙනා පොරක්. හැබැයි චිත්‍ර ශිල්පියා පොරක් වෙන්නේ නෑ.

ඊළඟට ඔහු කළේ මොනවද? ඔහු රඟපාන එක කළා. රඟපාන එක වැඩක්ද? අපේ රටේ දේශපාලකයෝ අපේ රටේ උසස් පොලිස් නිලධාරියෝ අපේ රටේ ඉහළ තනතුරුවල ඉන්න අය කොච්චර තාත්විකව රඟපානවද, සත පහක්වත් අයකරන්නේ නැතුව? ජැක්සන්ලා කළේ කැමරාව ඉස්සරහා රඟපාන එක. ජැක්සන්ලා කළේ බොරුවක්. සාමාන්‍ය ජීවිතයෙදී ජැක්සන්ලා වෙන විදියකට ජීවත් වුණා. මම දන්න තරමට නම් ජැක්සන් වෙළෙඳ දැන්වීමකවත් රඟපාන්නේ නෑ සල්ලි අරගෙන. එහෙම ජීවිතයක් ජැක්සන් ගත කළේ. එහෙම රඟපෑවට, චිත්‍රපටවල හිටියට, ටෙලිනාට්‍යවල හිටියද ඒ චරිත මාර වුණාට, ඒ චරිත දිහා බලාගෙන ඉන්නකොට ඇස් අදහා ගන්න බැරි වුණාට, මේ චරිතවලට පට්ට විදියට ආදරේ හිතුණට, මිනිස්සුන්ට කවදාවත් අමතක නොවන චරිත රඟපෑවට ඔහු දක්ෂ රංගන ශිල්පියෙක් බව මුළු ලෝකයම අවිවාදයෙන් පිළිගත්තට ඔහු පොරක් වෙන්නේ නෑ. මොකද ඊට වඩා හොඳට රඟපාපු ප්‍රාදේශීය දේශපාලකයෝ ලංකාවේ ඉඳලා තියෙනවා. මොකද තමන්ම කඹයක් අරගෙන, තමාවම ගහක බැඳගත්තා කියපු රාජ්‍ය නිලධාරීන් ලංකාවේ ඉඳලා තියෙනවා. උසස් නිලධාරීන්, උසස් තනතුරුවල හිටපු දේශපාලකයන් කියන කියන පලියට හිතෙන හිතෙන දේවල් කිය කියා එක එක තාලේ චරිත රඟපාමින් ඇස්පනාපිට බොරු කියලා හිතෙන දේවල් ඇත්ත බවට ඔප්පු කරපු පොලිස් මාධ්‍ය ප්‍රකාශලාගේ ඉඳලා පොලිස් නිලධාරීන් දක්වා අපි දැකලා තියෙනවා. වාහනවලට කුඩු ගංජා දාලා නෑ වගේ රඟපාන කට්ටිය, සමහර වෙලාවට පාරෙදී අපරාධකාරයන්ට වෙඩි තියලා ඒ මිනිස්සු මැරුණට පස්සේ විශාල නාට්‍යයක් රඟපාපු නිලධාරීන් ලංකාවේ ඉඳලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ රඟපෑවේ කැමරා ඉස්සරහා නෙවෙයි. ඒගොල්ලෝ රංගනය ඉගෙනගෙන තිබුණෙත් නෑ. ඒගොල්ලෝ එච්චර තාත්විකව රඟපානවා නම්, ඒගොල්ලෝ වෙන වෘත්තියක් කරන ගමන් රඟපානවා නම් මේ නළු වෘත්තියේ යෙදිච්ච ජැක්සන්ගේ රඟපෑම මාර වෙන්නේ නෑ.
ජැක්සන් නිවේදකයෙක්ද? ජැක්සන් වගේ නිවේදකයෙක් මාර නොවෙන්නේ ඇයි? ජැක්සන් වගේ නිවේදකයෙක් මාර නොවෙන්නේ නිවේදනයේ ‘අ’ යන්නවත් නොදැන, හරියට වචන ටිකවත් කියාගන්න බැරුව, අගරදගුරු කියන වචනයට ‘අඟරදඟර’ කියලා කියන කලාකාරයෝ ලංකාවේ නිවේදන කටයුතු කරනවා නම් ලස්සන විතරක් තියෙන පලියට නිවේදක නිවේදිකාවන් විදියට යොදාගන්නවා නම් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නිවේදන වෘත්තිය ඉතාම හොඳින් කරගෙන යනවා නම් මුළු රටම තවමත් ඒ වගේ නිවේදක නිවේදිකාවන්ට ආදරය කරනවා නම් අඩුම තරමේ සිංහල වචන ටිකවත් හරියට කියාගන්න බැරි නිවේදිකාවො අරගෙන හොඳම නිවේදිකාවො බවට පත්වෙනවා නම් ජැක්සන්ලා වගේ සිංහල කතාකරන, සිංහල භාෂාව දන්න, සිංහල අධ්‍යයනය කරපු සිංහලෙන්ම දේවල් පිළිබඳ හිතන නිවේදකයෝ පොරවල් වෙන්නේ නෑ.

ජැක්සන් ඇන්තනී ‘කන්ද උඩ ගින්දර’ වගේ විශිෂ්ට පොත් ලියලා තියෙනවා. ඒවා ඉතාම හොඳ පර්යේෂණ ග්‍රන්ථ විදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒවායේ නිර්මාණශීලීත්වය අංක එකයි. හැබැයි ජැක්සන්ට බැරිවුණා උණු කැවුම් වගේ විකිණෙන පෝලිමේ ඇවිල්ලා ගන්න පොත් ලියන්න. ජැක්සන්ගේ සමහර පොත්වලට මිනිස්සු ආදරේ කරපු බව ඇත්ත. හැබැයි එහෙම නෙවෙයිනේ. සමහර පොත්වලට කොල්ලො කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ. සමහර පොත්වලට මිනිස්සුන්ගේ තියෙන්නේ පට්ට ආදරයක්. ඒ නිසා ‘අ’යන්න ‘ආ’යන්නවත් දන්නේ නැති, සිංහලවත් හරියට ලියාගන්න බැරුව, නණ ලළ ටිකවත් හරියට දන්නේ නැති චූටි කෙල්ලො කොල්ලො පොත් ලියන රටක ජැක්සන්ලා පොරවල්ද පොතක් පතක් ලිව්ව පලියට? ඒ නිසා ජැක්සන් පොරක් නෙවෙයි. ජැක්සන්ගේ තියෙන එකම හොඳේ දේශපාලනයට කඩේ ගිය එක. මහින්ද රාජපක්ෂ බුදුහාමුදුරුවන්ට ඈඳලා කතන්දර ලියපු එක. හැබැයි ජැක්සන් ඒකවත් හරියට කළේ නෑ. මොකද ඒකට හේතුව ලංකාවේ කලාකාරයෝ කොච්චර දේශපාලකයන්ට කඩේ යනවද? දේශපාලනය කරනවද? ගාමිණී ෆොන්සේකාලා, විජය කුමාරතුංගලා ඡන්දේ ඉල්ලුවා. පාර්ලිමේන්තු ගියා. දේශපාලනය වෙනුවෙන් කතා කළා. විජය කුමාරතුංග තමන්ටම පක්ෂයක් හදාගත්තා. රන්ජන් රාමනායක තාමත් දේශපාලනය කරනවා. මාලනී ෆොන්සේකාලා රවීන්ද්‍ර රන්දෙණියලා තවමත් දේශපාලනයත් එක්ක ඍජුව සම්බන්ධයි. ගීතා කුමාරසිංහ මේ අවුරුද්දෙත් ඡන්දේ ඉල්ලුවා. ඉතින් මේගොල්ලෝ පාර්ලිමේන්තු ගියා. දේශපාලනය උපරිමයෙන් කළා. ඒ නිසා ඒගොල්ලෝ දේශපාලනයෙනුත් මේ මනුස්සයාට වඩා ඉස්සරහින් හිටියා.

මේ මනුස්සයා එක වෙලාවක මහින්ද රාජපක්ෂලා හොඳ නෑ කියලා දැනගෙන අතහැරලා දැම්මා. පැත්තකට වෙලා හිටියා දේශපාලනයෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා. ජැක්සන් ඇන්තනී ඡන්දේ ඉල්ලුවා නම් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉල්ලන්න තිබුණේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දේ ඉල්ලලා දිනන්නත් බැරි ජැක්සන් ඇන්තනී පොරක්ද? ඒ නිසා කසුන් ඔයා ඔය පොලිසියත් එක්ක බොරුවට ගැටෙන්න යන්න එපා. මොකද ඇත්තටම මේවා කියවද්දී ඔයාට තේරෙනවා ඇති ජැක්සන් ඇන්තනී කියන්නේ පොරක් නෙවෙයි කියන එක. ජැක්සන් ඇන්තනීට වඩා පොරවල් ලංකාවේ ඉඳලා තියෙනවා. ජැක්සන්ගේ රඟපෑම කොච්චර විශිෂ්ට වුණත් ජැක්සන්ට වඩා හොඳට රඟපාපු දේශපාලකයෝ, පොලිස් නිලධාරීන් මේ රටේ ඉඳලා තියෙනවා. ඒ නිසා ජැක්සන් කොච්චර හොඳට නිවේදනය කළත් අපේ රටේ තුට්ටු දෙකේ නිවේදක නිවේදිකාවො ඕනෙ තරම් ඉන්නකොට ජැක්සන් පොරක් නෙවෙයි. ඉතින් මේ වගේ විවිධාකාර ක්ෂේත්‍රවල අපි දන්නවා මේ පොරත්වය කියන එක ආදේශ කරගන්න අපේ රටේ මිනිස්සුන්ට වෙන වෙන නිර්නායක තියෙනවා. ඒ නිසා ජැක්සන්ලාවත් කවුරුවත් අපේ රටේ පොරවල් නෙවෙයි. අපේ රටට බුදුහාමුදුරුවෝ වැඩමකරලා බණ කිව්වා නම් සමහර වෙලාවට මිනිස්සු අහන්න යන එකක් නෑ. ජේසුතුමා ඇවිල්ලා පල්ලියක හිටියා නම්, දෙවියන්වහන්සේ ඇවිල්ලා දේව මෙහෙයක් පැවැත්තුවා නම් මිනිස්සු ඒක බලන්න යන්නේ නෑ. අපේ රට කියන්නේ වෙනස් රටක්. ඒ නිසා කසුන් නිකන් ගැටුම් හදාගන්න එපා. හැබැයි අවසානයේදී අපිට එකක් කියන්න තියෙනවා. නිකන්ම දේවල් වෙන්නෙත් නෑ. පොලිසියට ජැක්සන් පොරක්ද කියන එක අදාළත් නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න ජැක්සන් පොරක් කියන එක අදාළත් නෑ. නීතිය ක්‍රියාත්මක නොකරන්න ජැක්සන් පොරක්ද කියන එක අදාළත් නෑ. ඒ නිසා ජැක්සන් පොරක්ද කියන ප්‍රශ්නය අහන්න පොලිසියට අයිතියක් නෑ.

ජැක්සන්ගේ බෑණා වූ පලියට කසුන් පාරෙදි වරදක් කළා නම් ඔහු පොලිසියට එක්කගෙන නොගිහින් ඉන්න ඕනෙත් නෑ. වැරැද්දක් නොකරපු කසුන්ව පොලිසියට එක්කගෙන ගිහිල්ලා නිදහස් කරන්න එයා ජැක්සන්ගේ බෑණා වෙන්න ඕනෙත් නෑ. රටේ නීතිය ජැක්සන්ගේ බෑණාටත්, සාමාන්‍ය පුරවැසියාටත් අදාළයි. පොලිසියට ජැක්සන් පොරක්ද නැද්ද කියන එක නීතිය ක්‍රියාත්මක කරද්දී අදාළ විය යුතු නෑ. හැබැයි පොලිසිය මහජනතාවට විරුද්ධව කරපු දේ හරිද වැරැදිද කියන එක විතරක් පොලිසියට අදාළයි. පාරේ ඉන්න මිනිහෙක්ව, කඩේට ගිය මිනිහෙක්ව හැඳුනුම්පත නොමැති වුණු පලියට පොලිසියට අරගෙන ගිහිල්ලා වධ දීලා ඔහුට පහරදීලා එහෙම වැඩ කරන්න පොලිසියට අයිතියක් නෑ. හැබැයි වැරැද්දක් කරපු කෙනෙක්ව පොලිසියට අරගෙන ගියාට පස්සේ අපේ මාමා, අපේ තාත්තා ජැක්සන් කියලා කිව්වාම ඒ මිනිහව නිදහස් කරන්න අයිතියකුත් පොලිසියට නෑ. පොලිසිය සියලු දෙනාටම සමානව සලකන්න ඕනේ. ඒ නිසා හිතමිතුරු කසුන් මහේන්ද්‍ර හීනටිගලට පොලිසියෙන් වරදක් කළා නම්, ඒකට ජැක්සන් පොරක්ද කියන එක අහන්න පොලිසියටවත්, කසුන් මහේන්ද්‍ර හීනටිගලටවත්, අඩුම තරමේ ජැක්සන් ඇන්තනීටවත් අයිතියක් නෑ. පොලිසියයි කසුනුයි ප්‍රශ්නය බේරගත්තා නම් ඉවරයි. නීතිය ක්‍රියාත්මක කරන්න ජැක්සන්ගේ අම්මා තාත්තාකම, නෑදෑකම අදාළ කරගන්නේ නැතුව අපරාධ විධිවිධාන සංග්‍රහයේ තියෙන නීතිරීති ටික ක්‍රියාත්මක කළා නම් පොලිසියේ මහත්තුරුන්ටත්, කසුන්ටත්, අපිටත් හැමෝටම ලේසියි. ඒ නිසයි අපි මේ ලිපිය ලිව්වේ. ජැක්සන් පොරක්ද කියන එක ප්‍රශ්න කරන්න මේ රටේ කාටවත් අයිතියක් නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මනූෂගේ සහෝදරයා CIDයෙන් අල්ලයි! තව කීපදෙනෙක් අත්අඩංගුවට ගන්නත් හොයයි! I Sri Lanka Latest News

Next Post

අනුර කුමාර තමයි හොඳ! රවී කරුණානායක තමයි කියන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.