හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළවය.
බිබිල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
පින්ලන්තයේ විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 40ක් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගනිමින් මුදල් වංචා කර ඇතැයි සැකකරුට අදාළව චෝදනා එල්ල වී තිබේ.
සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක අතර සැකකරු හෙට (29) දින ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










