• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කා gayද මේ අgay ඇති වැඩේ? Sri Lanka Latest News

January 4, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කා gayද මේ අgay ඇති වැඩේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හය වසර මොඩියුලයෙහි ප්‍රශ්නයක් ගැන දැන් විශාල කතාබහක් ලංකාව ඇතුළෙ නිර්මාණය වෙලා. එම මොඩියුලයට අයිති එක්තරා තැනක සඳහන් වෙලා තියෙනවා වෙබ් අඩවියක ලිපිනයක්. මේ වෙබ් අඩවිය සමලිංගිකත්වය සඳහා වෙන්වෙච්ච වෙබ් අඩවියක් බව තමයි බොහෝ දෙනෙක් කියන්නෙ. ඇත්තටම මේ කාරණාව කරළියට ආවත් එක්කම අපි ඒ වෙබ් අඩවියට ගිහිල්ලා බැලුවා. හැබැයි ඒ වෙබ් අඩවියට ඇතුළු වෙන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ඒ වෙබ් අඩවිය කවුරුන් හෝ කෙනෙක් විසින් අවහිර කරලා තියෙන බව අපිට තේරුණා. ඒ නිසා මේ කියන කතාව ඇත්තද බොරුද කියන එක ඇහෙන් දැක්ක සාක්ෂියෙන් පැහැදිලි කරන්න අපිට පුළුවන්කමක් නෑ. නමුත් රට ඇතුළෙ පොදු කතාබහ පිළිඅරගෙන අපි මේ ලිපිය ලියනවා.Sri Lanka Latest News

මේ වෙලාවේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ නරක දෙයක් නෙමෙයි. නමුත් මේ ලිපියෙ මුල් කොටසෙදි පොඩි කතාවක් මම ඔබට කියන්නම්. රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙද්දී අපි ඒකට ගුරු කරගන්නේ ලෝකයේ කොහේ හරි රටක්. උදාහරණයක් විදිහට ලෝකයේ හොඳම අධ්‍යාපනය තියෙන ෆින්ලන්තයෙ නිසා අපි හිතනවා ෆින්ලන්තයේ තියෙන අධ්‍යාපනය අපේ රටට ගැළපෙනවා වගේ එකක්. අපි නිතරම මේවා කියනවා. එතකොට ලෝකයේ තියෙන දියුණු රටවල අධ්‍යාපන ක්‍රමවේද ඇත්තටම අපේ රටට ගැළපෙනවද? මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්.

ලෝකයේ දියුණු රටවල් තියෙනවා. ඒගොල්ලන්ගෙ සියලු දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබෙනවා. ඒගොල්ලන්ගෙ අධ්‍යාපනය හමාර කරන දරුවන්ට රැකියාවක් ලැබෙන තුරු රටෙන් යම් මුදලක් ලැබෙනවා. ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරය සඳහා අවශ්‍ය කරන දේවල් ටික රටෙන් හම්බෙනවා. ඔවුන් රැකියාවක් තෝරාගත්තට පස්සෙ එම රැකියාවේ ආදායමෙන් ලොකු ප්‍රමාණයක් ජීවන වියදම විදිහට වැය වෙන්නෙ නෑ සහ අපි එක උදාහරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් පඩි දෙක තුනක මුදලින් ඒගොල්ලන්ට වාහනයක් ගන්න පුළුවන්. හැබැයි අපේ රටේ ලක්ෂයක් ඉතුරු කළොත් මනුස්සයෙක් තමන්ගේ වැටුපෙන් එක මාසෙකට, ඔවුන්ට සාමාන්‍ය වාහනයක් ගන්න, සුඛෝපභෝගී නොවන ආරක්ෂාව සහිත සාමාන්‍ය වාහනයක් ගන්න මාස සියයක් විතර දැන් සල්ලි ඉතුරු කරන්න වෙලා තියෙනවා. අඩුම තරමේ මාස අසූවක්වත් සල්ලි ඉතුරු කරන්නම ඕනෙ. අවුරුදු පහළොවක් විතර පරණ වාහනයක් ගන්නත් ඔවුන්ට ලක්ෂෙ ගානෙ ඉතුරු කළොත් මාස පනහක්වත් ඉතුරු කරන්න වෙනවා. ඇත්තටම ලංකාවේ තියෙන වැටුප් තලයත් එක්ක ලක්ෂයක් ඉතුරු කරන්න හරි අමාරුයි. පනස් දාහක් ඉතුරු කරොත් සාමාන්‍ය වාහනයක් ගන්න මාස සියයකට වැඩිය යනවා. එතකොට ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ උසස් පෙළ සමතුන්ගෙන් ඉතා අඩු ප්‍රමාණයක්. ලංකාවේ විශ්වවිද්‍යාල පහසුකම් ඉතා අඩුයි. ඒ නිසා ඒ රටවල තියෙන අධ්‍යාපනය මේ රටට ගැළපෙන්නෙ නෑ. මේ රටේ තියෙන්නෙ තරගකාරී අධ්‍යාපනයක්. ඒ අධ්‍යාපනය ලබලා ඉහළ ප්‍රතිඵල ගත්ත අයට විතරයි ඇත්තටම ජීවිතේ ගොඩදාගන්න පුළුවන්. එහෙම නැති අයට වෘත්තීය අධ්‍යාපනයක් හෝ වෙනත් හැකියා සහිත අතළොස්සක් තමන්ගේ ජීවිතේ යම් යම් වෘත්තීන්වලට ගිහිල්ලා ජීවිතේ ගොඩදාගන්නවා. මේ පොදු මතය තමයි මම ඔය කලින් කිව්වෙ.

එතකොට නෝනාවරුනි මහත්වරුනි, මේ කාරණාවේදී ඔබට පැහැදිලි කරන්න තියෙන වැදගත්ම දේ තමයි රටේ අධ්‍යාපනය කියලා කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන් එකක් නෙමෙයි. රටේ අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. පුළුවන් රටවල් තියෙනවා. තමන්ගේ අධ්‍යාපනය ළමයින්ට නිකම්ම නිකම් හුදු විනෝදයක් බවට පත්කළ හැකි රටවල් තියෙනවා. දරුවන්ට අධ්‍යාපනයට අමතරව කරන දෙයක් විදිහට කරන්න පුළුවන් රටවල් තියෙනවා. හැබැයි අපේ රටේ එහෙම නෑ.

මේ තත්ත්වයත් එක්ක අධ්‍යාපනයත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන්න කිසිම කෙනකුට අයිතියක් නෑ. අපි දැක්කා අධ්‍යාපන ලේකම්තුමා සී.අයි.ඩී. එකට පැමිණිල්ලක් කරලා තියෙනවා මේ සම්බන්ධව. මේ පොත හැදුවේ කවුද කියන එක ගැන අපි දන්නේ නෑ. කවුරුහරි කෙනෙක් මේ පොත හදලා තියෙනවා. පොත හදද්දී අධීක්ෂණයක් නොකළාද කියන එක සම්බන්ධවත් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා සාමාන්‍ය නවකතාවක් ලිව්වත් සෝදුපත් බලන එකට පෙර පවා යම්කිසි කෙනෙක් ඒ පොත පිළිබඳ අධීක්ෂණය කරනවා, හොයලා බලනවා. ඒ වගේම සෝදුපත් බලන අවස්ථාවෙදිත් පොත ගැන කියවෙනවා. ඒ විතරක් නෙමෙයි පොත මුද්‍රණය කරන තැනදි පවා පොත ගැන කරුණු බැලෙනවා. විශේෂයෙන්ම සංස්කරණ කටයුත්ත ඉතා ඉහළින් සිද්ධ වෙන්න ඕනෙ. විශේෂයෙන්ම මේ දරුවන්ට දෙන පොත්වලට මීට වඩා හොඳ සංස්කරණයක් අවශ්‍යයි.

වැරැද්දක් වෙන්නෙ කාඅතින්ද කියන එක නෙමෙයි වැදගත්. වැරැද්ද කරපු පුද්ගලයා අල්ලලා දඬුකඳේ ගහන එක නෙමෙයි මෙතැනදි වෙන්න ඕනෙ. වැරැද්දක් වෙන්නේ පද්ධතියක් අතින්. මේ පොතේ වැරැද්දට වගකිව යුත්තෝ එක්කෙනෙක් නෙමෙයි ගොඩ දෙනෙක් ඉන්නවා. සමහර අය ඕක පැහැරහැරලා, සමහර අය නොදන්නාකම, සමහරු ඇත්තටම කියවලා නෑ, හොයලා නෑ, සමහර විට මේකට බොහෝ දෙනෙක්ගෙ වැරදි හේතු වෙන්න ඇති.

ඇත්තටම කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේක ආණ්ඩුව හිතාමතා කරපු දෙයක් කියලා අපි ඒක විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම මේ පොතත් එක්ක විවිධ දේශපාලන චරිතවලට මඩ ගහන ව්‍යාපාරයක් අරගෙන යනවා. ඔවුන්ගේ ලිංගික රුචි අරුචිකම් පිළිබඳ ප්‍රශ්න කරන තැනට රට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මනුස්සයෙක්ගේ ලිංගික රුචි අරුචිකම් විවිධයි. ඒක සම්බන්ධව තීරණ ගන්න කාටවත් අයිතියක් නෑ. මගේ රුචිකම ඔබේ රුචිකම වියයුතු නෑ, ඔබේ රුචිකම මගේ රුචිකම වියයුතු නෑ, තව කෙනකුටත් ඒක එහෙම තමයි.

නමුත් රටේ අධ්‍යාපනයට මේ වගේ වෙබ් සයිට් එකක් වැටෙනවා නම් හරි නම්, අදාළ නිලධාරීන්, බලධාරීන් ඇතුළු සියලු දෙනා ඉවත්ව යායුතුයි මේ වැරැද්ද නිවැරැදි කරගන්න නම්. හේතුව, මෙහෙම වැරැදි වෙනවා නම් ඒ රටට කිසිම කණ්ඩායමකගෙ සහාය හෝ රැකවරණය අවශ්‍ය නෑ, වැඩක් නෑ එහෙම නිලධාරීන්ගෙන්. මොකද අපි හොඳටම දන්නවා මේක මේ එක්කෙනෙක් අතින් වෙච්ච වැරැද්දක් නෙමෙයි කියලා.

මේ වෙබ් අඩවිය අවහිර කරලා දාලා හැකි ඉක්මනින් පියවර ගත්ත ආණ්ඩුවට බොහොම ස්තුතියි. නමුත් වෙබ් අඩවිය වහලා දැම්මා කියලා හරි අවහිර කළා කියලා හරි සමාජගත වෙච්ච කතන්දරය සමාජගත නොවී තියෙන්නෙ නෑ. කොහොම නමුත් මේ වෙනකොටත් ඒ කතාව සමාජගත වෙලා ඉවරයි. ලංකාවේ මාධ්‍ය මගින් පවා පළකරලා ඉවරයි. ඒ සියල්ලමත් එක්ක අපි ඔබට කියන්නේ ඇත්තටම අමාත්‍යතුමියනි ඔබතුමියට තැන් තැන්වල ගිහිල්ලා එක් එක්කෙනා කරන බැණුම්, චෝදනා අහන්න සිද්ධ වෙනවා. ඔබතුමියට මේකෙන් ඍජුවම බේරෙන්න බෑ. ඔබතුමිය මේක දැනගෙන ඉන්න නැතුව ඇති, ඔබතුමිය සමහර විට මේක දකින්න නැතුව ඇති. නමුත් වගකීම තියෙන්නේ ඔබතුමියට. එහෙම නැතුව ඒ වගකීම පැහැර හැරලා, ඒ වගකීමෙන් මිදිලා ඒ වගකීම මගේ නෙමෙයි කියලා ඇඟ බේරගැනීමේ අයිතිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිම බලධාරියෙක්ට මේ මොහොතේ ලැබෙන්නේ නෑ.

ඒ නිසා සී.අයි.ඩී එකට පැමිණිලි කරලා වැඩක් නෑ. මොකද හේතුව පැමිණිලි කරනවා නම් සී.අයි.ඩී. එකට පැමිණිලි කරන්න ඕනේ ඔබතුමියලා නෙමෙයි ඔබතුමාලා නෙමෙයි ඇත්තටම හරිනම් අපි. මොකද, මේ සෙල්ලම් කරන්නේ ඔයාලගෙ නෙවෙයි අපේ දරුවන්ගේ අනාගතය එක්ක.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩුවේ අය ටීවීවලින් නම් කියනවා හැමෝටම දීලා ඉවරයි කියලා! හැබැයි මාසයක් ගිහිල්ලත් ජනාධිපතිතුමා දෙනවා කියපු කිසිම සහනයක් මේ ගමේ මිනිස්සුන්ට නම් ලැබිලා නෑ! ජරමර අස්සේ ගමේ මිනිස්සුත් එක්ක හිටපු ග්‍රාමසේවක නෝනාවත් මාරු කරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

2029ට බණ්ඩාරනායකවරුන්ගේ රොස්මිඩ් වලව්වෙන් විමුක්ති එනවා!  I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.