මීගමුව, තලාදූව, රැජිණ මාවත ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකු අහසට වෙඩි තබා තිබෙනවා. Sri Lanka Latest News
පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, එහිදී කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
අනතුරුව වෙඩි තැබූ 53 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මොවුන් දෙදෙනා වට්සැප් ඔස්සේ බැනවදිමින් ආරවුලක් ඇති කරගෙන ඇති අතර පසුව අද දහවල් හමුවූ අවස්ථාවේදී එක් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.










