• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජෝන් කීල්ස්-HCL ව්‍යාපෘතියට බදු සහනය දුන්නේ කව්ද? ලිපි ලේඛන ඉල්ලද්දීත් මුදල් කමිටුවට ලිපිලේඛන බාර නොදෙන බලවතා කව්ද? මෛත්‍රී-රනිල් 2015 නවත්වපු කැසිනෝවලට බදු සහන දීම තවම වලංගුද නැද්ද? හර්ෂ විශාල හෙළිදරව්වක් කරයි!

October 21, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ජෝන් කීල්ස්-HCL ව්‍යාපෘතියට බදු සහනය දුන්නේ කව්ද? ලිපි ලේඛන ඉල්ලද්දීත් මුදල් කමිටුවට ලිපිලේඛන බාර නොදෙන බලවතා කව්ද? මෛත්‍රී-රනිල් 2015 නවත්වපු කැසිනෝවලට බදු සහන දීම තවම වලංගුද නැද්ද? හර්ෂ විශාල හෙළිදරව්වක් කරයි!
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ප්‍රකට ජෝන් කීල්ස් සමාගම සහ HCL ටෙක්නොලොජීස් සමාගම ඒකාබද්ධ ගිවිසුමකින් ආරම්භ කිරීමට ගිය ‘සිනමන් ලයිෆ් කොම්ප්ලෙක්ස්’ නැමැති මහාපරිමාණ ව්‍යාපෘතියකට පසුගිය වසරේ ලබා දුන් දැවැන්ත බදු සහනය වහාම සමාලෝචනය කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අවධාරණය කොට තිබේ.

‘අයිලන්ඩ්’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා සදහන් කරන්නේ වත්මන් ආණ්ඩුව විසින් සමාගම් මත පනවා ඇති නව බද්දට මෙම බදු සහන ලබා දී ඇති සමාගම්ද යටත් කරන ලෙසය.

ආණ්ඩුව සමාගම් ඉලක්ක කර නව බදු සංශෝධනයක් හදුන්වා දී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව බව පෙන්වා දී ඇති ඒ මහතා එම නිසා මෙම සමාගම් දෙකද එම බදු කාණ්ඩයට ඇතුළත් කළ යුතුව ඇති බව පෙන්වා දී ඇත.‍

අනෙක් අතට ලබා දී ඇති මෙම බදු සහන පිළිබදව ඊට අදාළ ලිපිලේඛන ඉදිරිපත් කරන ලෙස මුදල් කමිටුව ආයෝජන මණ්ඩලයට දැනුම් දී තිබුණද මේ දක්වාම එම ලිපිලේඛන ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවද සිල්වා මහතා අවධාරණය කොට තිබේ.

එමෙන්ම සිල්වා මහතා පවසන්නේ මෙම සමාගම්වලට බදු දී ඇති දේපොළ වඩාත් ලාබ ඉපැයිය හැකි වෙනත් උපායමාර්ගිකව වැදගත් ආර්ථික ව්‍යාපෘති සදහා බදු දීමට අවස්ථාව නොලැබීමද ගැටලු සහගත බවකි.

ඉකුත් රජය විසින් ජෝන් කීල්ස් සමාගමට සහ HCL ටෙක්නොලොජීස් සමාගම වෙත මෙම බදු සහනය ලබා දී තිබෙන්නේ වසර 25කට බලපවත්නා පරිදි වන නමුත් රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩා වැටී තිබියදී මෙවැනි ආකාරයේ බදු සහන ලබා දී තිබීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, එය වහාම අත්හිටුවිය යුතු බවත් සිල්වා මහතාගේ ස්ථාවරය වී තිබේ.

එසේ නොකළහොත් ඊට එරෙහිව දැඩි මහජන විරෝධයක් මතුවීම වැළැක්විය නොහැකි බවද සිල්වා මහතා සදහන් කොට ඇත. මෙම සමාගමට ලබා දී ඇති බදු සහනය පිළිබද තොරතුරු වාර්තා වීමෙන් පසු මේ සම්බන්ධයෙන් වන සජබ ප්‍රතිපත්තිය රටට දැනුම් දෙන බවද හර්ෂද සිල්වා මහතා පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් යහපාලන රජය බිහි ‌කොට දින කිහිපයකින් පසු, එනම් 2015-01-31 වන දින එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කෙරුණු අතර ඉන් විශාල වශයෙන් බදු සහන ලබා දුන් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, සූදු ක්‍රීඩා, විශේෂයෙන් කැසිනෝ ව්‍යාපෘතිවලට ලබා දුන් බදු සහන අත්හිටුවීමට තීරණය කළේය.

Water Front Properties (pvt) Ltd, Lake Leisure Holdings (pvt) Ltd සහ Queensbury Leisure Ltd යන සමාගම් ඇතුලු බදු සහන ලබා දී තිබූ සමාගම් ඉන් ඉවත් කිරීමට එම කැබිනට් පත්‍රිකාව හරහා පියවර ගෙන තිබිණ.

හර්ෂද සිල්වා මහතා ප්‍රශ්න කර සිටින්නේ එම කැබිනට් පත්‍රිකාවේ අඩංගු කරුණු මෙම ජෝන් කීල්ස් සමාගමට සහ HCL ටෙක්නොලොජීස් සමාගම්වලට බල නොපන්නේද යන්නය.

2015දී මෛත්‍රී-රනිල් ආණ්ඩුව කරු සමග එක්ව බදු සහන ඉවත් කරමින් සම්මත කළ කැබිනට් පත්‍රිකාව

SendShareShare
Previous Post

චිකන් ‌කිලෝව 1080ට බස්සයි!

Next Post

ගිහින් එන්න ප්‍රභාත්! කට්ටියම බලන් ඉන්නවා!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.