මාධ්‍ය කලාව වෙනස් තලයකට රැගෙන ගිය සහෝදර මාධ්‍යවේදියකු වන ප්‍රභාත් අත්තනායක (41) මහතාගේ අවසන් කටයුතු අද දින නිට්ටඹුව කළගෙඩිහේනේදී පැවැත්වීමට නියමිතය.
ලේක්හවු්ස් ආයතනයෙන් සිය මාධ්‍ය වෘත්තීය ආරම්භ කළ ප්‍රභාත් අත්තනායක රටම දන්නා කියන ආන්දෝලනාත්මක මාධ්‍ය චරිතයක් බවට පත්වූයේ මව්බිම පුවත්පතේ ආරම්භක සාමාජිකයකු වෙමින් එහි ‘පාර දිගේ’ අතිරේකය බාර ගැනීමත් සමගය.
ඒ හරහා ප්‍රභාත් අත්තනායක සැබවින්ම ‘පාර දිගේ’ ගමන් කරමින් සමාජයේ මෙතෙක් කිසිවකු අතපත ගා නොතිබුණු සැගවුණු සංසිද්ධීන් විශාල ප්‍රමාණයක් පාඨකයා හමුවේ තැබීමට සමත් විය.
අනතුරුව ‘ජනයුගය’ පුවත්පතේ කර්තෘවරයකු ලෙස කටයුතු කළ ප්‍රභාත්, එහිදීද ‘නොමියෙන මිනිසුන්’ අතිරේකය සංස්කරණය කරමින් ඉතා කෙටි කාලයක් ඇතුළත ජනයුගය පුවත්පත පාඨකයා අතරට රැගෙන යාම සදහා සුවිසල් දායකත්වයක් ලබා දුන්නේය.
එමෙන්ම ආන්දෝලනාත්මක සහ ගවේෂණශීලී මාධ්‍යවේදියකු වශයෙන් මෑත කාලයේ මාධ්‍ය කලාවේ වෙනසක් කිරීමට කටයුතු කළ චරිත අතරින් ප්‍රභාත් අත්තනායක යනු ඉදිරි පෙළ සටන්කරුවෙක් බව සටහන් කළ යුතුමය.
එහෙනම් ප්‍රභාත් ගිහින් එන්න.
සුබ ගමන් සහෝදරයා!










