වැලිමඩදී හොර පොහොර ලොරියක් අල්ලා ගත් බවත්, ඊට සම්බන්ධ සියලු තොරතුරු හෙළිදරව් කළ මුත් එය යට ගැසීම සදහා දේශපාලකයන් කිහිප දෙනකු හවුල් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද මේ පසුපස සිටින බවට ගොවීන් චෝදනා කරන බවකි.
හොර ලියුම් ගසා මෙම වංචාව සිදු කර ඇති බවද ඒ මහතා කීය.










