අප රටේ නිදහස් අධ්‍යාපනයේ දැවැන්ත සාධනීය ප්‍රතිසංස්කරණයක් නිශ්චිතව අනිවාර්යෙන්ම නිවැරදිව විය යුතුය යන මතය තරයේ විශ්වාස කරන බවත් එය ප්‍රතිසංස්කරණයක් පමණක් නොව අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක් සිදුවිය යුතු බවත් සමගි ජන බලවේගය විරුද්ද වූයේ වත්මන් රජය අප රටේ නිදහස් අධ්‍යාපනය අසභ්‍යකරණයට හා විකෘතිකරණයට ලක් කිරීමට බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය නිවැරදිව ක්‍රියාත්මක නොවුණු අතර අදාළ පාර්ශ්ව සමග විවෘත හා විනිවිදභාවයෙන් යුත් සංවාදයකට යොමු නොවුණු නිසා අද නිර්මාණය වී ඇති අවිනිශ්චිචතාවයකට හා ව්‍යාකූලත්වය නිසා නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙන ගන්නා 41 ලක්ෂයකට ආසන්න දූදරුවන් දැඩි අසරණභාවයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වත්මන් රජයේ අසභ්‍යකරණය වූ අධයාපන ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
විපක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට උදව් කරන ලෙසත් විරුද්ධ නොවන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරිය කියා සිටියත් තොරතුරු කරුණු කාරණා විකෘති කර අධ්‍යාපනය ගැන ඇතිව තිබෙන සංවාදය වෙන අතකට හරවන්නට කටයුතු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රජය ක්‍රියාත්මක කරන්නේ නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් යැයි කිව්වත් මේ තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට නිසි තැන ලබා දී නොමැති බවත් 1 වසරේ සිට 5 වසර දක්වා සිසුදූදරුවන්ට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය අහිමි කර ඇති බවත් මේ ප්‍රතිසංස්කරණ තුළ නව තාක්ෂණය රොබෝ තාක්ෂණය ඩිජිටල් උපකරණ ප්‍රවේශය හා සම්බන්ධතා මෙන්ම පාසල්වල තිබිය යුතු පහසුකම් සමග මේවා ක්‍රියාත්මක වන්නේද කියා ගැටලුවක් ඇති බවත් මේ වන විට මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ බරපතල මානව හා භෞතික සම්පත් ඌනතාවක් තිබියදී බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය කියන්නේ මේ අසභ්‍යකරණය වූ ප්‍රතිසංස්කරණයට විරුද්ධ වෙන්න එපා කියලා
මේ ගුරුවරුන් නිවැරදි විධිමත් පුහුණුවකට ලක් කරාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂය මේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නැති බවත් එදා සමගි ජන බලවේගය සුහුරු පන්ති කාමර පාසල්වලට ලබා දෙන විට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ගැන කතා කරන විට ජපන් භාෂා ගැන කතා කරන විට විහිලු කරේ වත්මන් රජය බවත් ලෝකයේ විශාලතම වෙළෙදපොළ ඇති ඉන්දියාවේ හින්දි භාෂාව හා චීනයේ චීන භාෂාව ඉගෙනීම ගැන තමා කතා කරන විට එය උපහාසයට ලක් කළේ වත්මන් රජයේ මැති ඇමතිවරු බවත් අද මොවුන් අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කර ප්‍රතිසංස්කරනවලට විරුද්ධ වෙන්න එපා යැයි කියන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
දැන්වත් උද්දච්ච නොවී අපේ අදහස්වලට ඇහුම්කන් දෙන්න
දැන්වත් විපක්ෂයේ අදහස්වලට වෙනත් පාර්ශ්වවල අදහස්වලට සවන් දී උද්දච්ච නොවී ප්‍රගතිශීලී සංවාදයට යොමු විය යුතු බවත් මේ යන විදිහට ගියොත් එය නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් බවත් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ අසභ්‍යකරණය කිරීමේ වත්මන් රජයේ කුමන්ත්‍රණවලට විපක්ෂය සම්බන්ධ නොවන බවත් නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරනයක් සදහා සහයෝගය ලබා දෙන බවත් අප රටේ ජීවය හා ප්‍රාණය වන නිදහස් අධ්‍යාපනය රැකගත යුතු මේ පරිවර්තනය නිවැරදිව අසභ්‍යකරණයෙන් තොරව ක්‍රියාත්මක විය යුතු බවත් දරුවන් වෙනුවෙන් ඒ යුතුකම විපක්ෂය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










