කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට ඊයේ අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණ.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කැකනදුර පදිංචි වී සිටි ජී තරූෂි නමැති 23 හැවිරිදි තරුණියකි. තුවාල ලබා ඇත්තේ වාරියපොල පදිංචි කේ ඒ ධනුෂ්ක (22) තරුණයෙකි.
මොවුහු කොස්ලන්ද උඩ දියලුම සංචාරයක පැමිණ රාත්‍රී කාලයේ කදවුරු බැඳගෙන සිටී බව පොලීසිය කියයි.
තරුණියට පහර දුන් වන අලියා එම ස්ථානයේම ගැවසෙමින් සිට ඇති අතර ඒ පිරිස සමඟ පැමිණි සියලු දෙනා පලවා හැර ඇති බවද පොලිසිය කියයි.
පසුව මහත් පරිශ්‍රමයක් දරා පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව අලියා පලවා හැර තිබේ. කොස්ලන්ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මෙම තරුණිය හෙද සේවිකාවක් වන අතර දෙදෙනා රට වටේ සංචාරය කරමින් ලස්සන තැන් සමාජ මාධ්‍ය ජාලායට එක් කළ යුවළක් බවද පැවසේ.










