B.C පෙරේරා වැටුප් කොමිසම හරහා ක්‍රියාත්මක වූ වැටුප් වැඩි වීම වසර තිහකට අධික කාලයක් නොලැබිම නිසා දැඩි අසරණ වූ ගුරු විදුහල්පති ක්ෂේත්රයේ 85000ක් පමණ අගතියට පත්ව ඇති බවත් සමහරුවන්ට 40000ක විශ්‍රාම වැටුපක් ලැබෙන විට සමහර අයට 120000ක පමණ විශ්‍රාම වැටුප් ලැබෙන බවත් මේ බරපතල අසාධාරණයට විරුද්ධව තමාත් සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය කරන්න පුලුවන් ලොකුම සටන කර සාධාරණයක් ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දියත පොල්දූව මංසංධියේදී විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය පැවැති ස්ථානයට එක්වෙමිනි. මොවුන්ගේ අයිතිය ජයග්‍රහණය කරවන්න නායකත්වය දෙන බවත් අයවැය කතාවේ සහ විවාදයේදී කාරක සබා අවස්ථාවේ දී පවා මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන බවත් අවශ්‍ය නම් නෛතික පැත්තෙන් පවා නොමිලේ නීති සහාය දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
















