• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2023දී මේ ප්‍රබල අනාවැකිය කියපු හීනටිගල ඉන්ද්‍රවංශ හාමුදුරුවෝ කෝ? Sri Lanka Latest News

December 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
2023දී මේ ප්‍රබල අනාවැකිය කියපු හීනටිගල ඉන්ද්‍රවංශ හාමුදුරුවෝ කෝ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල පැවැති දැඩි වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමග සිය ගණනක් ජනතාවට ජීවිත අහිමිව ගියා. මිල කළ නොහැකි රාජ්‍ය සහ පෞද්ගලික දේපළ විනාශ වී ගියා. ඒ සියල්ලටම හේතුවූයේ හිටි හැටියේ ශ්‍රී ලංකාව හරහා හමාගිය දරුණු සුළි කුණාටුවයි. මෙවැනි ස්වභාවික විපත් පිළිබඳ මාධ්‍ය මගින් සිදුකරන විවිධාකාර අනාවැකි පිළිබඳ අප ඕනෑ තරම් අසා තිබෙනවා. එහෙත් 2026 වර්ෂය ආරම්භ වීමට කෙටි කාලයක් තබා ශ්‍රී ලංකාව මෙවැනි දැඩි ස්වභාවික ව්‍යසනයකට මුහුණපාන බවට නිවැරැදි පුරෝකථනයක් සිදුකළ ස්වාමින්වහන්සේ නමක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ Vishwa Karma යූටියුබ් නාලිකාවෙනි. එම යූටියුබ් නාලිකාව වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් පූජ්‍ය හීනටිගල ඉන්ද්‍රවංශ ස්වාමින්වහන්සේ විසින් මෙම පුරෝකථනය සිදුකර තිබූ අතර, ඉන් උපුටාගත් කොටස් කිහිපයක් පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම පුරෝකථනය 2023 වර්ෂයේ පටිගත කරන ලද වීඩියෝවක අන්තර්ගතව තිබීමයි.

උතුම් වූ තෙරුවනේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් අදත් ඔබව අප ආමන්ත්‍රණය කරනවා සුවිශේෂ ආධ්‍යාත්මික ප්‍රකාශයක්, විශ්වීය ආධ්‍යාත්මික පණිවුඩයක් පිළිබඳ ඔබව දැනුවත් කරන්න. ඒ නිසා මේ සුවිශේෂ අවස්ථාව ගැන උතුම් වූ විශ්ව ආධ්‍යාත්මික ශක්තීන් තුළින් ලබාගන්නා වූ, යම්කිසි ධ්‍යාන බලයක් තුළින් ලබාගන්නා වූ ශක්තියක් තුළ, සුපැහැදිලිව දර්ශනය වන්නා වූ යම් කාරණාවක් පිළිබඳ අද අපි ඔබව දැනුවත් කරනවා.
විශේෂයෙන්ම අප ඔය ඇත්තන් විෂයෙහි තදින්ම විස්තර කළා, විවරණය කළා මෙය මහා පව සෝදන කාලයක්, ආධ්‍යාත්මික යුගයකට පරිවර්තනය වන්නා වූ කාලයක්, ආධ්‍යාත්මික පරිණාමයක් මේ පෘථිවිය තුළ සිදුවන්නා වූ කාලයක් බව. ඒ තුළින් අප පුන පුනා අවධාරණය කළා, වාතය, දෙරණ, ජලය විශේෂයෙන්ම සොබාදහම හරහා කම්පනයට පත්වන බව. යම් ශෝධනයකට, යම් වෙනස් කිරීමකට ලක්කරන බව. සොබාදහමේ බය සහ සොබාදහමේ භයානකත්වය මනුස්සයාගේ ඇස් ඉදිරිපිට පුපුරා යමින් යන කාලයක් බව අප පුන පුනා අවධාරණය කළා.

ඉදිරි වර්ෂ දෙක තුළ විශේෂයෙන්ම භූමිය ආශ්‍රිතව යම් දරුණු කම්පාවන් සහ දරුණු ව්‍යසනයන් සිදුවීමට නියමිතයි. ඉන් අනතුරුව ජලය ආශ්‍රිතව සිදුවන්නා වූ මහා ව්‍යසන සහ මාරක සිදුවීමට නියමිතයි. මේ රැල්ල, මේ වේව් (අ්ඩැ) එක නිමාවක් කරා පත්වන්නේ 2026 ආරම්භයත් සමගමයි. ඒ 2026න් තමයි මේ ආධ්‍යාත්මික පරිණාමයේ ආරම්භක වර්ෂය වශයෙන්, ආධ්‍යාත්මික සියවසක ආරම්භක වර්ෂය වශයෙන් අප අර්ථකථනය කරන්නේ. ඒ නිසා එය සුපැහැදිලි සත්‍යයක්.

විශේෂයෙන්ම ඉන්දීය භූවිද්‍යා පර්යේෂකයන් මත පළකරනවා ඉතාමත් කෙටි කාලයක් තුළ හිමාලය ආශ්‍රිත භූ තැටියේ යම් රික්ටර් පරිමාණයේ යම් කම්පනයක් සිදුවීමට නියමිත බවත්, විශේෂයෙන්ම ලංකාව දක්වා එහි ප්‍රතිකම්පන ඇතිවීමේ ශක්‍යතාවයක් තිබෙන බව වාර්තා කරලා තිබෙනවා.

ඉන් බොහෝ දෙනෙක් මහා පීඩාවකට, මහා ඛේදවාචකයකට ලක්වීමටත් නියමිතයි. බොහෝ දෙනකුට මියයාමට සිද්ධ වේවි, දේපළ අලාභහානි රැසක් සිදුවේවි. භූ ගර්භයේ සිදුවන්නා වූ යම් යම් වෙනස්කම්, භූ ගර්භයෙන් එළියට ඇවිල්ලා පොළොව මතුපිට සිදුවන්නා වූ කම්පන සහ වෙනස්කම් ස්වභාවයකට පත්කරලා මිනිස්සුන්ට දැවැන්ත පණිවුඩයක් ලබාදේවි. ඔය ඇත්තන්ගේ ගමන් රටාව වෙනස් කරගන්න, ආධ්‍යාත්මික ජීවිතයකට යොමුවෙන්න කියන්නා වූ නිහඬ පණිවුඩය භූමිය පවා කම්පා වෙමින් ඉදිරියේදී තමන්ගේ ඇස්පනාපිටම දර්ශනය කරගැනීමේ හැකියාවක් ලැබේවි.

එවැනි බොහෝ දේවල් ලංකාව තුළ මහා ව්‍යසන සිදුවීමට ඉදිරි දෑවුරුද්ද ඉතාමත් තීරණාත්මකයි. මොකද ලංකාව බේරුණොත් බේරෙන්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනය, නිර්මල බුද්ධ වචනය නිසාමයි.

විශේෂයෙන්ම මේ අවස්ථාවේ, මේ කාලපරිච්ඡේදය තුළ තවත් සුවිශේෂ දර්ශනයක් අප දර්ශනය කරගන්නවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මහා වෙනස්කමක් දකින්නට ලැබෙනවා. එය ශාක විද්‍යාඥයන්, විවිධ වූ විද්‍යාඥයන් මොනවා කිව්වත් මහා ව්‍යසනයක නිමිත්තක් උන්වහන්සේ නිහඬවම ප්‍රකාශ කරනවා. ඒක තේරෙන්නේ ආධ්‍යාත්මික රිද්මයක, ආධ්‍යාත්මික ආර්ය මාර්ගයක යන පුද්ගලයන්ට, උත්තමයන්ට පමණක්මයි. උන්වහන්සේ සංඥා පවත්වනවා අනාගත දෑවුරුද්ද, අනාගත කාලය ඉතාමත් තීරණාත්මකයි. වහ වහා පුළුවන් නම් ගෞතම බුද්ධ වචනයේ සැබෑ හරය, ශ්‍රී සද්ධර්මයේ සැබෑ වටිනාකම, ආර්ය මහා සංඝරත්නයේ සැබෑ වටිනාකම හඳුනාගෙන, නිරවුල් වූ බුද්ධ වචනයේ ප්‍රතිපදාවට පත්වෙන්න කියන පණිවිඩය ලබාදෙනවා. උන්වහන්සේගේ ශාක සහ පත්‍රවල ඇතිවන්නා වූ වෙනස්කම. එය වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියලා කියන්නේ සොබාදහම ඉඟියක් දෙනවා මහා විනාශයක් ඉදිරි කාලපරිච්ඡේදය තුළ සිදුවීමට නියමිතයි කියලා.

හිමාලය ආශ්‍රිතව මහා කම්පනයක් සිදුවීමට ඒකාන්ත වශයෙන්ම නියමිතයි. ඉන් අනතුරුව ජලයේ මහා ව්‍යසනය එන්න තියෙන කාල පරිච්ඡේදයක්. ඉන් අනතුරුව සියල්ල නිමාවකට පත්වීමත් සමගම සොබාදහම විසින් සැබෑවටම මහා පරිසරයක් හදාවි ගෞතම බුදුන් වහන්සේගේ නිර්මල බුද්ධ ශාසනය තුළ. ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුන් වහන්සේගේ භාග්‍යවත් වූ නිර්මල ශ්‍රී සද්ධර්මය නැවත වාරයක් නිරවුල් වූ ආකාරයෙන් නිවන් මග වෙනුවෙන් පෝෂණය කිරීමට අවශ්‍ය මාවත මේ මිහි තලය තුළ නිර්මාණය කරාවි. එය ගෞතම බුද්ධ ශාසනයේ ස්වර්ණමය අවසාන නිවන් දොරටුවයි.

ඒ හිමාලය ආශ්‍රිතව ඒකාන්තයෙන් මහා කම්පනයක් සිදුවීමට නියමිතයි. ඒ කම්පනය දැනට තක්සේරු කර ඇති කම්පනයටත් වඩා යම් දශම ගණනක් වැඩිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම 8.5 හෝ 9 දක්වා යන කම්පනයක් බවටත් පත්වෙන්න පුළුවන්. ඉන්දියාවේ හිමාලය සහ ඒ ආශ්‍රිතව හටගන්නා වූ මහා භූ කම්පනයත් සමගම මහා ව්‍යසන රැසක් සිදුවීමටත් නියමිතයි. උතුරු ඉන්දියාවේ සිදුවන්නා වූ ඒ මහා කම්පන තත්ත්වය නොම වේවා කියලා අප ඒකාන්ත වශයෙන්ම අප අධිෂ්ඨානය කරනවා.
ඉදිරියේදී කවුරු මොනවා කිව්වත් ලංකාවේ විවිධ වූ මහා ව්‍යසනයන්ට සහ නොහිතූ නොපැතූ ආකාරයේ වෙනස්කම්වලට පත්වෙන්නා වූ යුගයක් බවට පත්වේවි. යම් යම් තැන්වල වෙනස්කම් ඇති කරගනිමින් හිතාගන්න බැරි විදියට මහා ව්‍යසනයන්ට මුහුණ දෙන්නා වූ කාලයක් බවට පත්වෙනවා.

රුවන්වැලි මහා සෑය ගාවට ගිහිල්ලා පහන් පත්තු කරලා විභාග පාස්වෙන්න කියලා මෝඩ අදහස්වලින් ඉල්ලන්න එපා. බිම පෙරළි පෙරළි වන්දනා කරන තැනට පත්වෙන්න එපා. ඒක මහා මෝඩ වැඩක්. එතැන ගිහිල්ලා යම් සමාධි සුවයකට පත්වෙලා විමුක්ති මාර්ගය පිළිබඳ මෙනෙහි කරන්න, යෝනිසෝමනසිකාරයෙන් යුක්තව. ඒකම තමයි කුසලය බවට පත්වෙන්නේ.

‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’. එයමයි එකම ආරක්ෂාව, එකම රැකවරණය. තමන්ගේ අනාගත ලෝකයක් තුළ, තමන්ගේ ජීවිතයට ලැබෙන්නා වූ එකම සුරක්ෂාව එපමණයි.
ඒ නිසා අප ඔබට අනුශාසනා කරනවා මේ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා වීම සඳහා වහ වහා ප්‍රතිපත්තිගරුක ජීවිතයකට යොමුවෙන්න. වහ වහා නිර්මාංශභාවයට පත්වන්න. සියලු සත්වයන්ට දයාව, මෛත්‍රිය, කරුණාව හෘදයෙන්ම ඔබ මුදාහරින්න. මේ මහා විශ්වයට, සොබාදහමට ඔබගේ කරුණාව, මෛත්‍රිය කියන එක ප්‍රායෝගික ජීවිතය තුළින්ම ඔබ මුදාහරින්න. ඔබව සුවපත් වෙනවා වගේම අන්‍යයන් සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව, මෛත්‍රීසහගත ප්‍රතිපදාවක ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. එයම පමණයි ආරක්ෂාව පිණිස පවතින්නේ…

චානක ලියනගේ

SendShareShare
Previous Post

ආපදාව අස්සේ සිරිපා හිමෙන් මතුවූ රහස් පඩිපෙළ! Sri Lanka Latest News

Next Post

සෙබළාද? සොල්දාදුවාද? රණවිරුවාද? Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.