රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ඔහු එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහෙස්ත්‍රාත් අධිකරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.










