තිරිඟු පිටි සඳහා පනවා තිබූ ආනයන බදු සහනය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබීම හේතුවෙන් ඉදිරි දින කිහිපය ඇතුළත පිටි මිල ඉහළ යනු ඇති බව වෙළෙන්දෝ පවසති.
2020 ජනවාරි මාසයේදී රේගු ආනයන බද්ද කිලෝවක් රුපියල් 15-16 සිට රුපියල් 3 දක්වා අඩු කිරීම හරහා මෙම තීරුබදු සහනය ලබා දී තිබිණ.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් රේගු ආඥාපනතේ 19A වගන්තියට අනුව මෙම තීරණය පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.










