අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර හක්මණ ප‍්‍රදේහයේ පැවති උත්සවයක වේදිකාවට ගොඩ වූ හක්මන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය ගැටමානේ ධම්මාලංකාර හිමි ආණ්ඩුවට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කළේය.
අද හැටනම ලක්ෂයෙන් හැට ලක්ෂයක් ඉන්නේ වේදනාවෙන් බවද පැවසූ උන්වහන්සේ මේ ආණ්ඩුව රටට කළ වැඩේ කුමක්දැයි ප්‍රශ්න කළහ.
රටට ආදරයක් ඇත්තේ නම් වසර දහයකට රට හමුදාවට භාර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ එහිදී කියා සිටියහ.











