නොතීසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (21) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසට ගොස් දැන්වීම් අලවනු ලැබීය. Sri Lanka Latest News
ඒ අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින්.
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් අවිධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව මෝසමක් මගින් අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරු ඔහුට නොතීසි නිකුත් කෙරුණි.
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන අගෝස්තු 29 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) නොතීසි නිකුත් කළේය.










