• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිරකල් ඩෝම් ගිහිල්ලා හොයාගත්ත ඇත්ත මෙන්න…! Healing Room එක අස්සෙ ඇත්තටම වෙන්නෙ මොකක්ද? Sri Lanka Latest News

July 20, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මිරකල් ඩෝම් ගිහිල්ලා හොයාගත්ත ඇත්ත මෙන්න…!  Healing Room එක අස්සෙ ඇත්තටම වෙන්නෙ මොකක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකය විවිධාකාරයි. හරියට මීවදයක් වගේ. මීවදයක අන්තිමට අපිට දැනෙන්නේ මී පැණි රස. ඒත් මේ වගේ හැදෙන්නේ පැණි රස, තිත්ත රස, ඇඹුල් රස කඨෝර රස, මේ හැම රසයක්ම එකතුවෙලා. ඒත් පස්සෙ කිසි කෙනකුට මේ වෙනස් වෙනස් රස වෙන් කරලා ගන්න බෑ. ලොකු විවිධාකාර මල්වල පැණි මී වදයේදී එකම එක පැණි වර්ගයක් බවට පත්වෙනවා. උස ගස්වල පැණි වෙනමත් මිටි ගස්වල පැණි වෙනමත්, සුදු මල්වල පැණි වෙනමත්, පාට පාට මල්වල පැණි වෙනමත්, ලොකු ගස්වල පැණි වෙනවත්, පුංචි පැළෑටිවල පැණි වෙනමත් වෙන් කරලා හඳුනාගන්න පුළුවන් ජගතෙක් මේ ලෝකෙ කිසිම තැනක නෑ. Sri Lanka Latest News

මට මිරකල් ඩෝම් එක ගැන හිතෙන්නෙත් එහෙම. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම එක එක තැන්වලින් ආපු මිනිස්සු එක තැනක එකට පොදිකමින් එකම අරමුණක් වෙනුවෙන් එකම ගමනක් යනවා. හැබැයි මතක තියාගන්න මම මේ කියන්නේ ඒ ගමන හරි කියලවත්, ඒ ගමන වැරදියි කියලවත් නෙමෙයි. මම මේ ගමන එන්නේ පත්තරකාරයෙක් විදිහට. මම ඔවුන්ගේ ධර්මයේ කොටස්කරුවෙක් නෙවෙයි. මම ඔවුන්ගේ ධර්මය විවේචනය කරන්නෙකුත් නෙමෙයි. මම මේ කිසිම කෙනෙක්ගෙ අනුගාමිකයෙක් නෙමෙයි. මම මේ කිසිම කෙනෙක්ට එරෙහි වෙන්නෙකුත් නෙමෙයි. මේ වෙලාවේ මම අතරමැදියෙක් විදිහට ඔවුන් කොහේ ඉඳලා කොහේ යනවද කියලා බලන්න ඔවුන්ගෙ පිටිපස්සෙන් යනවා. එහි සඟවන්න දෙයක් නැති නිසාද කොහෙද ඔවුන් මාව මේ හැම තැනකටම එක්ක යනවා. ලංකාවේ‍ ලොකුම අංගසම්‍පූර්ණ ශ්‍රවණාගාරය කියල කියන නිසා පොඩි සෝබනේකට සේරම පෙන්නනවා වෙන්න ඇති. කොහොම වුණත් නොදැක්ක දෙයක් විවේචනය කරනවට වඩා සදාචාරවත් වෙන්නේ ඇහෙන් දැකලා, කනෙන් අහලා ඒ පිළිබඳ නිගමනවලට එන එක කියලා මම විශ්වාස කරනවා.

ගිය සතියේ නතර කරපු තැනින් මේ සතිය පටන් ගන්නවා නම්, ඇන්ජලෝ මාව එක්කගෙන ආවේ හීලින්ග් රූම් එකට. මේක තියෙන්නේ ඇතුළු වෙන දොරටුවෙන් වෙනත් පැත්තක. එක පැත්තක සනීපාරක්ෂක පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කරලා තියෙනවා. පන්දාහකට අධික පිරිසකට වැසිකිළි පහසුකම්‍ ඇතිකිරීම ලේසි නෑ. ඒ හින්දම මම පොඩි පින්තූරෙකුත් ගහගත්තා. ඇත්තම කතාව කියනවා නම් ලංකාවේ බොහොමයක් ආගමික මධ්‍යස්ථානවල මේ වැඩේ ප්‍රමිතියට කරල නෑ කියලා මම කියන්නේ වගකීමක් ඇතිව. පන්සලට, පල්ලියට, කෝවිලට දේවස්ථානයට එන මිනිසුන්ට හිතේ පිරියක් ඇතිව වැසිකිළි කැසිකිළි පහසුකම් ටික විඳින්න අවස්ථාව දෙන්න බැරිනම් ඒක ඒ මිනිස්සුන්ට කරන විශාල අසාධාරණයක් විදිහටයි මට හිතෙන්නේ.

ඒකට හේතුව සාමාන්‍යයෙන් ආගමික මධ්‍යස්ථානයක මිනිස්සු විශාල පැය ගණනක් රැඳෙනවා. ඒ නිසා ඒ අයට අවශ්‍ය පහසුකම් ටික සපයන එක ඒ ආගමික මධ්‍යස්ථානයේ ප්‍රධානීන්ගේ හෝ වෙනත් කටයුතු මෙහෙයවන්නන්ගේ රාජකාරියක්. ඒ අතින් නම් මිරකල් ඩෝම් එක ටොප් ක්ලාස් කියලා කියන්නෙ වගකීමක් ඇතුව.
දැන් ඕක කිව්වා කියලා මාත් එක්ක ඩෝං යන්න එපා. ඔයත් ඔයාගේ ගමේ පන්සලේ ඔයාගේ ගමේ පල්ලියේ ඔයාගේ ගමේ කෝවිලේ මිනිස්සුන්ට පිරියක් ඇතුව යන්න පුළුවන් වැසිකිළි කැසිකිළි පද්ධතියක් හදන්න මහන්සි වෙන්න. අපේ ඉපැරණි වෙහෙර විහාරස්ථාන සංස්ථාවේ පවා මේ වැසිකිළි කැසිකිළි පද්ධතියට විශාල ස්ථානයක් දීලා තියෙනවා.
ඔය හීලින්ග් රූම් එක කියන්නේ ඕකද? එහෙම අහන්න හිතුණා නේද? කලබල වෙන්න එපා චුට්ටක් ඔහොම ඉන්න. හදිසියට කොරොස් කටෙත් අත දාගන්න බෑ කියලා කතන්දරයක් අපේ පරණ ගමේ මිනිස්සු කියලා තියෙනවානේ.

හීලින්ග් රූම් එකට ඇතුළු වෙන තැන මුලින්ම සිද්ධ වෙන්නේ ඒ එන අයව ලියාපදිංචි කරගන්න එක. එයාගේ තියෙන රෝගාබාධ තත්ත්වයන් ගැන විමසලා, ඒ අය පැමිණීමේ හේතුවත් අහලා, විශේෂයෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය සජීව විකාශය සහ පටිගත කිරීමකට සහභාගි වෙන්න එකඟද කියලත් මෙතැනදී අහල දැනගන්නවා. හැබැයි මේ හීලින්ග් රූම් එකේ පළවෙනිම අදියර විතරයි. එම අවස්ථාවේදී ඒ විදිහට තොරතුරු දැනගන්න විශේෂ පිරිසක් ඉන්නවා. මේ අය පුටුවල වාඩිවෙලා නිදහසේ කතාබහ කරනවා. කිසිම තැනක කිසිම විදිහට පෝලිමක් දකින්න නෑ. එන සියලු දෙනාටම වාඩිවීමේ පහසුකම් සූදානම් කරලයි තියෙන්නේ. හැබැයි ඊළඟ අවස්ථාවේදී මේ අයට යන්න සිද්ධ වෙනවා විශේෂ රෝග පරීක්ෂාවකට.

එතැන මට මුණගැහුණේ අවුරුදු 15කට වඩා රජයේ රෝහල්වල රැකියාව කරන ශ්‍රී ලංකාවේ වෛද්‍ය විභාග සමත් වුණු දැනටත් සේවය නියුක්තව ඉන්න වෛද්‍යවරු. ඒ අය තමන්ගේ සේවය රෝහලට අවශ්‍ය නැති වෙලාවට මේ ස්ථානයට ඇවිල්ලා නොමිලයේ සේවය සපයන්නන්. නිශ්චිතවම ගණන් හිලව් කියන්න බැරි වුණාට එක අවස්ථාවකට වෛද්‍යවරු දහයක විතර ප්‍රමාණයක් මේ ස්ථානයේ ඉන්නවා. ඒ අය මෙතැනට පැමිණෙන රෝගීන්ගේ රුධිරයේ සීනි මට්‍ටම පරික්ෂාව, රුධිර පීඩනය මැනීම ආදී පරීක්ෂාවන් සියල්ලම මෙතනදී සිද්ධ කරනවා.

ඒ අතර ඔබට අවශ්‍ය නම් එච්අයිවී රෝග පරීක්ෂාව පවා කරගන්න පුළුවන්. ඇතැම් වෙලාවට මෙතැනට එන අසාධ්‍ය රෝගීන්ව වහාම රෝහල්ගත කළොත් ඊට අවශ්‍ය පහසුකම් පවා සූදානම් කරලා තියෙන බව මෙතැන හිටපු එක් වෛද්‍යතුමියක් මාත් එක්ක කිව්වා. ඇත්තටම අවශ්‍ය වුණොත් භාවිතයට ගන්න ඔක්සිජන් ටැංකි පවා මෙතැන තියෙනවා.
ඒ අය කියන විදිහට මෙතැනදී බොහෝ දෙනෙක්ගේ රෝග සත්‍යද, ඇත්තටම මේ රෝග තත්ත්වයේ තියෙන වර්තමාන ස්වභාවය මොකක්ද කියලා පළමු අදියරේදී දැනගන්නවා. යම්කිසි මට්ටමක රෝග තත්ත්වයන් පරීක්ෂා කරලත් බලනවා. හැබැයි මෙතැනදි කිසිම ප්‍රතිකාර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. රෝගියා සමග ඉතාම ප්‍රියමනාප, සුන්දර කතාබහකින් පස්සේ ඔහු හෝ ඇයව යොමුකරනවා විශේෂ දේශනයක් වෙතට. ඒ දේශනය ගැන වැඩි විස්තර කියන්න මම දන්නේ නැහැ. ඒකට හේතුව මම ඒ දේශනයට මුල සිට අගට සහභාගි නොවීම. නමුත් ඇන්ජලෝ කිව්‍වේ‍ ඒ ඉගැන්වීම සුවය ලබාගන්නා ආකාරය පිළිබඳ මුල සිට කරන දැනුවත් කිරීමක් කියලා. මම ආයෙත් වතාවක් කියනවා මම ඒ ස්ථානයට පිටස්තරයෙක්. මමත් සීයට සීයක් නිරෝගී පුද්ගලයෙක් නොවුණත් මම එතැනට ගියේ සුවපත්වීම පිළිබඳ සත්‍ය විමසන්නට නෙමේ. ඒ නිසා මම රෝග පරීක්ෂාවටවත් රෝග නිධාන පිළිබඳ කතාබහකටවත් සහභාගි වුණේ නැහැ. ඒ වෙනුවට මම කළේ පැත්තකට වෙලා මේ සිද්ධ වෙන දේවල් දිහා බලාගෙන ඉන්න එක. ආයෙත් වතාවක් කියන්න තියෙන්නේ මෙතැන තියෙන්නේ විශ්වාස කරන්න බැරි තරමේ අතිවිශිෂ්ට පිළිවෙළක්. ඒ පිළිවෙළ දෙවියන් වහන්සේ දුන්න දෙයක් නෙවෙයි කියලා මට සීයට සීයක් විශ්වාසයි. සමහර විට මං මෙහෙම කිව්වම මිරකල් ඩෝම් එකේ ජනතාව මාත් එක්ක තරහ වෙයි. ඒත් මතක තියාගන්න මම ගියේ ඒගොල්ලන්ව යාළු කරගන්න නෙමෙයි.

මේ කතාබහ අතරතුරේදී ඔවුන්ට පැහැදිලි කරනවා මේ මොකක්ද මෙතැන වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. එතැනදි ඔවුන්ගේ හිසේ තියෙන කොණ්ඩ කටුව ගැන පවා මම දැක්කා විශේෂයෙන් පැහැදිලි කරනවා. ඔවුන්ගේ හිසට අත තිබ්බට පස්සේ සමහර අය බිම වැටිලා දඟලන වීඩියෝ අපි දැකලා තියෙනවානේ. මේ අය ඒ ගැනත් කියනවා. යම්කිසි විදියකින් බිම වැටුණොත් හානිය අවම වෙන විදිහට කොණ්ඩ කටු ආදිය තියෙනව නම් ඒවා ගලවන්න කියලා දැනුවත් කරනවා. රෝග සුවවීම සහ රෝග පිළිබඳවත් ඔවුන්ව දැනුවත් කරනවා. ඒ සඳහා විශාල මට්ටමේ එල්ඊඩී තිරයක් පාවිච්චි කරනවා. මේ කතාබහ කරන්නේ පාස්ටර්වරුන් විසින්. ඔවුන් ඉතාම ප්‍රියමනාප ජනතාවක්. හිසේ සිට දෙපතුලටම ඔවුන් තුළ තියෙන පිළිවෙළ. මේ කතාබහේ තියෙන්නේ සිත් ඇදගන්නාසුලු බව. මම ඒවා වර්ණනා කරන්නේ අවංකව. නමුත් පිළිවෙළ උපක්‍රමයක් වෙන්නත් පුළුවන්. මේ ප්‍රසන්නතාවය පිළිවෙළ කියන එක හරහා මිනිස්සුන්ව රවට්ටන්නත් පුළුවන්. ඒ නිසා මම තවම චරිත සහතික දෙන්න කලබල වෙන්නේ නෑ.

මගේ දැනුම හැටියට රෝගීන් කණ්ඩායම් දෙකක් දෙයාකාරයකින් මේ ස්ථානයට ඇතුළු වෙනවා. එක කණ්ඩායමක් ඇතුළු වෙන්නේ ප්‍රධාන දොරටුවෙන් ඇවිල්ලා හීලින්ග් රූම් එක හරහා. අනිත් කණ්ඩායම විශේෂ දොරටුවෙන් කෙළින්ම ඇතුළු වෙනවා. ඒ අයව වෛද්‍යවරු විසින් ඒ ස්ථානයේදී පරීක්ෂා කරනවා රෝද පුටුවලින් සහ ගිලන් රථවලින් ඇතුළු වෙන අය.

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ, හීලින්ග් රූම් එකට එනවා දෙවැනි වතාවේ පරීක්ෂා කරන්නන්. ඒ කියන්නේ රෝගීව ඉඳලා, දේවගැති ජෙරොම්ගෙන් ප්‍රතිකාර අරගෙන ඉන් පස්සේ තමන්ගේ රෝගී තත්ත්වයන් පරීක්ෂා කරන අය. ඒ අය අතරින් බොහෝ දෙනෙක්ගේ රෝගී තත්ත්වයන් අතුරුදන් වෙලා තියෙන බවයි පළපුරුදු වෛද්‍යවරියක් මගෙත් එක්ක කිව්වේ.
ඇය මට මෙහෙම කිව්වා.

‘අපිට මෙතැන බොරු කරන්න බෑ. අපි කෙනෙක්ගෙ රෝග තත්ත්වයන් බලලා ඔයාගේ රෝග තත්ත්වය දැන් නෑ කියලා කිව්වම, එයා අනිවාර්යයෙන්ම එළියට ගිහිල්ලා ඒ ගැන ලෝකෙට කියනවා. බොහෝ වෙලාවට ඒ ගොල්ලෝ එළියෙන් ඒ ගැන පරීක්ෂා කරල බලනවා. එහෙම බලද්දී රෝගයක් තියෙනවා කියලා අහුවුණොත් අපිට අපේ රස්සාව කරන්න බැරි වෙනවා. මොකද අපි රැකියාව කරන්නේ මෙතැන නෙමේනෙ. මේ හැමෝම වගේ කොතැන හරි රජයේ රෝහලක රැකියාව කරන අය. එතකොට වෛද්‍යවරු විදියට අපිට බොරු කියන්න බෑ. විශේෂයෙන්ම රෝගයක් සම්බන්ධව රෝගියා සමග බොරු කියන්න බෑ. ඔයාට කලින් තිබුණු ලෙඩේ දැන් නෑ ඒක අතුරුදන් වෙලා කියලා බොරුවක් කොහොමටවත්ම කියන්න බෑ. අපි හිතොකොට ප්‍රතිඥාව දීලා ඉන්න කට්ටිය. ඒ නිසා මෙතැනදී ලෙඩ හොඳ වෙලා, ඒ බව පරීක්ෂා කරනු ලබන පරීක්ෂණ මගින් තහවුරු වෙනවා කියලා කියන්නේ අපිටත් විශ්වාස කරන්න බැරි විදිහේ ආශ්චර්යයක්…’

ඇය එහෙම කියනවා. ඇතැම් රෝගීව හිටි අයත් එහෙම කියනවා. මම මේ ලියන්නේ ඔවුන් කියපු දේ විතරයි. සුවපත් වෙලා ඉන්න රෝගීන් එක එක්කෙනා එක්ක කතා කරල ඔවුන් ගැන මේකේ ලියන්න මම කලබල වෙන්නේ නෑ. මොකද මම රෝගීන් පරීක්ෂා කරන්නවත්, රෝගීන්ගේ රෝගී තත්ත්වයන් ගැන කියන්න ලියන්නවත් දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි මට සිද්ධ වෙනවා රජයේ වෛද්‍යවරියක් කියන ඒ කතා විශ්වාස කරන්න.

මම කිව්ව පලියට ඔබ ඒක විශ්වාස කළ යුතු නෑ. එහෙම රෝගීන් ඉන්නවද, ඒ කොහේ ඉන්න අයද, මොන මොන ලෙඩද හොඳ වෙන්නේ කියන එක මම මෙතැන නොලියන්නේ එහෙම වුණොත් මේක වෙළෙඳ දැන්වීමක් වෙන හින්දා. ඒ වගේම සමහර දේවල් සඳහා මට ඇප වෙන්න බැරි නිසා. නමුත් ඔවුන් කිව්වා රෝගීන් සහ සුවවීම් පිළිබඳ දැනගන්න අවශ්‍ය නම් ඒ අයට කතා කරන්න.

මම ගිය නිසා ඔබ යායුතු නෑ. මම එහෙම කියන නිසා ඔබ නොයා යුතුත් නෑ. මා සමග ඈ කී නිසා ඔබ රෝගීන් සුවවෙන බව විශ්වාස කළ යුතුත් නෑ. ඔබ ඔබේ ප්‍රශ්නය ඔවුන්ගෙන් අහන්න. මම ඔබව ලබන සතියේ මිරිකල් ඩෝම් එකේ හීට්රූම් එකෙන් එහාට එක්ක යන්නම්.

මොන තරම් වැඩ රාජකාරි තිබ්බත් ඇන්ජලෝ මාත් එක්ක ඒ වැඩේට සූදානමින් ඉන්නවා. එතෙක් ප්‍රශ්න තියෙනවා නම් අහන්න, 0117774877 න්….

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සීයා කාලා කජු ඉවරද? Sri Lanka Latest News

Next Post

ජනාධිපති අහෝසියි!  I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.