• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හඳෙන් පස් ගෙනාවම NASA එක කියපු දේ! ‘ඕක කරන්න පුළුවන් එක්කෙනයි ලෝකෙ ඉන්නේ… ඒ අර ලංකාවේ මහාචාර්යවරයා…’ I Sri Lanka Latest News

February 22, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
හඳෙන් පස් ගෙනාවම NASA එක කියපු දේ! ‘ඕක කරන්න පුළුවන් එක්කෙනයි ලෝකෙ ඉන්නේ… ඒ අර ලංකාවේ මහාචාර්යවරයා…’ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1969 ජූලි 20 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන් හඳේ පය තියලා කිව්ව මේ කතාව අපි හැමෝම අහලා තියෙනවා. හැබැයි ඒ ඓතිහාසික ගමන ඉවර කරලා, ඇපලෝ 11 යානය ආපහු පොළොවට එද්දී ඒකෙ හඳේ පස් කිලෝ ගණනාවක් තිබුණා.Sri Lanka Latest News

මේ පස් ටික පරීක්ෂා කරලා, හඳේ ජීවීන් ඉන්නවද? එහෙම නැත්නම් ජීවයක් තිබුණද? කියලා ලෝකෙටම කියන්න නාසා එකට ඕනෙ වෙනවා සුපිරි වැඩකාරයෙක්. හැබැයි මෙච්චර ලොකු වැඩක් කරන්න ඔහු අතිදක්ෂයෙක් වෙන්න ඕනෙ. නාසා එකේ කට්ටිය කතාවෙන්න පටන් ගත්තා. ‘ඕක කරන්න පුළුවන් එක්කෙනෙක් විතරයි ලෝකේ ඉන්නේ… ඒ ලංකාවේ අර මහාචාර්යවරයට විතරයි…’ හැමෝගෙම මතය වුණේ ඒක.

ඉතින් අන්න ඒ විදියට එම භාරදූර වගකීම පැවරුණේ අපේ ලාංකිකයකුට. ඔහු නමින් මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම.
සිරිල් පොන්නම්පෙරුම මහත්මයා ඉපදුණේ ගාල්ලේ. ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා, පස්සේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව හදාරලා තමන්ගේ ගමන ආරම්භ කරනවා.

ඔහුගේ දක්ෂතාව කොච්චරද කියනවා නම්, කෙටි කාලයකින්ම ඔහු ලෝකයේ ඉහළම විද්‍යාඥයන් අතරට පත්වුණා. ඔහු ප්‍රධාන වශයෙන්ම උනන්දු වුණේ ජීවයේ සම්භවය ගැන හොයන්න. සරලවම කිව්වොත්, රසායනික ද්‍රව්‍ය එකතු වෙලා පණ තියෙන සෛලයක් හැදුණේ කොහොමද කියන රහස හොයන්න ඔහුට හැකි වුණා.

ඇපලෝ මෙහෙයුම් හරහා හඳෙන් ගෙනාපු සාම්පල පරීක්ෂා කරන්න නාසා ආයතනය විසින් පිහිටුවපු කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥයා වුණේ අපේ මේ ලාංකිකයා.
හිතන්න, ලෝකේ බලවත්ම රටවල සුපිරිම විද්‍යාඥයෝ ඉද්දි, නාසා එක මේ වගකීම අපේ රටේ මනුස්සයෙක්ට දුන්න එක මොන තරම් ගෞරවයක්ද?
හඳේ පස්වල ඇමයිනෝ අම්ල තියෙනවද? එහේ ජීවයක් තිබුණද? පෘථිවියේ ජීවය ඇති වුණු හැටි තේරුම් ගන්න හඳේ පස් උදව් වෙයිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හෙව්වේ සිරිල් පොන්නම්පෙරුම ඇතුළු කණ්ඩායම. ඔවුන් පුදුම හිතෙන කරුණු ගොඩක් ලෝකයට හෙළිකළා.

එතෙක් ලෝකය පුරා තිබුණු ලොකුම කුතුහලය වුණේ හඳේ ක්ෂුද්‍ර ජීවීන් හෝ යම් කිසි ජීවයක් තිබේද යන්නයි. සිරිල් පොන්නම්පෙරුම මහතාගේ පරීක්ෂණ මගින් තහවුරු කළා හඳේ මතුපිට කිසිදු ජීවියෙක් හෝ ක්ෂුද්‍ර ජීවියෙක් ජීවත් නොවන බව. ඔහු හඳේ පස්වල ඉතාමත් සුළු ප්‍රමාණවලින් ඇමයිනෝ අම්ල පවතින බව සොයාගත්තා. ඇමයිනෝ අම්ල කියන්නේ ප්‍රෝටීන සෑදීමට අවශ්‍ය මූලික ඒකකය, ඒ කියන්නේ ජීවයේ මූලික තැනුම් ඒකකය වගේ දෙයක්.

හැබැයි ඔහු පෙන්වා දුන්නා මේවා හඳේ ස්වභාවිකව හැදුණු ඒවා නෙවෙයි, පෘථිවියෙන් ගිය දූවිලි හෝ උපකරණ හරහා සිදුවූ පරිසර දූෂණය වීමක් නිසා සිදුවූවක් විය හැකි බව. ඒ තරම් සියුම් විදිහට ඔහු මේවා විශ්ලේෂණය කළා.

හඳේ පස්වල පෘථිවියේ වගේ සංකීර්ණ කාබනික අණු නොමැති බවත්, ඒ නිසා හඳේ ජීවය ඇතිවීමට අවශ්‍ය රසායනික පරිසරයක් නොමැති බවත් ඔහු විද්‍යාත්මකව ඔප්පු කළා. හඳේ පස්වල ඇති රසායනික මූලද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන්, සූර්යයාගෙන් නිකුත් වන කිරණ සහ සූර්ය සුළං හඳේ මතුපිටට බලපාන ආකාරය ගැනත් ඔහු තොරතුරු අනාවරණ කරගත්තා.

කෙටියෙන් කියනවා නම් මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා කළේ හඳේ ජීවය සෙවීමට වඩා ජීවයක් ඇති වීමට අවශ්‍ය රසායනික පසුබිමක් හඳේ තිබේද යන්න සෙවීම. පරීක්ෂණය අවසානයේ ඔහුගේ නිගමනය වුණේ හඳ කියන්නේ ජීවයකින් තොර, නිසරු තැනක් බව. මෙය අභ්‍යවකාශ විද්‍යාවේ ඉදිරි ගමනට ඉතා වැදගත් වුණා. මොකද එතැන් සිට විද්‍යාඥයන් තමන්ගේ අවධානය අඟහරු වැනි වෙනත් ග්‍රහලෝක වෙත යොමුකිරීමට මේ සොයාගැනීම බලපෑවා. ඒ වගේම ඔහුගේ පර්යේෂණ කෙතරම් නිවැරදිද කියනවා නම්, එදා ඔහු භාවිත කළ තාක්ෂණයන් අදටත් අභ්‍යවකාශ පර්යේෂණ සඳහා පදනමක් ලෙස භාවිත වෙනවා.

ඔහු හඳේ පස් ගැන විතරක් නෙවෙයි, ඔස්ටේ්‍රලියාවට වැටුණු Murchison උල්කාපාතය ගැනත් පරීක්ෂණ කළා. ඒ හරහා ඔහු ඔප්පු කරලා පෙන්නුවා පෘථිවියට පිටතින් අභ්‍යවකාශයේ පවා ජීවයට අවශ්‍ය මූලික රසායනික සංයෝග තියෙනවා කියලා. මේක මුළු ලෝකයම හොල්ලපු සොයාගැනීමක්.

ඔහු ලෝක ප්‍රසිද්ධ වුණත් තමන් ඉපදුණු රට අමතක කළේ නැහැ. ලංකාවේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කරන්න ඔහු විශාල උත්සාහයක් ගත්තා. ජනාධිපති උපදේශකයෙක් විදිහටත් කටයුතු කරමින් අපේ රටේ තරුණ විද්‍යාඥයන්ට පාර පෙන්වන්න ඔහු හැමවිටම කැපවුණා.

1994 දී මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා අපෙන් සමුගත්තා. නමුත් ඔහු තියපු සලකුණ අභ්‍යවකාශ විද්‍යාව තියෙනකම් මැකෙන්නේ නැහැ. අදටත් නාසා එකේ හෝ ලෝකයේ ඕනෑම තැනක ජීවයේ සම්භවය ගැන කතාකරද්දී මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම කියන නම අනිවාර්යයෙන්ම කියවෙනවා.

ලංකාව කියන්නේ නිකම්ම නිකම් දූපතක් නෙවෙයි, ලෝකයම පාලනය කරන දැනුම තියෙන මිනිස්සු ඉපදුණු රටක් කියන්න සිරිල් පොන්නම්පෙරුම මහත්මයා හොඳම උදාහරණයක්.

SendShareShare
Previous Post

ගෝඨාභය හොඳයි කිව්වා – මිනිස්සු ගහලා පැන්නුවා! රනිල් හොඳයි කිව්වා – මිනිස්සු ඡන්දෙන් පැරැද්දුවා! වෙරිටේ රිසර්ච් ඇත්තද? බොරුද? එච්චරටම ජනප්‍රියයි නම් තියාපල්ලකො පළාත් සභා…! Sri Lanka Latest News

Next Post

කමේනිට මරණය ඉල්ලා ඉරාන විශ්වවිද්‍යාල සිසුන් මහපාරට බහී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.