• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙදර නවත්තලා තිබ්බ ලියකියවිලි මොනවත් නැති වාහනය ගැන ලොහාන් කියලා තියෙන්නේ පට්ට බොරුලු! වාහනේ අරන් ඇවිත් තියෙන්නේ ලොහාන්මයි! 2021 ඒ වාහනේම කොළඹත් ඇවිත්! කුරුණෑගල හයිවේ එකෙත් ගිහින්! CCTV එකෙන් සියල්ල තහවුරුයි!  I Sri Lanka Latest News

November 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ නොවැම්බර් 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කර තිබේ.Sri Lanka Latest News

මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක දී ඔක්තෝබර් 26 වන දින සිදු කළ පොලිස් වැටලීමකදී මෙම ලෙක්සස් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සොයා ගැනීමට පොලිසියට හැකි විය. පොලිස් පරීක්ෂණ වලට අනුව වාහනයේ කිසිදු ලියාපදිංචි ලියකියවිලි හෝ බලපත්‍ර නොතිබිණි.

KY 6864 අංක තහඩුව ශෂී ප්‍රභා මහත්මියට අයත් වෙනත් වාහනයක ලියාපදිංචි අංකයක් බව හෙළි විය.

ලොහාන් රත්වත්තේ මහතා 2021 ඔක්තෝබර් 7 වන දින මෙම අංක තහඩුව සහිත වාහනයක් භාවිතා කර ඇති බවට සාක්ෂි ලැබී තිබේ.ඒ අනුව මියගිය සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් යයි ලොහාන් හා බිරිය කරන ප්‍රකාශ සාවද්‍ය බව තහවුරුවී තිබේ. ලොහාන් එකී දින මෙම වාහනයෙන් බැස ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම වෙත යන අයුරු සීසීටීවී දර්ශන වල මෙන්ම මාධ්‍ය වීඩියෝ වල සටහනක්ව ඇති අතර ඔහු එය පරිහරණය කළ බවට තවත් සාක්ෂි රැසක් සොයාගෙන තිබේ.

පොලිස් භාරයට ගත් මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අදාළ මෝටර් රථයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා 2021 වසරේ ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ ගොස් තිබූ බවත් එම අවස්ථාවේදී මෝටර් රථයට සවිකර ඇත්තේ KY- 6864, අංක දරන මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුව බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත

එම අංකය සම්බන්ධයෙන් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව හරහා සිදු කළ සොයා බැලීමේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ කලින් බිරිඳට අයත් මෝටර් රථයේ ලියාපදිංචි අංකය බවට මේ වන විට තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.මහනුවර ප්‍රදේශයේ පදිංචි එම කාන්තාවගේ දුරකතන අංකය සොයාගෙන ඇමතුම් ලබා ගත්ත ද එය මේ වන විට ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති බව පොලිසිය සඳහන් කරයි.

රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එදින එම මෝටර් රථයෙන් ගොස් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිටින් බැස යළි නැවත මෝටර් රථයට පැමිණෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයක් යූටියුබ් නාළිකා දෙකක විකාශනය වන අයුරු විමර්ශන නිලධාරීන් අධ්‍යනය කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා කීය.

ඊට අමතරව කුරුණෑගල අධිවේගී මාර්ගයේ ද එම මෝටර් රථයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කර ඇති බවට පැහැදිලි තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව පිවිසුමේ සවිකර තිබෙන සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමට නියමිත බව ද කීය. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම වීඩියෝ දර්ශන ඩීවීආර් යන්ත්‍ර සමග ලබා දෙන ලෙස නියෝගයක් ද, ඊට අමතරව වොයිස් කියුබ් හා ලංකා ෆයිල් නමැති යූටියුබ් නාලිකා දෙකේ හිමිකරුවන්ට අදාළ දිනවල සංස්කරණය නොකළ දර්ශන ලබා දෙන ලෙස නියෝගයක් ද නිකුත් කරන ලෙස ඉල්ලා නුගේගොඩ, ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මියගෙන් කරනු ලැබූ ඉල්ලීමට අවසර ලබා දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාරිය වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය පොලිසියට දී ඇති ප්‍රකාශයට අනුව වාහනය ඇගේ නිවසට ගෙන එන ලද්දේ ලොහාන් රත්වත්තේගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් බව පවසා ඇත. මෙම ලේකම්වරයා පසුව මහනුවර ප්‍රදේශයේදී හිසට වෙඩිතබාගෙන අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වී තිබේ.

ලොහාන් රත්වත්තේ මහතා පළමුව පොලිස් ප්‍රකාශයක් සඳහා කැඳවීමට අවනත නොවූ බැවින් මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඉන්පසු ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය නීතිඥවරයෙකු සමඟ අධිකරණයට ඉදිරිපත් වී ඇති අතර, ඇයද නොවැම්බර් 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර, නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහන සම්බන්ධ තවත් තොරතුරු අනාවරණය විය හැකි බව පොලිසිය පවසයි.

SendShareShare
Previous Post

අනුර දාන්න කලින් පන්දාහේ කොලයට අනුරගේ පින්තූරය දාපු කොල්ලා අල්ලයි! I Sri Lanka Latest News

Next Post

IMF ගිවිසුම වෙනස් කරනවා කියපු අනුර දැන් IMF එක ඉදිරියේ දණ ගහලා! එතුමත් දැන් IMF පදේට නටන්න පටන් අරන්! පොඩි මිනිහගේ ලොකු මිනිහා පොඩි මිනිසුන් වෙනුවෙන් යළි සටන අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.