ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුරෝකථනය කළ වේගයට වඩා වැඩි වේගයකින් ප්‍රකෘතිමත් වෙමින් පවතින බව, මහබැංකු අධිපති එස්.නන්දලාල් මහතා පවසයි.Sri Lanka Latest News
ඒ අනුව, ඉදිරි වසරේදී, අර්බුදයට පෙර පැවති තත්ත්වය රට යළි පැමිණෙනු ඇතැයි ඔහු පවසයි.
රටක් ආර්ථික අර්බුදයකට ඇද වැටුණු විට, එම රට නැවත ප්‍රකෘතිමත් වීමට වසර පහක කාලයක්වත් ගතවන බව පවසන මහබැංකු අධිපතිවරයා, ලංකාව සම්බන්ධයෙන් ගත් විට, වසර තුනක් වැනි කෙටි කාලයකින් ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීමට හැකිව ඇති බව අවධාරණය කරයි.
ඒ අනුව, ඉදිරි වසර තුළ දී, ජීවන වියදම, රැකියා නියුක්තිය, ආදායම සහ දරිද්‍රතාවය වැනි සියළු තීරණාත්මක දර්ශක, රට අර්බුදයට යාමට පෙර පැවති තත්ත්වයට ළගා වනු ඇති බව මහබැංකු අධිපතිවරයා පවසයි.










