ජඹුරේගොඩ ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක අද අලුයම වෙඩි ප්‍රහාරයක් ඒල්ල වීමෙන් දෙමටගොඩ පොලිස් විශේෂ අපරාධ විමරශණ කොට්ඨාසයේ සැරයන්වරයකු මියගොස් උප පොලිස් පරික්ෂකවරයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.Sri Lanka Latest News
තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායම වැන් රථයකින් අද අලුයම දෙකට පමණ ජඹුරේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවත් එම අවස්ථාවේ කිසියම් පිරිසක් මෙම වෙඩි තැබිම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
එහිදි වෙඩි වැදුන සැරයන්වරයා මියගොස් ඇති අතර උප පොලිස් පරික්ෂකවරයාගේ පාදවලට වෙඩි පහර කීපයක් වැදී ඇත. ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් මේ පිළිබඳ පරික්ෂණ ආරම්බ කර තිබේ.