• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් යාපනේ ගිහින් නිල් පාට ෂර්ට් එකක් ඇඳන් දීපු පණිවුඩය මොකද්ද? PHOTOS I Sri Lanka Latest News

January 5, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
රනිල් යාපනේ ගිහින් නිල් පාට ෂර්ට් එකක් ඇඳන් දීපු පණිවුඩය මොකද්ද? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන ලෙස සියලු පළාත්වල මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමඟ ඊයේ (04) පැවති හමුවකදීය.

සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීයවේදීන් මීට එක්ව සිටී අතර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ මතුකළ ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද පිළිසඳරකට ද එක් විය.

2024 – 2025 ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කෙරෙන වසර දෙකක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙරට ආර්ථික ප්‍රතිපත්තිවල සිදු කරනු ලබන උපායමාර්ගික වෙනසකම් පිළිබදව ද අනාවරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය
2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ ආර්ථිකය යම් පසුබෑමකට ලක් වුණා. ඒ වගේම 2020 මුහුණදිමට සිදු වූ කොවිඩ් වසංගතය නිසා එම තත්ත්වය තවත් ඉහළ ගියා. 2022 දී එය ඉතා නරක තත්ත්වයකට හැරණු අතර මෙරට ආර්ථක වර්ධනය ඍණ 7% ට වඩා අඩු අගයක් දක්වා පහත වැටුණා.

මෙම අසීරු කාලය පසු කර 2023 වසරේදී රටේ යම් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අපට හැකි වුණා. 2023 වසරේ මුල් කාර්තු දෙකේ ආර්ථික වර්ධනය අඩු වුවත් දෙවැනි කාර්තු දෙකේ අඩුවීමක් දක්නට නොතිබූ අතර සිව්වන කාර්තුවේ දී ධනාත්මක වර්ධනයක් ඇති වුණා.
මෙම පදනම මත අප මෙම වසරේදී 3%ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. එමෙන්ම 2025 දී එම ආර්ථික වර්ධන 5%දක්වා ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගතව කටයුතු කරනවා.
මේ අන්දමින් අපට ඉදිරියට යා හැකියි. මෙම වසර දෙක රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන වසර දෙකක් බව කිව යුතුයි. අද අපි රටේ ආර්ථික ක්‍රමය වෙනස් කර තිබෙනවා. අපි තවත් මුදල් මුද්‍රණය කරන්නේ නැහැ. මුදල් මුද්‍රණය කළහොත් රුපියලේ වටිනාකම පහළ ගොස් උද්ධමනය ඉහළ යනවා. ඒ වගේම අපි බැංකු වලින් ණය ගන්නේ නැහැ. මොකද අපේ රාජ්‍ය බැංකු පද්ධතිය ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා.
ඒ නිසා ණය ලබා නොගෙන සහ මුදල් මුද්‍රණය නොකර අප ඉදිරියට යා යුතුයි. මේ නිසා තමයි ණයකරුවන් සමඟ පැවැත්වූ සාකච්ඡාවවලදී මෙරට ආර්ථිකය ප්‍රමාණවත් තරම් ශක්තිමත් වෙයිද කියා ඔවුන් විමසා සිටියේ.
එසේනම් අප රජයේ ආදායම ඉහළ නංවාගත යුතුව තිබෙනවා. අපට මෙම වසරේදී දළ ජාතික නිෂ්පාදනයෙන් 12%ක ආදායමක් ලබා ගැනීමට සිදු වෙනවා. එය අවසන් කිරීමට තිබෙන්නේ 15%ක ඉලක්කයකින්.
ඒ නිසයි අපට මෙම වසරේදී වැට් බද්ද වැඩි කිරීමට සිදු වුණේ. ප්‍රමාණවත් ආදායමක් ලැබෙන ආර්ථිකයක් රටට තිබිය යුතුයි. ඒ වගේ අපි අයවැය සඳහා මුදල් වෙන් කළ යුතුයි. සංවර්ධනයට මුදල් වෙන්කළ යුතුයි. ඒ වගේම අපේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් වෙන් කළ යුතුයි.
විශාලම ගැටළුව වන්නේ අපේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ණය පොලී ගෙවීම සදහා වියදම් කිරීමට සිදුවීමයි. මේ පිළිබඳ අප සියලුදෙනාම වගකිව යුතුයි. මොකද අවශ්‍යතාවන් තෘප්තිමත් කිරීම සඳහා රජයන් තමන්ගේ හැකියාවන් ඉක්මවා වියදම් කළා. මේවා නිවැරදි කරගෙන අප ඉදිරියට යා යුතුයි. ඒ නිසා අපිට අලුත් ආර්ථිකයක් අවශ්‍යයි. අපි සැලසුම්සහගතව රට තුළ එම ආර්ථිකය ගොඩනගමින් සිටිනවා.
එය රැකියා උත්පාදනය කරන ආර්ථිකයක් වගේම විදේශ විනිමය අතිරික්තයක් ලබා දෙන, අතිරික්ත ආදායමක් ලබා දෙන ආර්ථිකයක් විය යුතුයි. එහිදි අපනයන පදනම් කරගත් කෘෂි ආර්ථිකයක් පිළිබඳ අප විශ්වාස තබා තිබෙනවා.
උතුරු පළාත සුවිශේෂී ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස උතුර ගොඩනැඟිය හැකියි. උතුරු පළාත සංවර්ධනයට අවශ්‍ය සියලු සම්පත් එහි තිබෙනවා. උතුර පමණක් නොව රටේම සංවර්ධනයට එය දායක කරගත හැකියි.
ඒ සඳහා දැනටමත් ප්‍රමාණවත් තරම් බලය බෙදීමක් සිදුව තිබෙනවා. 13 වන සංශෝධනය හරහා ලැබී තිබෙන බලතල එම කටයුතු සඳහා ප්‍රමාණවත් කියා අප සිතනවා. කොළඹින් මුදල් එනතුරු බලා නොසිට සියලුදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස මම ඉල්ලා සිටිනවා.
ජපානය කෙරෙහි අවධානය යොමු කළහොත් ජපානය ෆෙඩරල් රාජ්‍යයක් නෙවෙයි. නමුත් එහි සියලු පළාත් සංවර්ධනය වී තිබෙනවා. ඒ වගේම කොරියාව, එක්සත් රාජධානිය, ස්කොට්ලන්තය එම දියුණුව ලබාගෙන තිබෙනවා. ඒසේ නම් ඇයි අපට රටක් ලෙස අපේම ආර්ථිකයක් ගොඩනගාගත නොහැකි.

බලය බෙදීම ගැන කතා කරනවා වගේම, එම බලතල තම පළාත්වල දියුණුවටත්, රටේ දියුණුවටත් යොදා ගත යුතුයි. අපි දේශපාලනික වශයෙන් බලය බෙදීම පිළිබඳ කතා කරනවා. නීතියෙන් මෙම සියලු බලතල ලබා දිය හැකිය. නමුත් ඔබගේ පළාත දියුණු කිරීමට අවශ්‍ය තරම් මුදල් නැති නම් එහි ඇති වටිනාකම කුමක්ද කියා අප විමසා බැලිය යුතුයි.
බලය බෙදීම පිළිබඳ අපට විවිධ අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් අද වන විට තමන්ගේ වියදම තමන්ටම සලසා ගැනීමට හැකියාවක් තිබෙන්නේ බස්නාහිර පළාතට පමණයි. ඒ අනුව අනෙක් සියලුම පළාත් බස්නාහිර පළාතට සම්බන්ධ වෙනවා. එසේනම් තමන්ගේ පළාත දියුණු කිරීමට තම පළාත් තුළින්ම ශක්තිමත් විය යුතුයි.
ඔබේ පළාතේ විදේශ භාෂා පාසලක් ඇති කිරීමට අවශ්‍ය නම් රජය ඊට මුදල් ලබාදිය යුත්තේ ඇයි. ඒ සඳහා ඉල්ලුමක් තිබේ නම් සහ අවශ්‍යතාවය තිබේ නම් ඔබට එය පහසුවෙන් ආරම්භ කළ හැකි විය යුතුයි. සිසුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය ආධාර ලබාදීම රජය සිදු කරනවා. ලෝකයේ සෑම රටකම පවතින අධ්‍යාපනය ක්‍රියාත්මක එයයි. මට කළහැක්කේ මේ රටේ කඩාවැටුණු ආර්ථිකය නැවත සකස් කිරීම පමණයි.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, අංගජන් රාමනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් , ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන් දියණිය, සිය පවුලේ සාමාජිකයන් සමග මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.
කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ඇය වෙත සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය
කිල්මීෂා උදයශීලන් දියණිය මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක් ද ගායනා කරනු ලැබීය

ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-05

SendShareShare
Previous Post

එකදිගට අවුරුදු 45ක් ශ්‍රීලනිපයේ ඉඳලා ඇයි ශාන් සජිත් එක්ක එකතු වුණේ? මෙන්න ශාන්ම කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

1980ට තිබ්බ සිමෙන්ති කොට්ටේ 2300ක් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.