• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිරිලක දේ සිරිසැප දේ! Sri Lanka Latest News

October 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
සිරිලක දේ සිරිසැප දේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිරිලක දේ සිරිසැප දේ යන තේමා පාඨය මෙරට ශ්‍රීලනිපය ප්‍රමුඛ වාමාංශික පක්ෂ ආණ්ඩුවල පමණක් නොව ජවිපෙත් ප්‍රධාන සටන් පාඨයකි. ජවිපෙ හැමදාම කීවේ දේශීය ගොවියා විනාශ කිරීමට බහුජාතික කොම්පැනිවල කුමන්ත්‍රණයක් තියෙන බවත් ඒ කුමන්ත්‍රණවලින් දේශීය ගොවියා ආරක්ෂා කරගන්නේ ජවිපෙ බවත්ය. වෘත්තීය සමිති කේන්ද්‍ර කරගත් ජවිපෙ ගොවි ජනතාව පක්ෂය වටා ඒකරාශී කරගත්තේ ඒ සටන් පාඨයෙනි.

ලංකාවේ හැම විටම දක්ෂිණාංශික යූ.ඇන්.පී.ය බලයට ආ විට සියල්ල ආනයනය කරයි. වාමවාදී ශ්‍රීලනිපය බලයට ආ විට දේශීය වෙළෙඳපළ ආරක්ෂා කරයි. සහල් ගොවියා, ලූනු ගොවියා, අල ගොවියා ආරක්ෂා කිරීම ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තියේ අංක එකය.

ජවිපෙ බලයට පත්වෙන්න කලින් කීවේ ශ්‍රීලනිපයෙන් හෝ වාමාංශික පක්ෂවලිනුත් දේශීය ගොවියා ආරක්ෂා නොවන නිසා තමන් බහුජාතික කොම්පැනි පලවාහැර දේශීය ගොවියා ආරක්ෂා කරන බවය. එහෙත් ජවිපෙ බලයට ආ අලුත ලුණු හිඟයක් ඇතිවූ විට පිටරටින් ලුණු ගේන්න වහාම තීරණය කළේය. බිත්තර මිල වැඩිවූ විට පිටරටින් බිත්තර ගේන්න තීරණය කළේය. දැන් මොනයම් හෝ ආහාර හිඟවීමක් හෝ මිල වැඩිවීමක් වන්නේ නම් ජවිපෙ පළමුව කරන්නේ ඒවා ආනයනය කිරීමය. එපමණක් නොව පිටරටින් හාල් ආනයනය කරන තැනටද ජවිපෙ පත්ව සිටී.

දැන් ජවිපෙ ආණ්ඩුව අලුතින්ම ආනයනය කරන්න යන්නේ බස් රථය. ලංකාවේ බස් නිෂ්පාදන සමාගමක් තිබේ. ඒ, අශෝක් ලේලන්ඩ්ය. ඒ බස් නිෂ්පාදන සමාගම වර්ධනය කර ගන්නවා වෙනුවට පිටරටින් බස් ගෙන්වීම ලංකාවේ බස් කර්මාන්තය විනාශ කර දැමීමකි. මේ බව පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙක් පෙන්වා දුන්නේය.
මෙලෙස සියලු දේ ආනයනය කිරීමෙන් ලංකාවේ විදේශ විනිමය හිඟ වෙයි. විදේශ විනිමය හිඟ වීමෙන් ලංකාවේ ණය ස්ථායී බව දුර්වල වෙයි. ලංකාවේ පළමුවෙන්ම කාර් කොම්පැනියක් පටන්ගත්තේ උපාලි විජයවර්ධනය. ඒ උපාලි කාර්ය. ඔහු මේ කොම්පැනිය පටන්ගත්තේ 1970දීය. ඒත් 1977 ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකයෙන් ඒ කොම්පැනිය අසරණ විය. 1995 ලංකාවේ මයික්‍රෝ කොම්පැනිය කාර් එකලස් කිරීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තේය. අද මයික්‍රෝ කාර් ගැන කතාකරන්නේ නැත.
ජවිපෙ-ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූ විට ජනතාව හිතුවේ දේශීය නව නිර්මාණ බිහිවී ලංකාවේ නව ව්‍යවසායක පන්තියක් බිහිවනු ඇතැයි කියාය. එවැන්නක් සිදුවෙන පාටක්වත් පේන්න නැත.

ඒ වෙනුවට ආනයනකරුවන් බිලියනපතියන් වී මඩිය තරකර ගන්නා ආකාරයක් පෙනේ. මේ ආනයනකරුවෝ පසුගිය ආණ්ඩුවලින් තරවූ අයය. ජවිපෙ ආණ්ඩුව බලයට එන බව ආරංචි වී ඔවුන් බියට පත්වූයේ ජවිපෙ දේශීය දේ නගාසිටුවන මහා මෙහෙයුමක් දියත් කරනු ඇතැයි කියාය. චීනය දියුණු වූයේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් තුළය. ඉන්දියාව එරට වෙළෙඳපළ ලෝකයාට විවෘත කළේ සෙමින්ය. ලංකාවට වර්ණ රූපවාහිනී එනවිට ඉන්දියාවේ තිබුණේ කළු-සුදු රූපවාහිනිය. ලංකාවට බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. වාහන එන විට ඉන්දියාවට තිබුණේ ඉන්දියාවේ නිෂ්පාදිත ඇම්බැසඩර් කාර්ය.

අද ඉන්දියාවේ ටාටා, සුසුකි වාහන ලංකාවේද ඉතා ජනප්‍රියය. චීනයේ නිෂ්පාදිත බී.වයි.ඩී. වාහනය ලොව නොම්මර එකේ වාහනයකි. එම රටවල් දේශීය වාහනවලට මුල්තැන දී හෙමින් හෙමින් විදේශ වාහනවලට විවෘත කළ නිසා දේශීය වාහන නිෂ්පාදනය කරන ව්‍යවසායකයන් බිහිවී තරගකාරී ආර්ථිකයක් නිර්මාණය විය.

ලංකාවේ හිටපු ආණ්ඩු හැමදේම පිටරටින් ආනයනය කොට පිටරට බඩු හොඳයි යන මතය මිනිස්සුන්ට කාවැද්දවීමත් විදේශ බඩු ආනයනයෙන් හොරකමට දූෂණයට පාර කැපීමත් නිසා සිරිලක දේ සිරිසැප දේ යන තේමාව අමතක විය. ජවිපෙ මේ වැඩේට අතගහන්නේ නැතිනම් යළි බලයට එන කිසිදු ආණ්ඩුවක් මේ වැඩේට අතගහයි කියා සිතිය නොහැක.

SendShareShare
Previous Post

ගල්කිස්සේ පහර දුන්නේ නීතීඥයාද? පොලිස් කොස්තාපල්ද? මෙන්න වීඩියෝ එකක් එළියට ඇවිල්ලා! VIDEO I Sri Lanka Latest News

Next Post

රට පුරාම ජනතාව එළියට බහී! අමෙරිකානු ඉතිහාසයේ ලොකුම විරෝධතාව! ගෝඨා ගියා වගේ ට්‍රම්ප්වත් මිනිස්සු පන්නයි වගේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.