• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති මන්දිරේ තියෙන කළුවර කාමරේ මොකක්ද?

July 17, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපති මන්දිරේ තියෙන කළුවර කාමරේ මොකක්ද?
Share on WhatsAppShare on Facebook

කට්ට කළුවර කාමරයක්. ඒක අස්සෙ ඉන්න තරුණයෙක්. ඔහු කතා කරනවා. මේ කොහෙද? මේ තමයි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගෙ නිල නිවෙස. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා තමන්ගෙ නිල නිවෙසේ රහසිගත තැනක රහසිගත කාමරයක් තියාගෙන හිටියා. මේ කාමරේ මොකක්ද? ඒක ඇත්තටම පාවිච්චි කළේ මොනවටද? ඒක නිල වශයෙන් යම් කිසිවෙක් වහාම පැහැදිලි කළ යුතුයි. නමුත් මේ තරුණයා කියන කතන්දරය හරහා අපිට මැවෙන්නේ ඉතා භයානක චිත්‍රයක්. ඔහු එක තැනකට ගිහිල්ලා අත් දෙක දෙපැත්තට කරලා පෙන්නනවා. මේ කාමරය ඇතුළේ මෙන්න මේ විදියට තරුණයො ගෙනල්ලා බැඳලා තියලා ඔවුන්ට වධ දීලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න ඇති කියලා. එතැන තියෙනවා ප්ලාස්ටික් පුටුවක්. මේක දැක්කම අපිට මතක් වෙන්නේ සමහර දෙමළ චිත්‍රපට. සමහර ඉංග්‍රීසි චිත්‍රපට.

සමහර විට ඔබ දැකලා ඇති මේ පන්නයේ චිත්‍රපටවල මිනිස්සුන්ට වධ දීලා උන්ව බැඳලා තියලා කවුරු හරි මැරයෙක් දේශපාලකයෙක් චණ්ඩියෙක් ඇවිල්ලා උගෙන් ප්‍රශ්න අහනවා. තරුණයා ඉන්නෙ ඔළුව පාත් කරගෙන. සමහර තැන් තුවාල වෙලා. ලේ ගලනවා. ඒ ලේ ගලන මනුස්සයගෙ අත් දෙක දෙපැත්තට කරලා බැඳලා තියෙන්නේ. මේ කාමරේ ඒ ජාතියෙ එකක්ද? ඒ සම්බන්ධව කිසිදු නිවැරැදි පැහැදිලි කිරීමක් හෝ නිවැරැදි අර්ථ දැක්වීමක් නෑ. ඇත්තටම රටක ජනාධිපතිවරයාගේ කාමරය ඇතුළේ මේ වගේ රහසිගත ගුහාවක් තියෙන්න ඕනෙකමකුත් නෑ. එතැනට ගිය අය ඉන්නවා නම් එතැනට යම් කිසි විදියකින් අරගෙන ගිය අය ඉන්නවා නම් සමහර විට ඒ අය ඉන්නේ අද කතා කරන්න පුළුවන් තත්ත්වයක නොවෙන්න ඇති. ඒත් සමහර විට මේ කාමරය හදලා තියෙන්නේ වෙන කුමක් හෝ කටයුත්තකට වෙන්නත් පුළුවන්. රාජකාරි කටයුත්තක් නොවෙන, මොකක් හරි වුවමනාවකට මෙහෙම කාමරයක් කොහෙ හරි තැනක තියෙනවා වෙන්නත් ඇති. සමහර වෙලාවට වර්තමාන ජනාධිපතිවරයා මෙහෙම කාමරයක් ගැන නොදන්නවා වෙන්නත් පුළුවන්. මොකද ජනාධිපති මන්දිරයට ගිහිල්ලා වැඩ භාරගත්තට පස්සේ ඒක කාමරවල දිග පළල හොය හොයා ඉන්න එතුමට වෙලාවක් නැතිවෙන්නත් ඇති. මොකද මෙහෙම රටක් පාලනය කරනකොට ඒකෙ හැම අස්සක් මුල්ලක් ගැනම හොය හොයා ඉන්න ඒ ජනාධිපතිට අවස්ථාවක් නෑ. මොකද හේතුව, ජනාධිපතිවරයෙක් කියලා කියන්නේ විශාල රාජකාරි ප්‍රමාණයක් තියෙන කෙනෙක්. කොටුවෙ ජනාධිපති මන්දිරය කියලා කියන්නේ අදක ඊයෙක හදපු එකක් නෙවෙයි. ඒක ඉතා පැරැණි ගොඩනැගිල්ලක්. එහෙම පැරැණි ගොඩනැගිල්ලක් ඇතුළෙ සමහර වෙලාවට එදා සුද්දො ඇවිල්ලා තමන්ට ඕනෙකමට හදාගත්ත සමහර කාමර තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේකට ජනාධිපතිවරුන්ට විතරක් ඇඟිල්ල දික්කරලා හරියන්නෙ නෑ. හැබැයි මේ කාමරයට ඇතුළේ වර්තමාන සැලැස්ම, ඒ තියලා තියෙන පුටුව, ඔය කියන අත්දෙක දෙපැත්තට තියලා බඳින්න පුළුවන් කියන ඒ කණු වගේ දේවල් ඒවා එදා සුද්දො ගෙනල්ලා තියපු විදියටම අදත් තියෙනවා කියන එක වෙන්න බෑ. ඒක නිසා යම් කිසි ප්‍රශ්නයක් මෙතැන තියෙනවද? එහෙම නම් කරුණාකරලා මේවට උත්තර දෙන්න ඕනෙ. මොකද මේ වගේ පුංචි දේවල් වුණත් මඟහරින්න කිසිවෙක්ට අයිතියක් නෑ. හැබැයි ඉතින් රටක් වගේ ලොකු දෙයක් මඟහැරලා පැනලා යන දේශපාලකයන්ගෙන් මීට වඩා සාධාරණයක් බලාපොරොත්තු වෙන්නත් අපට බෑ. ඒක නිසා අපි බලාගෙන ඉමු මොකක්ද වෙන්නේ කියලා.

කොහොම නමුත් හොඳට මතක තියාගන්න ඕනෙ. මේක රටක්. රටක් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඇත්තටම මේ ගොඩනැගිල්ල කොච්චර පැරැණිද? ඒකත් අපි දැනගෙන ඉන්න ඕනනෙ. ඒ ගැන හොයලා බැලුවොත් සමහර වෙලාවට අපට තේරෙයි මේ වගේ මන්දිර සැලසම් කරද්දී සමහර වෙලාවට සමහර කාමර, සමහර රහසිගත තැන්, සමහර ගබඩා කාමර, සමහර උමං මාර්ග, සමහර සැඟවුණු තැන්, රහසින් පිටවිය හැකි තැන් වගේ දේවල් හදනවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් ඔවුන් කියන විදියට මේ කාමරය තියෙන්නේ පොළොව යට නෙවෙයි. සාමාන්‍යයෙන් අපිට හිතෙනවනෙ මේක මේ යටක හංගලා තියෙන තැනක් කියලා. හැබැයි මේක තියෙන්නේ උඩම තට්ටුවෙ සොල්දරය තුළ කියලා තමයි මේක සොයාගත්ත අය කියන්නේ. සමහර වෙලාවට මේ සොල්දරය කියන එක ලන්දේසි යුගයෙ ගොඩනැගිලි සම්ප්‍රදායට අනුව ගත්තම සාමාන්‍ය දෙයක්. සොල්දරය කියන එක ලොකු ආලෝකයක් තියෙන තැනකුත් නෙවෙයි. ඒ තැනට විදුලි බුබුළු භාවිත කිරීමක් වෙන්නෙත් නෑ. ඒ කියන්නේ මේ සොල්දරය කියන එක බොහෝ තැන්වල ස්ථිර පදිංචියට හදාගත්ත එකක් නෙවෙයි. ඒක අවශ්‍ය වුණොත් බඩුමුට්ටු ටික දාලා තියන්න හදාගත්තු තැනක් විදියටයි පැරැණි නිවාසවල භාවිත වෙලා තියෙන්නේ. ඒ නිසා මේකත් ඒ විදියේ එකක් වෙන්නත් පුළුවන්. කොරහෙ කිඹුල්ලු දකිනවා වගේ අනවශ්‍ය විදියට කලබල වෙලා කාටහරි චෝදනා කරලා මේ මිනිස්සු, මිනිස්සු මැරුවාය කියනවාට වඩා, මේ ගැන ටිකක් හොයා බලන එක හොඳයි. මේ සම්බන්ධව දන්න කියන අයට පුළුවන් මේ ගැන අදහස් ඉදිරිපත් කරන්න. ඒකට හේතු වෙන්නේ අපි වගකිව යුතු මාධ්‍යයක් විදියට අපට බෑ කවුරුන් හෝ කියූ පමණින් මේ ගැන කරුණු කියන්න. ඒ වගේම පවතින තත්ත්වය මත මේ මොහොතේ අදහස් විමසන්න ඒ ගැන ඇත්ත නැත්ත හොයන්න, ඇත්තටම මේක මොක්කද කියලා අහන්න කිසිදු වගකිව යුත්තෙක් නෑ. ඔවුන් සමහර අය හොයාගන්න නෑ. සමහර අයට උත්තර දෙන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඉතින් ඒ නිසා මේ විදියෙ තැනක ඔබට යම් කිසි අදහසක් තියෙනවා නම් අපට කියන්න. අපිත් හොයනවා ඇත්තටම මේක මොකක්ද කියලා. මේ තරුණයො කියන විදියට මේ කුටිය කොල්ලො ගෙනල්ලා වධ දුන්නු තැනක්ද, නැත්නම් සාමාන්‍ය තැනක්ද කියලා අපිත් හොයනවා. කොහොම වෙතත් දැන් ජනාධිපති මන්දිරයෙ උඩුමහලෙ තියෙන්නේ ටිකක් අනාරක්ෂිත තත්ත්වයක කියලා අපට ආරංචි වුණා. පඩිපෙළ එහෙම ගමන් කළ හැකි මට්ටමක නෙවෙයි තියෙන්නේ කියලා අපට දැනගන්න ලැබුණා. ඒ නිසා මේ වධකාගාරය, නැත්නම් මේ කාමරය හොයන්න යන්න එපා. මේවා හොයන්න ඕනෙ දේවල් නෙවෙයි. මේකෙ ඇත්ත නැත්ත හොයලා අපි ඔබට කියන්නම්. එදාට අපි ආයෙත් කතා කරමු.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජනපති ජන්දෙට පැය 48යි! එකසිය ගණනින් ඉහළ දැමූ තෙල් මිල රනිල් රුපියල් විස්සකින් පහළ දමයි! ‌

Next Post

විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්! සජිත් වාහනයෙන් බැස උද්ඝෝෂකයන් මැදට ගිහින් කතා කරයි! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.