• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැරතන් එක තිබ්බේ උදේ පාන්දර! තරගයට කලින් සියලු දෙනාම රෝහලට අරන් ඇවිත් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළා! ඉස්පිරිතාලෙදිත් හොඳට කතාබහ කළා! මීට කලිනුත් මැරතන් දුවලා කප් ගහලා තියෙනවා! තිරුක්කෝවිල් මෙතෝදිස්ත පාසලේ මැරතන් දිවූ විදූෂගේ මරණයට හේතුව මොකද්ද? තිරුක්කෝවිල් රෝහලෙන් අතපසුවීමක් වුණාද? I Sri Lanka Latest News

March 13, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහා විද්‍යාලයේ සිසුවෙකු මැරතන් තරගයක් අතරතුර හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය යෑමේ සිද්ධිය ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය.Sri Lanka Latest News

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මැද මෙවැනි ක්‍රීඩා තරග පැවැත්වීම පිළිබඳවත්, තිරුක්කෝවිල් රෝහලේදී සිදුවු බව කියන ප්‍රමාදය පිළිබඳවත්, ප්‍රදේශවාසීන් අතර මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයක් ද මතුව තිබුණි.

16 හැවිරිදි ජෙයකුමාර් විදූෂන් සිසුවාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම විසින් අද (මාර්තු 12 වැනිදා) පැවත්වනු ලැබීය.

මෙම සිසුවාගේ මරණයට හේතුවුයේ කුමක්ද ? ඒ පිළිබඳ මතුවන කරුණු පිළිබඳ බීබීසී සිංහල විමසා බැලීමක් කළේය.

16 හැවිරිදි මෙම සිසුවාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම විසින් අද (මාර්තු 12 වැනිදා) පැවත්වනු ලැබීය.

මොකද්ද මේ මැරතන් තරගය?

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්විමට තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහා විද්‍යාලය කටයුතු සංවිධානය කරමින් තිබිණි.

එයට සමගාමිව පවත්වනු ලබන මැරතන් ධාවන තරගය (මාර්තු 11වැනිදා ) උදෑසන පවත්වනු ලැබීය. මෙම මැරතන් ධාවන තරගයට ළමුන් 30 දෙනෙකු පමණ සහාභාගි වීමට නියමිතව තිබිණි.

විදුහලේ ක්‍රිඩා භාර ආචාර්ය යු.කේ.ප්‍රසාද් විසින් මැරතන් ධාවනයට සහාභාගි වෙන දරුවන් තිරුක්කෝවිල් රෝහලට ගෙනවිත් තරගයට පෙර එම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලැබීය.

පසුව පෙරවරු 6.45 ට පමණ මැරතන් ධාවන තරගය තිරුක්කෝවිල් ඔරලෝසු කණුව අසළින් ආරම්භ කරනු ලැබීය. එම ස්ථානයෙන් ආරම්භ කරන ලද මැරතන් ධාවන තරගය කලුදාවලි පුල්ලයාර් කෝවිල අසළට ගොස්, එතැනින් හැරී නැවත තිරුක්කෝවිල් ඔරලෝසු කණුව අසළින් නිමා කිරීමට නියමිතව තිබුණි.

මෙම මැරතන් ධාවන තරගයේ දුර කිලෝමිටර් 8 ක් පමණ වූ අතර තරගයට මෙම විදුහලේ ජෙයකුමාර් විදූෂන් සිසුවාද සහාභාගි විය.

“පුතා උදේ ස්කොලේ ගියා. මම මේසන් වැඩ කරන්නේ මම වැඩට ගියා. පුතා උදේ කෑම කැවේ නැහැ මැරතන් ධාවනය සහාභාගි වෙන හින්දා. මම වැඩ කරමින් ඉන්න කොට මට පණිවිඩයක් ආවා පුතා රෝහල් ගත කරා කියලා මම එනකොට පුතා අක්කරපත්තුව රෝහලට යවලා පස්සේ දැනගන්න ලැබුණා පුතා මැරුණා කියලා. මම දන්න විදියට අවුරුදු හයේ ඉදන් මගේ පුතා මැරතන් ධාවනය කරනවා. මැරතන් ධාවනය කරල එයා ගොඩක් ජයග්‍රහණ කරා. මේ වගේ දෙයක් වෙයි කියලා මම හිතුවේ නැහැ.” මියගිය ජෙයකුමාර් විදූෂන් සිසුවාගේ පියා වන එල්.ජෙයකුමාර් කීය.

“මේ මැරිලා තියෙන්නේ මගේ අක්කගේ පුතා. මැරතන් තරගය අවසන් කරන්න මීටර් 50 ක් විතර තිබුණා. ඒ වෙලාවේ පුතා යාලුවෙකුට කියලා තියෙනවා මට ටිකක් අමාරුයි රෝහලට යමු කියලා.තරගයව අවසන් වෙනකොටම පුතා රෝහලට ගියා ඔහු වෛද්‍යවරුන්ට ඔහුගේ නම පවා ප්‍රකාශ කරලා තියෙනවා.රොහලේදී දරුවට ප්‍රතිකාර කරත් එතැන තියෙන පහසුකම් මදි නිසා අක්කරපත්තුව රෝහලෙන් පහසුකම් තියෙන ගිලන් රථයක් ගෙනත් තමයි දරුවා අරගෙන ගියේ.තිරුක්කෝවිල් රෝහලේ වුණ ප්‍රමාදය නිසා තමයි දරුවා මියගියේ. මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා” යැයි මියගිය ජෙයකුමාර් විදූෂන් ගේ මාමා වන මුර්ති විජයකුමාර් බීබීසී සිංහල වෙත පැවසීය.

මෙම දරුවාගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විමට නැගෙනහිර පළාත් සභාවේ  අධ්‍යාපන ලේකම් ගිතාංජන දිසානායක විසින් විශේෂ කණ්ඩායමක් මේ වෙනවිට තිරුක්කෝවිල් ප්‍රදේශය වෙත යවා තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,මෙම දරුවාගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විමට නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් ගිතාංජන දිසානායක විසින් විශේෂ කණ්ඩායමක් මේ වෙනවිට තිරුක්කෝවිල් ප්‍රදේශය වෙත යවා තිබේ.

මෙම දරුවාගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විමට නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් ගිතාංජන දිසානායක විසින් විශේෂ කණ්ඩායමක් මේ වෙනවිට තිරුක්කෝවිල් ප්‍රදේශය වෙත යවා තිබේ.

නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ගිතාංජන දිසානායක බීබීසී සිංහල වෙත ප්‍රකාශ කරේ “අපි චක්‍ර ලේඛණ යවල තියෙන්නේ අව්වේ දරුවන් කියන්න එපා කියලා විතරයි.ක්‍රීඩා තරග පවත්වන එපා කියලා නැහැ. තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් විදුහලේ මෙම මැරතන් තරගය පවත්වන්න පෙර විදුහලේ ක්‍රීඩා ගුරුවරයා විසින් මෙම දරුවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා තියෙනවා. වෛද්‍ය පරීක්ෂණයෙන් පසු තමයි සියලුම දරුවන් තරගයට යොමු කරල තියෙන්නේ. මැරතන් තරගය තියල තියෙන්නේ උදේ පාන්දර. දැනට කරන ලද මුලික විමර්ශනවලදි විදුහලේ පරිපාලනය විසින් නිවැරැදි අයුරින් කටයුතු කරල තියෙනවා” යැයි ඔහු පැවසීය.

“තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කරලා තියෙන දරුවාගේ මරණය සම්බන්ධව දැනට අපි මුලික පරීක්ෂණ ආරම්භ කරල තියෙනවා.දැනට තිරුක්කෝවිල් වෛද්‍ය අධිකාරිවරයාගෙන් සහ ප්‍රථිකාර කරපු වෛද්‍යරයාගෙන් ප්‍රකාශ ගන්න අපි සුදානම් කරල තියෙනවා.මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ත්‍රිකුණාමලය පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කරනවා. එයට කලින් අපි මුලික විමර්ශන සිදුකරනවා. රෝහලෙන් වැරුද්දක් වුණාද නැද්ද කියලා කියන්න වෙන්නේ පරීක්ෂණ අවසන් වීමෙන් පසුව” බව කල්මුනේ නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ෂකිලා ඉෂදින් බීබීසී සිංහල වෙත පැවසුවාය.

මැරතන් ධාවනයේදී මියගිය ජෙයකුමාර් විදූෂන් පවුලේ පළමු දරුවා වන අතර ඔහුට තවත් සහෝදරයෙක් සිටියි.

මෙම සිද්ධියෙන් පසු කුපිතවු ප්‍රදේශයේ ජනතාව සහ පාසැල් දරුවෝ තිරුක්කෝවිල් රෝහල ඉදිරිපිට (මාර්තු 11 වැනිදා) විරෝධතාවයක් ද පවත්වනු ලැබූහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,මෙම සිද්ධියෙන් පසු කුපිතවු ප්‍රදේශයේ ජනතාව සහ පාසැල් දරුවෝ තිරුක්කෝවිල් රෝහල ඉදිරිපිට (මාර්තු 11 වැනිදා) විරෝධතාවයක් ද පවත්වනු ලැබූහ.

තිරුක්කෝවිල් රෝහල ඉදිරිපිට විරෝධතාවයක්

මෙම සිද්ධියෙන් පසු කුපිතවු ප්‍රදේශයේ ජනතාව සහ පාසැල් දරුවෝ තිරුක්කෝවිල් රෝහල ඉදිරිපිට (මාර්තු 11 වැනිදා) විරෝධතාවයක් ද පවත්වනු ලැබූහ. එහිදි ඇතැම් පිරිස් ගල්මුල් වලින් පහරදුන් අතර මාර්ගය අසල තිබු රෝහලේ නාමපුවරුව ද විනාශ කරනු ලැබූහ.

තත්ත්වය පාලනය කිරිමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ද පැමිණි අතර පසුව ශ්‍රි ලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරිගේ උපදෙස් පරිදි 241 බල සේනාධිපති බ්‍රිගේඩියර් දනික පතිරත්න ඇතුලු යුද හමුදා සාමාජිකයින් කණ්ඩයමක්ද පැමිණියේය.

පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව කුමක් ද?

මියගිය දරුවාගේ මරණය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම විසින් සිදුකළ අතර ඔහු මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

මියගිය දරුවාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා එයින් ලැබෙන ප්‍රතිඵල අනුව තීන්දුව ප්‍රකාශයට පත් කරන බව අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම බීබීසී සිංහල වෙත පැවසීය.

අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම විසින් සිදුකළ අතර ඔහු මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
ඡායාරූප ශීර්ෂ වැකිය,අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම විසින් මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිහිකැඳවීමක්

මේ අතර, පවතින අධික උෂ්ණත්වය සහිත කාළගුණය මත පාසල් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව නිර්දේශ පිළිබඳ යළි සිහිකැඳවමින් සියලු ම පාසල් වෙත අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා අද (මාර්තු 12 වැනිදා) ලිපියක් යවා තිබේ.

මේ අතර, පවතින අධික උෂ්ණත්වය සහිත කාළගුණය මත පාසල් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව නිර්දේශ පිළිබඳ යළි සිහිකැඳවමින් සියලු ම පාසල් වෙත අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා අද (මාර්තු 12 වැනිදා) ලිපියක් යවා තිබේ.

උණුසුම් කාලගුණය හමුවේ අනුගමනය කළ යුතු පියවර මොනවාද?

වෛද්‍ය උපදෙස් අනුව:

  • හැකි තරම් පිරිසිදු ජලය පානය කිරීම
  • හිරු රශ්මියෙන් වැළකී සිටීම සඳහා සන් ක්‍රීම් භාවිත කිරීම
  • උෂ්ණත්වය පිට නොවන ආකාරයේ ආවරණය වූ ඇඳුම් ඇඳීමෙන් වැළකීම (සුදු හෝ ලාපැහැති සැහැල්ලු ඇඳුම් උචිතය)

උණුසුම අවම කර ගැනීම සඳහා ගත හැකි පියවර

  • නිවසේ දොර ජනෙල් විවෘත කර තැබීම
  • දැඩි අවුරශ්මිය පවතින අවස්ථාවල නිවසින් බැහැර යාමෙන් වැළකී සිටීම
  • ස්නානය කිරීම
  • නිවසින් බැහැර දීර්ඝ ගමනකදී කල් තියා සැලසුම් කිරීම (අවශ්‍ය ජලය සහ පාන වර්ග සකසා ගැනීම සඳහා)
  • හිස ආවරණය කර ගැනීම සඳහා හිස් වැස්මක් භාවිත කිරීම
  • අධික උෂ්ණත්වය හමුවේ පීඩාවට පත් විය හැකි පවුලේ සාමාජිකයන්, ඥාතීන් පිළිබඳ විමසිලිමත් වන්න

BBC සිංහල

SendShareShare
Previous Post

විපක්ෂනායක සජිත්ගේ සක්වල නොනවතින රැල්ල අද අනුරාධපුරයට! 122 වැනි ස්මාර්ට් පන්ති කාමරය කේ. බී. රත්නායක විදුහලේ දරුවන්ට! VIDEO I Sri Lanka Latest News

Next Post

ආරුගම්බේ හෝටලයකින් කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරු සොයාගනී! Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.