පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක කාමරයක තිබී කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු දෙකක් හමුව තිබේ. (Sri Lanka Latest News)
කාන්තාවකගේ සිරුර කාමරයේ ලේ තැවරී තිබූ බවත් නාන කාමරය තුළ පිරිමි පුද්ගලයා ගෙල වැලලාගෙන සිටි බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම දෙදෙනා කාමරය විවෘත නොකිරීම හේතුවෙන් ආරුගම්බේ පොලිස් මුරපොලේ නිලධාරීන්ට කරන ලද දැනුම් දීමකින් පසුව කාමරයේ දොර කඩා විවෘත කරන විට කාන්තාවක් කාමරයේ ලේ තැවරී මියගොස් සිටි බවත් නාන කාමරය තුළ පිරිමි පුද්ගලයා ගෙල වැලලාගෙන ඇති බවත් දැක ගැනීමට ලැබී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ මහකළුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ 51 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය විමර්ෂණ සිදු කරයි.
dinamina










