අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ රිට් ආඥාවක් නිකුත් කළේය. Sri Lanka Latest News
දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ, සභාපති විනිසුරුවරයා කියා සිටියේ ජනාධිපති මන්දිරයේ දී සොයා ගත් මුදල් හිටපු ජනාධිපතිවරයාගේ බවට කරුණු ඉදිරිපත් වී නොමැති බවය.
එමෙන්ම අදාළ මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් තීන්දුවේ සඳහන් විය.
ඒ අනුව මෙම පුද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා පෙත්සම්කරුට සැකකරුවෙකු වශයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කිරීමටත් නියෝග කළේය.
ඊට අමතරව පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයාට නියෝග කරන ලදි.
BBC සිංහල