නියමිත පරිදි ඉකුත් මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. Sri Lanka Latest News
බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (27) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.
ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන අය විසින් පෙත්සම ඉදිරිපත් කළේය.
පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවමත් සිදුවෙමින් පවතී.